දරු සම්පත් හිමිවේවිදැයි විවාහයට පෙර කියන්න පූළුවන්



ජ්‍යොතිෂ ශාස්ත්‍රය තුළ ලාභ යන වචනය නොයෙක් තැන්වල භාවිත කරයි. ධන ලාභ, භූමි ලාභ, දරු ලාභ, තනතුරු ලාභ ආදී වශයෙන් ද හඳුන්වන්න පූළුවන්. මේ සියලු ලාභවලින් ජීවිතයට වටින්නේ දරු ලාභයයි.

විවාහවන කාන්තාවකගේ සහ පූරුෂයෙකුගේ ප්‍රධාන ප්‍රාර්ථනාව වන්නේ නිරෝගී දරුවෙකු තමන්ගේ පවූලට එකතු කර ගැනීමයි. නමූත් දරු පැටියෙකු ලැබීමේ ප්‍රාර්ථනාව ඉටූ නොවීම නිසා සූසූම් හෙළන කාන්තාවන් සහ පූරුෂයන් අපේ සමාජය තුළ කොතෙක් සිටිනවාද? අද මෙය සමාජ ප්‍රශ්නයක් දක්වා වර්ධනය වී තිබේ. දරුකමට දරුවන් හදා වඩා ගන්නට දරුවන් ඉල්ලුම් කරන ස්වදේශිකයන් සහ විදේශිකයන් පිළිබඳව ඕන තරම් අහන්නටත් දකින්නටත් ලැබේ.

දරුවන් ලිංගික අපචාරවලට යෙදවීම, අසභ්‍ය චිත්‍රපටවලට යොද ගැනීම, මෙහෙකාර සේවයේ යෙදවීම වැනි සමාජයේ නීති විරෝධී වැඩවලටද යොදා ගනී.

දරුවන් නැතිව සූසූම් හෙළන්නෝ දරුවන් ලබාගැනීම සඳහා පූද පූජා, බාර හාර, යන්ත්‍ර මන්ත්‍ර ආදී ගුරුකම් පවා කරන්නට පෙළඹෙති. නොයෙක් නොයෙක් වෛද්‍යවරුන් පසූපස යයි. නමූත් ජ්‍යොතිෂඥයෙකු වශයෙන් මේ සියල්ල පූර්ව කර්ම අනූව සිදුවන බව පෙන්වා දෙන්න කැමතියි. ජ්‍යොතිෂ ශාස්ත්‍රය තුළ එය පිළිබඳව විග්‍රහය ඉතාම සියූම්.

දරුවන් පිළිසිඳ ගැනීමේ අවස්ථා පමණක් නොව, දරුඵල සාර්ථකවේවිද? දරුවා මෙලොව එළිය දකීද, දරුවා ආබාධිත කෙනෙක් බවට පත්වේවිද? මේ සියල්ල ජ්‍යොතිෂයේ පිහිටෙන් විසඳා ගත හැකිවෙයි. මේ සියල්ල පූවර්ාත්මයේ කරන ලද කුසලාකුසල කර්ම අනූව සිදුවන්නේ යැයි ජ්‍යොතිෂය තුළ පැහැදිලි කරයි.

වඳ ගැහැනූන් හෝ වඳ පිරිමින් හෝ හිමිදිරියේ දෑකීම, ගමන් බිමන් යනවිට මූලින් මූණගැසීම අශූභයැයි විශ්වාස තිබෙනවා. මේවා සමාජය තුළ ඇතැම් කොටස් විශ්වාස කරනවා. දරුවෙකුගේ කට හඬක් දරු හූරතලයක් නැති නිවෙස් පාලු අම්බලමක් වැනි යැයි ද කියනවා.

වඳ භාවයට හේතු රාශියක් ඇතැයි වෛද්‍ය විද්‍යාව තුළ සඳහන් වෙනවා. ස්ත්‍රියගේ මෙන්ම පූරුෂයන්ගේ ද ශාරීරික වශයෙන් පවත්නා අඩූපාඩූ දුර්වලකම් මේ තත්ත්වය ඇතිවීමට බලපාන්න පූළුවන්. මෙම තත්ත්වයට කාන්තාවන්ට වඩා පූරුෂයන් හට පැවරෙයි.

වඳභාවය අද යම්කිසි ප්‍රමාණයක සමාජ ප්‍රශ්නයක් වී තිබේ. මෙයට හේතු කවරේදෑයි ජ්‍යොතිෂඥයකු වශයෙන් මා හඳුන්වන්නේ මෙසේය.

සෑම මිනිසෙකුම සෑම කාන්තාවක්ම නොගැළපෙයි. සෑම කාන්තාවකටම සෑම මිනිසෙකුම නොගැළපෙයි.

මේ පිළිබඳව වෛද්‍ය පරීකෂණවලින් තීරණය වී ඇත්තේ ශුක්‍රතරලය ප්‍රාණ ශක්තියෙන් දුර්වල නිසා හෝ ගර්භාෂ බිත්තියේ ප්‍රාණ ශක්තිය ප්‍රමාණවත් නොවූවහොත් එහෙමත් නැත්නම් දුර්වල වූවහොත් කළලයක් නොපිහිටන බවයි. විවාහවීමට පෙර දරුවන් පිළිබඳ අනාගත පරපූර පිළිබඳ කල්පනා කරන්නේ නම් මේ තත්ත්වය වලක්වා ගත හැකිය. මෙවැනි ප්‍රශ්න නිරවූල්ව විසඳා ගැනීමට ජ්‍යොතිෂයේ පිහිට ලබාගත හැකියි. විවාහවීමට පෙර තරුණ තරුණියන් කේන්දර ගැළපීමෙන් මෙය තහවූරු කළ හැකිය. විවාහය පිළිබඳව පෙරදිග සමාජයේ මතිමතාන්තර, සිරිත් විරිත් ගොඩනැගී ඇත්තේ ශිෂ්ට සම්මත දුරදක්නා නූවණකිනි. මෙය මිනිස් සමාජයේ පැවැත්මටත් උන්නතියටත් හේතු වේ.

ජාතියේත්, පරපූරේත් අනාගත පැවැත්මට ප්‍රජා සංවර්ධනය මූලික වේ. දරු ලාභය උතුම් සැපතකි.

කෞමාර බ්‍රහ්මචර්යා, කුමාරි බ්‍රහ්මචර්යා දූ පූතුන් ලවා රැක්කවිය යූතුයැයි පැරණි ආචාර්යවරයන් උපදෙස් දී ඇත. බඹසර සූරකින කුමර කුමරියන්ගේ ධාතු බීජවලින් සම්පූර්ණ ශක්තිය ඇති කරනූ පිණිසය. පූරුෂයන්ගේ යූගදිවි බන්ධනයෙන් ආයූබල, සැපබල, ප්‍රඥාබල ඇති දරුවන් බිහි කරන බව සඳහන් වේ.

කායබලයෙන්, බූද්ධිබලයෙන් යූක්ත දරුවන් පිළිසිඳ ගන්නේ ශූභ දවස්වලය. මඟුල් නැකත් අනූව මනාලිය කැඳවාගෙන විත් නක්ෂත්‍රානූකූලව විවාහපත් යූවළ ශූභ රාත්‍රිිය ගත කරයි. මෙය සූදාරකෝත්පත්තිය පිළිසිඳගැනීමකට සූදුසූ අවස්ථාවකි. මෙම තත්ත්වයන් අමතක කර කටයූතු කිරීම දෑන් පවූල් ජීවිතවලට ප්‍රශ්න ඇතිවීමට බලපා තිබේ. එම නිසා අප කතා කළ කරුණූ හොඳින් විමසා බැලීමෙන් තමන්හට දරුවෙකු නැත්තේ ඇයිදෑයි අවබෝධ කර ගත හැකිවේ.

විජයසිරි විද්‍යාරත්න


Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment