භයානක ලෙසින් සිතා සිටියද මෙම රෝගී තත්ත්වය විවාහයට බාධාවක් නොවේ




කෂය රෝගය කිව්වහම සූවකළ නොහැකි පරම්පරාගත රෝගයක් ලෙසයි බොහෝ දෙනෙක් සිතුවේ. නමූත් දැන් කෂය රෝගය කියන්නේ සූවකළ හැකි රෝගයක් බව ඕනෑම කෙනෙක් දන්නවා. කෂය රෝගය නිටිටාවටම සූව කළ හැකි වූව ද තවමත් අප සමාජයේ පවතින රෝග තත්ත්වයක් ලෙස හඳුන්වා දීමට පූළුවනි. මේ නිසා එම රෝගයට බිය නොවිය යූතු අතර අපි ඒ පිළිබඳව ටිකක් දැනූවත් වෙමූ.
කෂය රෝගය ගැන සමාජයේ තිබෙන්නේ ඉතා වැරදි ආකල්පයක්. කෂය රෝගය වැළඳුණූ අයෙක් තම නිවසින්, සමාජයෙන් ඈත්වී සිටිය යූතු වෙනවා. ඒ වගේම මෙම රෝගය වැළඳුණූ අයෙකු විවාහවීමට සූදුසූ නැහැ වැනි මතිමතාන්තර ද තවමත් නැතුවාම නොවෙයි.

අද නවීන වෛද්‍ය විද්‍යාව අනූව කෂය රෝගීන් සියයට සියයක්ම ප්‍රතිකාර මඟින් සූවකර ගැනීමට පූළුවනි.

මෙය අවට වාතයේ බිඳිති ලෙස විසිරී පවතින බැක්ටීරියාවක්. මෙම බැක්ටීරියාව මිනිසෙකුට ශරීරගත වීමෙන් එම මිනිසා මඟින් තවත් පූද්ගලයින් 15 දෙනෙකුට ප්‍රචාරණය කිරීමේ හැකියාව තිබෙනවා. මේ නිසා සමාජයේ නිතර ගැටෙන පූද්ගලයන් වන වයස අවූරුදු 15ඃ54 අතර පූද්ගලයින් රෝගය වැළඳීමේ ප්‍රවණතාවය වැඩියෙන් පවතී.

කෂය රෝගය බැක්ටීරියා මඟින් බෝ කිරීමෙන් අනතුරුව එහි බලපෑම සිදුවන්නේ පෙනහලු තුළටයි. පෙනහලුවල ඇතිවන රෝගකාරකය අන් අයට බෝවීම සිදුවූවද, වසා ගැටිති, ප්ලුරාව, කොඳු නාරටිය, මොළය ආදී ස්ථානවල කෂය රෝගය වැළඳුණද කැස්ස සමඟ ශරීරයෙන් පිටවීමේ හැකියාව ඉතා අඩූයි.

පෙනහලු තුළ තියෙන බැක්ටීරියාව සෙම සමඟ කැස්ස ඇතිවීමෙන් එය වායූවත් සමඟ මිශ්‍රවී අනෙක් අයට බෝවීම සිදුවේ. මෙම රෝගය පැතිරීම හොඳින් හිරුඑළියට නිරාවරණය වී තිබෙන ප්‍රදේශයක් නම් තරමක් දුරකට හෝ පාලනය වීමක් සිදුවේ. මෙම බැක්ටීරියාව ශරීරගතවීමෙන් අනතුරුව දිගින් දිගටම කැස්ස සති තුනකට වැඩි තිබේ නම් හෝ ආහාර අප්‍රියවීම, උණ, ශරීරය කෙසඟවීම වැනි රෝග ලකෂණ තිබේ නම් වහාම වෛද්‍ය පරීකෂණයකට යොමූවීම වැදගත්වේ. බොහෝ දෙනෙක් කැස්ස එතරම් සැලකිල්ලක් දක්වන්නේ නැහැ. එවිට සිදුවන්නේ මෙම රෝගය උත්සන්න වීමයි.

ඔබට හෝ වෙනත් අයෙකුට කෂය රෝගය ඇති බව මූලින්ම හඳුනාගත හැකිවන්නේ නොකඩවා දිගින් දිගටම කැස්ස තිබීමෙනි. එවැනි රෝගියෙකු හඳුනාගත් විට වෛද්‍යවරයා විසින් සෙම පටල පරීකෂාවක් සිදුකරනූ ලබයි. එමෙන්ම එම රෝගය තවත් නිශ්චිතව සොයාගැනීම සඳහා වෛද්‍යවරුන් විසින් රුධිර පරිකෂාවක්, සිදුකරනූ ලබයි. එමෙන්ම එම රෝගය තවත් නිශ්චිතව සොයා ගැනීම සඳහා වෛද්‍යවරුන් විසින් රුධිර පරීකෂාවක්, එක්ස්රේ පරීකෂාවක්, අන්වීකෂ පරීකෂාවක්, ස්කෑන් පරීකෂාවක් ආදී විවිධ පරීකෂණ රැසක් සිදුකරනූ ලබයි.

එසේ පරීකෂණවලින් තහවූරු වූණොත් එම රෝගීන්ට වෛද්‍යවරුන් ප්‍රතිකාර නිර්දේශ කරනූ ලබයි. එසේ නිර්දේශ කරන ප්‍රතිකාර ඔබ නොකඩවා ගත යූතුවේ. ඇතැම් රෝගීන් නිසි ප්‍රතිකාර නොගැනීම නිසා සූළුවෙන් පවතින රෝග තත්ත්වය තව තවත් වර්ධනය වීමෙන් බහූ ඖෂධ ප්‍රතිරෝධී කෂය රෝගය තත්ත්වය ඇතිකර ගනියි. මෙසේ බහූ ඖෂධ ප්‍රතිරෝධී කෂය රෝගය වැළඳුණූවිට සූව වන ප්‍රතිශතය ඉතාමත් අඩූය.

මේ නිසා රෝගය කල්තියා හඳුනාගත්විටම ඉක්මණින් ප්‍රතිකාර මඟින් ඒ කියන්නේ ඔබට ගතයූතු වන්නේ නොකඩවා මාස හයක් ප්‍රතිකාර ගැනීමක් පමණි. එවිට උණක්, සෙම්ප්‍රතිශ්‍යාවක් සූවකරනවා වගේම සූවකර ගත හැකි රෝගයකි මේ.

කෂය රෝගය නිසා සියයට 9 ක් පමණ මියයන්නේ ගැබිණි මවූවරුන්ය. ඇතැම් මවූවරු තම කුස තුළ සිටින දරුවාටත් මෙය පැතිරීමේ හැකියාව ඇති බවට බියක් ඇති කරගෙන සිටී.

නමූත් ගර්භනී මවකට කෂය රෝගය වැළඳී තිබේ නම් ඇයට බියකින් තොරව ප්‍රතිකාර ගත හැකිය. එයින් දරුවාට කිසිම හානියක් ඇති නොවේ.

ඇතැමූන් ප්‍රතිකාර ගැනීම වෛද්‍යවරුන්ට පවසන්නේ නැතුවම නවතාලන්නේ විවිධ සංලකූලතා ඇතිවන නිසාය. නමූත් ඒ පිළිබඳව වෛද්‍යවරයාගෙන් අසා ඖෂධ නැවැත්වීම කළයූතු අතර ඒ සඳහා වෛද්‍යවරයා විසින් වෙනත් ඖෂධ වර්ග නිර්දේශ කරනූ ලබයි.

ඒ වගේම මතක තබාගත යූතු වන්නේ ඔබට කෂය රෝගය උත්සන්නවී තිබේ නම් පමණක් දරු පිළිසිඳ ගැනීමක් සිදු නොකර ගැනීමයි.

මෙම රෝගය බොහෝවිට වැළඳෙන්නේ තරුණ තරුණියන්ට නිසා ඔවූන් විවාහ වීමට බියක් දක්වයි. සමාජයේ විවිධ මත නිසා අනාගතය අඳුරු කරගන්නා තරුණ තරුණියන්ට පැවසිය යූතු වන්නේ ඔබට මෙවැනි රෝග ලකෂණ තිබේ නම් හෝ රෝගය වැළඳී තිබේ නම් ඉක්මණින් වෛද්‍ය ප්‍රතිකාරවලට යොමූවීමයි. එහිදී වෛද්‍යවරයා විසින් නිර්දේශ කරන ප්‍රතිකාර ඉවත නොදා මාස හයක් ප්‍රතිකාර ගැනීමෙන් මෙම රෝගය සූවකර ගත හැකිය. එවිට ඔබගේ අනාගත බලාපොරොත්තු ඉටූකර ගත හැකිවන අතර සූන්දර සමනලියක මෙන් නිදහසේ පියාසර කිරීමට හැකියාව ලැබේ.

"මම කෂය රෝගයට තබමි තිත" යන ලෝක කෂය රෝග නිවාරණ දිනයේ තේමා පාඨය වේ.



Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment