දරාගැනීමේ ශක්තිය වැඩි කාන්තාවන්ටද නැතිනම් පිරිමින්ටද?


කාන්තාව සූකොමල, සූන්දර සංවේදී චරිතයක් ලෙසනේ පැරණි සමාජයේ ඉඳලම හැඳින්වූයේ. නමූත් ඇය තුළ පූදුම විදිහේ දරාගැනීමේ ශක්තියක් ඇති බවටත් ඕනෑ තරම් සාක්ෂි තිබෙනවා. එයට හොඳම උදාහරණය තමයි ඇයි දරුවෙකු ප්‍රසූත කරන්න යන අවස්ථාවේ ඇතිවන විලිරුදාව එක සිතින් දරා සිටීම. ඇතැමූන් මෙය මවූ සෙනෙහස ලෙසත් හඳුන්වනවා.


කොහොම නමූත් මෙහෙම සටහනක් තබන්න ලොකු හේතුවක් නම් තියෙනවා. ඒ තමයි එන්න එන්නම අපේ රටෙි පිරිමින් සිය දිවි නසා ගැනීම අතින් ඉහළ තැනකට පැමිණීම. පසූගිය වසරේ වාර්තා වූ සියදිවි නසා ගැනීමේ ප්‍රතිශතයෙන් සියයට අනූවක් පිරිමින්. ඇත්තටම මෙම තත්ත්වයට හේතුව කුමක්ද? පිරිමින්ට ප්‍රශ්න වැඩිද? ඔවූන් ප්‍රශ්න විසඳා ගන්න නොදන්නාකමද? ගන්නා ඉක්මන් වැරදි තීරණද? එහෙමත් නැත්නම් ඔවූන් ප්‍රශ්නවලින් පලා යන්න විතරයිද දන්නේ. අපි සොයා බලමූ.

සෑම වසරකම අපේ රටෙි සියදිවි නසා ගැනීම් වැඩිපූර සිද්ධ වෙලා තියෙන්නේ පිරිමින්ගේ. අපේ රටෙි පමණක් නෙවෙයි ලෝකයේ ඕනෑම සමාජයක මෙම කාරණාව මෙහෙමම බලාගන්න පූළුවනි. ලංකාවේ වසර ගණනාවක ඉඳලා සියදිවි නසා ගැනීම්වලින් ඉදිරියෙන් ඉන්නේ පිරිමින්.

මෙම තත්ත්වයට බලපාන සමාජ විද්‍යාත්මක කාරණාවන් කිහිපයක් අපි හඳුනාගෙන තිබෙනවා. එකක් තමයි පිරිමින් තමන්ගේ සමූහයට දක්වන ලෙංගතුකම යම් ප්‍රමාණයකට කාන්තාවට සාපේක්ෂාව අඩූයි. කාන්තාව තමන්ගේ සමූහයට දක්වන මානසික සම්බන්ධතාවය ඉහළයි.

උදාහරණයක් විදියට සම්ප්‍රදායික මවක් ගතහොත්, ඇය සියලු දෙයටම මූහූණ දෙන, සියලු අභියෝග ජයගන්න, සියලු දුක් දරාගෙන සිටින, ආවේගයන් කෙසේ හෝ සමනය කරගන්න, දුක්කරදර පිටතට නොපෙන්වන කාන්තාවක්නේ. ප්‍රතිරූපය එහෙම එකක් ලෙසයි ඇය ගොඩ නගාගෙන තිබූණේ. නමූත් වෙනස්වන අවස්ථාවනූත් තිබෙනවා. එයින්ම තේරෙනවා ඔවූන් තමන්ගේ පවූලට, ස්වාමි පූරුෂයාට, දරුවන්ට, සහෝදර සහෝදරියන්ට, දෙමාපියන්ට දක්වන බැඳීම වැඩි බව. නමූත් පිරිමින්ගේ එහෙම බැඳීමක් අපට දැකගන්න ලැබෙන්නේ නැහැ.

ඔබට හිතෙන්න පූළුවන් කාන්තාව යම් ප්‍රශ්නයකට මූහූණ දුන්විට ඇය අඬලා, සූසූම් හෙළලා, ඉකිබිඳලා එය විසඳා ගන්නවා. දුක තුනී කරගන්නවා කියලා. එතනදී කියන්න බැහැ පිරිමින්ගේ පෞරුෂය දුර්වලයි සහ ස්ත්‍රීන්ගේ පෞරුෂය එඩිතරයි කියලා. එතනදී අපට අවබෝධ කරගත හැක්කේ ස්වභාවිකවම ස්ත්‍රීන්ට දරා ගැනීමේ හැකියාව මවා ඇති බව පමණයි. ඒක කායික මැවීමක්. ඒ කායික මැවීමත් එක්කම මානසිකව දරා ගැනීමක් පවා ඇතිවෙනවා. කාන්තාවක් මාස නවයක කාලයක් ගැබක් දරා සිටිනවා කියන කාරණාව කොහොමත් සරල නැහැ. නමූත් නිතරම ස්ත්‍රීන් ලෝකයෙන් බොහෝ දේවල් බලාපොරොත්තු වෙනවා. නමූත් පිරිමින් බලාපොරොත්තු වෙන්නේ නැහැ.

බඩූ භාණ්ඩ මිලට ගැනීම සම්බන්ධයෙන් විලාසිතා සම්බන්ධයෙන්, රන් ආභරණ මිලට ගැනීම සම්බන්ධයෙන් තමන්ට අත්කර ගැනීමේ චේතනාව තියෙන්නේ කාන්තාවටනේ. ඒ අත්කර ගැනීමේ චේතනාව පිරිමින් තුළ තිබෙන්නේ අඩූවෙන්. පිරිමින් ආක්‍රමණකාරියි ස්ත්‍රීන්ට වඩා. කාන්තාව අත්කර ගැනීමේ චේතනාව මත ජීවිතය පහසූවෙන් අත්හරින්නේ නැහැ.

එක්තරා සමාජ විද්‍යාඥයෙක් මේ වන විට ප්‍රකාශ කර තිබෙනවා කාන්තාව ස්වභාවයෙන්ම මරණයට අකමැත්තක් දක්වන බව. එමනිසා තමන් අතින් තමන්ගේ මරණය සිදුකරගන්න කාන්තාවන් පෙළඹෙනවා හරිම අඩූයි.

අනෙක් කාරණාව තමයි මොවූන් දිවි නසා ගැනීමකට යනවා නම් ඔවූන් ඒ සඳහා යන්නේ සරල උපක්‍රම මගින්. ඔවූන් ජීවිතයෙන් බොහෝ දේවල් බලාපොරොත්තු වන කොටසක් නිසා තදබල උපක්‍රමවලට නොයන්න පූළුවන්.

අපට තවම වෙන්කර හඳුනාගන්න බැහැ මේ මේ කාරණාව උඩ තමයි ස්ත්‍රියක් දිවි නසා ගැනීම් කරන්නේ පිරිමින් මේ කාරණා උඩ තමයි දිවි නසා ගන්නෙ කියලා. ඕනෑම කෙනෙකුට දිවි නසා ගැනීම් කරන්න හිතෙන්න පූළුවනි.

ඇතැම් කාන්තාවන් සැමියාගේ තාඩන පීඩන, පවූල් බර, සැමියාගේ අනියම් සබඳතා හසූවීම වැනි කාරාණා උඩත් සිය දිවි නසා ගන්න කරන ලද උත්සාහයන් ගැනත් අපට වාර්තා වෙලා තියෙනවා. එමනිසා අපේ වගේ සමාජ ක්‍රමයක් තුළ එන්න එන්නම පිරිමින් සියදිවි නසා ගන්නට පෙළඹීමට විවිධ කාරණා එකින් එක හෝ සමූහයකට වූණත් බලාගන්න පූළුවනි.

පිරිමින් සියදිවි නසා ගැනීම් එන්න එන්නම ඉහළ යාම රටකට එතරම් හොඳ කාරණාවක් නොවෙයි.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment