අයඩීන් වැඩිපූර අවශ්‍ය වන්නේ කුමන අවස්ථාවේදී ද?





අයඩීන් ඌනතාවයෙන් පෙළෙන බොහෝ ජනකොටස් අතර වායූ ගෙඩි හෙවත් තයිරොයිඩ් ග්‍රන්ථියේ ඉදිමීම හෝ විශාලවීම දකින්න පූළුවන්. මෙය රෝගී තත්ත්වයක් ලෙසයි හඳුන්වන්නේ. බෙල්ල ආශ්‍රිතව ඉදිරියට නෙරා එන වායූ ගෙඩිය, අයඩින් ඌනතාවය බාහිර වශයෙන් පෙන්වන එක් ප්‍රධාන ලක්ෂණයක් විදිහට හඳුන්වන්න පූළුවන්. මෙම වායූ ගෙඩිය ශරීර අභ්‍යන්තරයෙන්ද වර්ධනය වීමට ඉඩ තිබෙනවා. තයිරොයිඩ් ග්‍රන්ථිය අසාමන්‍ය ලෙස විශාලවීම නිසා ස්වසනාලය දැඩි ලෙස තෙරපීමෙන් හූස්ම ගැනීමේ අපහසූතාවයක් ඇතිවීමටද පූළුවන්. ඇතැම් වායූ ගෙඩි පිළිකා තත්ත්වයට පත්වීමට ද ඉඩ තිබෙනවා. එය ඉතාම දුර්ලභ අවස්ථාවක්. බොහෝ සේ විශාල වන වායූ ගෙඩි ශල්‍ය කර්මයක් මගින් ඉවත් කරන්නට වෙනවා.




ඉහත අපි සඳහන් කළ කරුණූ කාරණා ගැන අවධානය යොමූ කරන ඕනෑම කෙනෙකුට අයඩීන් නැමති ක්ෂූද්‍ර පෝෂණයේ අවශ්‍යතාව මොන වගේදැයි නිවැරදිව දැනගන්න පූළුවන්. එම නිසා මිනිස් ශරීරයට අයඩින් ඉතාම අල්පව අවශ්‍ය වූවත් එදිනෙදා තමන් ගන්නා ආහාරයට අයඩින් මිශ්‍ර ලුණූ එකතු කර ගැනීමේ වැදගත්කම ගැන අවබෝධයක් ලබාගන්න පූළුවන්.




විශේෂයෙන්ම කාන්තාවකට ලොව උතුම්ම පදවිය ලෙස සැලකෙන මවූ පදවියෙන් පිදුම් ලැබූ කාලය තුළත් දරුවාට කිරි ලබාදෙන කාලය තුළත් තමන් ලබාගන්නා ආහාරයට අයඩීන් මිශ්‍ර ලුණූ, හාල් මැස්සන්, මූහූදු ආහාර, මූහූදු පැළෑටි වර්ග එකතු කර ගන්නවා නම් ගොඩක් හොඳයි.




ළදරු වියේ සිටම ප්‍රමාණවත් පරිදි අයඩීන් පෝෂකය ඇතුළත් ආහාර ලබාදීමෙන් අපි මූලින් කතා කළ රෝගී තත්ත්වයන් වළක්වන්න පූළුවන්. අයඩීන් ඛණිජය මූලිකව අඩංගු වෙන්නේ පසේ. පස අයඩීන්වලින් පොහොසත් නම් එහි ඇති ජලයේ වගේම පසෙහි වැවෙන ගස් වැල්වලින් අයඩීන් අපට තිබෙනවා.




නමූත් පස සංරක්ෂනය නොවන මහනූවර සහ මාතලේ දිස්ත්‍රික්කයන්හිත් කළු ගඟ ආශ්‍රිත ප්‍රදේශවලත් පාස්ල් වයසේ පසූවන ගැහැනූ ළමයින්ගෙන් සියයට හතළිස් පහක් පමණ ප්‍රතිශතයකට වායූ ගෙඩි හෙවත් ගලගණ්ඩ රෝගය තිබෙන බව සමීක්ෂණවලින් හෙළි වී තිබෙනවා. මෙවැනි දෙයින් පෙනී යන්නේ ලංකාවේ ජනගහනයෙන් විශාල කොටසක් අයඩීන් නැමති ක්ෂද්‍ර පෝෂ්‍ය පදාර්ථයේ ඌනතාවයෙන් පෙළෙන බවයි.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment