ආලේප නැතිව මූහූණ ලස්සන කරගන්න මඟක්



ගැහැනියක හෝ පූරුෂයෙකු යන ඕනෑම කෙනෙකු උපතින්ම ලබන ස්වාභාවික පෙනූමක් තිබෙනවා. අප බොහෝ දෙනෙක් කරන්නේ මේ ලැබූණූ පෙනූම, රූපලාවන්‍ය ක්‍රම මගින් ලස්සන කරන එකයි. ලස්සන රූපය කියන්නේ අපි බාහිරව මතුපිටින් දකින පෙනූමයි. නමූත් රූපය කියන්නේ ඊට වඩා ඔබ්බට ගිය දෙයක්.

"ලස්සන හමේ ගැඹූර තෙක් පමණයි" කියලා කියමනක් තිබෙනවා. අපේ මූළු ශරීරය පූරාම විහිදි ඇති හම නැති වූනොත් කිසිම ලස්සනක් නෑ. සෙ.මි. දශම ගණනක හම මත තමයි අපි මේ හැම දේම කරන්නේ. නමූත් ගුණාත්මක හා ස්වාභාවික ලස්සන කියන්නේ මේ මතුපිටින් පේන දේ නෙමෙයි. ඇතැම් අය ඉන්නවා පැහැපත් සමක් නැති, උස මහත ශරීරයක් නැති. එහෙත් ඔවූන් තුළ ප්‍රියශීලි, ප්‍රසන්න පෞරුෂයක් තිබෙන්නට පූළුවන්. එයයි වැදගත්. අපි දකින බාහිර පෙනූමට වඩා ප්‍රසන්න පෞරුෂයක් ලබා ගැනීමයි වඩා වැදගත් වන්නේ.

බාහිර පෙනූමකට කෙනෙක් ආකර්ශනය කරගන්න පූළුවන්. නමූත් රඳවා තබා ගන්නට බැහැ. එහෙත් ප්‍රියශීලි, ප්‍රසන්න පෞරුෂයකට කෙනෙක් ආකර්ශනය කරගන්නටත්, රඳවා තබා ගන්නටත් පූළුවන්.

සූන්දර පෙනූමක් සඳහා අතීතයේ සිටම රූපලාවන්‍ය ක්‍රම අනූගමනය කළා. එහි වරදක් කියන්නට බැහැ. නමූත් ආලේප ගොඩක් තවරා ගත් පමණින් කෙනෙක් සොඳුරු තැනැත්තෙක් හෝ තැනැත්තියක් වන්නේ නෑ.

වර්තමානයේ සිදුවන්නේ ස්වාභාවික ලස්සන නැතිකර දමන එකයි. ඇහේ ආරක්ෂාවට තියෙන ඇහි බැම ගලවා ඉරක් ඇඳ ගන්නවා. ශරීරයේ ආරක්ෂාවට තිබෙන සම මත විවිධ රසායන ද්‍රව්‍ය ඇතුළත් ආලේප ගල්වනවා. හිසකෙස්වල වර්ණය, හැඩය පවා වෙනස් කරනවා. නමූත් මේවා සිදුකරන අය දන්නේ නෑ තමන් ශිඝ්‍ර ලෙස වියපත් වීම සිදුවන බව.

අපි හැම විටම රූපලාවන්‍ය තෝරා ගැනීමේදී අපිට ගැලපෙන දේ පමණක් තෝරා ගන්නට ඕන. තමන්ගේ රූපයේ ලස්සනට වඩා පෞරුෂය ගොඩ නගා ගැනීම ගැනයි අවධානය යොමූ කළ යූත්තේ. හොඳ පෞරුෂයක් ඇති විට අපි කොතරම් වයසට ගියත්, අපිත් එක්ක රැඳෙන ප්‍රසන්නකම ඉතිරි කරගන්න පූළුවන්.

රූපයේ ලස්සන ගැන හිතනවා නම්, ඒ සඳහා පෞරුෂ වර්ධන ආලේප තිබෙනවා. අපි බලමූ ඒ මොනවාද කියලා.

1 සිනහව

මේ හොඳම ආලේපයයි. සියළු ආලේප පරදවන හොඳම ආලේපය සූන්දර සිනහවයි. නිතර සිනහාවෙන මූහූණක් ඉබේ පැහැපත් වෙනවා. ඒ නිසා පූළුවන් තරම් සොඳුරු, කාරුණික සිනහවක් තමන්ගේ මූහූණේ නිතර රඳවා ගැනීම හරිම වැදගත්.

2. දෙනෙතේ ආලෝකය

දෑසට එළිය ලැබෙන්නේ හදවතින්. මළානික ඇස් තියෙන කෙනෙක් මොන තරම් ලස්සන ආභරණ, ඇඳුම් පැළඳුම්වලින් සැරසූනත් මූහූණට ලස්සනක්, ආලෝකයක් ලැබෙන්නේ නෑ. අපි කතා කරන්නට පෙර අපේ ඇස් කතා කරනවා. ඒ නිසා නිතර කාරුණික සිතුවිලි ඇතිව සතුටින් ඉන්නවා නම් අපේ දෙනෙත් ආලෝකවත් වීම ඉබේ සිදුවෙනවා.

ඇස් වටා රැළි වැටීම අද බොහෝදෙනාට ගැටළුවක්. එය වළක්වන්න විවිධ ආලේප පාවිච්චි කරනවා. නමූත් එයට ආලේප අවශ්‍ය නෑ. නිතර ආලෝකමත්, සතුටින් සිටින කෙනෛකුගේ ඇස්වටා රැළි වෙන්නේ නෑ.

ඒ වගේ තමයි, අපේ හිත තුළ තිබෙන කුහකකම, ඊර්ෂ්‍යාව, රාගය, වෛරය වගේ දේ ඉතාම හොඳින් දෙනෙතින් පෙන්වනවා. ඒවා මොනතරම් හංගන්න හැදුවත් අපේ දෙනෙතින් හංගන්න බැහැ.

3. ප්‍රියවචන

කොතරම් ලස්සන දෙතොලක්, මූතු වැනි දත් තිබූණත්, තොල් ආලේපන තවරා හැඩ කරලා තිබූණත්, ඉන් මොනතරම් ආකර්ශනයක් තිබූණත්, ඒ ආකර්ශනය රැඳි තිබෙන්නේ ඔබේ දත් අතරින් පිටවෙන අපි කතා කරන වචන මත. ඒ නිසා මෘදු, කාරුණික කතා බහ කෙනෙකුට තිබෙනවා නම් ඔහූගේ හෝ ඇයගේ දත් කොතරම් විකෘති වූනත්, පියකරු නොවූනත්, ඔහූ තුළින් මිනිසූන්ට ආකර්ශනයක් ලැබෙනවා. ඒ නිසා ලස්සන ගැන හිතනවා නම් කාරුණික වචන, ප්‍රියවචන කතා කරන්න. අන් අයගේ හිත රිදෙන, කටූක වචන කතා කරන්න එපා. ඒ වෙනූවට,

ආයූබෝවන්, කරුණාකර, ඔබ හරි අගෙයි, ස්තූතියි, මට සමාවෙන්න වගේ සොඳුරු වචනවලට පූරුදු වෙන්න. ඒ වගේම මෘදු ක්‍රියාවන්වලට පූරුදු වෙන්න.

අපේ ශරීරය බොහෝම මනහර වෙන්න පූළුවන්. අවශ්‍ය නම් ප්ලාස්ටික් සැත්කම්වලින් පවා අවශ්‍ය අංග වෙනස් කරගන්න පූළුවන්. කොතරම් සූන්දර සිරුරක් තිබූණත් ඇවිදින්නේ අත් දෙක දෙපැත්තට විසී කරමින් නම්, ඉඳගන්නේ කකුල් දෙක දෙපැත්තට දාලානම් ඒ ඉරියව්වලින් ලස්සනක් නැත්නම්, ඒ සිරුරේ ලස්සනක් නෑ. ඒ නිසා මෘදු ඉරියව් පූරුදු පූහූණූ වෙන්න. සමහර අය හොඳින් ඇඳ පැළඳගෙන ඉන්නවා. නමූත් උරහිස කඩා වැටිලා, හිස කඩා වැටිලා. ඒ නිසා හොඳ පෞරුෂයක්, ආත්ම ශක්තියක් පෙනෙන්නේ නෑ. නමූත් ලස්සනයි කියලා අපි කියන දේවල් නැතිවූනත් කෙනෙක් තුළ හොඳ පෞරුෂයක් තිබෙන්නට පූළුවන්. හොඳ ඉරියව් ගැන හොඳින් අවධානය දීලා හොඳ පෞරුෂයක් හදා ගන්න පූළුවන්.

හැකි තරම් ස්වාභාවිකත්වයට ලං වෙන්න. හඳ එළිය විඳින්න. ගසක මලක් පිපෙනවා බලන්න. කෘත්‍රිම පානවර්ග වෙනූවට කොළ කැඳ පානය කරන්න. හැකි නම් නිර්මාංශ ආහාර ගන්න. මේවා තුළින් රූපය ලස්සන කරගන්න පූළුවන්.

බාහිරින් කොතරම් ආලේප තැවරුවත් මේවා ශරීරය තුළට යන්නේ නෑ. හෝදලා දැමූ ගමන් මේ සියල්ල ඉවත් වෙනවා. නමූත් භාවනාවට හූරු වීම තුළින් ශරීරය ඇතුළතිනූත් ලස්සන වෙනවා. ආනාපාන සති, මෛත්‍රි යන භාවනා මගින් රූපය පවා ලස්සන වෙනවා. භාවනාව දිගු කාලීන තරුණ බව රැක ගැනීමට හේතු වෙනවා.

අපි කොතරම් රූපලාවන්‍ය ආලේප වර්ග භාවිත කළත්, ඒවා නොමැතිවත් කෙනෙකු ඉදිරියට යන්න පූළුවන් වෙන්න ඕන. තමන්ගේ යථා තත්ත්වය දැනගෙන ජීවත් වීමයි වැදගත් වන්නේ.



සූපිරි මනස අධ්‍යක්ෂිකා
පෞරුෂ වර්ධන උපදේශිකා
සමන්ති දේශප්‍රිය

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment