සිරුරට අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල ලබාගන්නේ කොහොමද?


ප්‍රෝටීන සිරුරේ ෙසෙල වර්ධනයටත් ශරීරයේ හානිවන ෙසෙල අලුත්වැඩියා කිරීමටත් උපකාරී වන සංඝටකයකි. ශරීරයේ ඇති විවිධ පද්ධති හොඳින් ක්‍රියාකිරීම සඳහා ද උපකාරී වේ.

ශරීරයට මාංශජනක ආහාර කොටස්වලින් ලැබෙන ප්‍රෝටීන නිසි පරිදි නොලැබෙන විට සිරුරේ ප්‍රෝටීන ඌණතා පවා ඇතිවීමට ඉඩ තිබේ. තව ද ප්‍රෝටීන ආහාර මගින් යම්තාක් දුරකට කාබෝහයිඩ්ඩේ්‍රටය, මේද, විටමින්, ඒ, ඩී, ඊ, කේ (්ල ෘල ෑල ණඃ සහ ඛණිජ ලවණ ද සපයයි.

අප ආහාරයට එකතු කරගන්නා රනිල බෝග මගින් ද ඇමයිනෝ අම්ල ලැබේ. මෙම ඇමයිනෝ අම්ල ශරීරයට අත්‍යවශ්‍ය ප්‍රෝටීන් වර්ග සාදා ගැනීමට උපකාරී වේ. මෙය නිර්මාංශ ආහාරවලට පූරුදුව ඇති ජනතාවට ඉතා වැදගත් වේ. එමනිසා බිත්තර, මස්, මාළු නොගැනීමෙන් අත්‍යවශ්‍ය ප්‍රෝටීන ශරීරයට නොලැබේය යන බිය අත්හැරිය යූතුයි.

ලෝක ප්‍රකට කාව්‍ය රචකයෙක්වූ පර්සි බිසි ෂෙලී, මහා ගත් කතුවරයෙකු වන ලියෝ ටොල්ස් ටොයි, ඉන්දිරා ගාන්ධි වන ප්‍රභූන් නිර්මාංශ ආහාර ගත් අයගෙන් සමහරෙකි. ඔවූන් යහපත් ආයූ කාලයක් වැළඳූ අය වේ. මෙයින් පෙන්වා දෙන්නේ බත්, ඉරිඟු, තිරිඟු සහ රනිල බෝගවල ඇති පෝෂ්‍ය ගුණය ශරීරයේ ක්‍රියාකාරිත්වයට අත්‍යවශ්‍ය වී ඇති බවයි.

ඉතා ඈත ඉතිහාසයකට උරුමකම් කියන අපහට අපේ රජවරු, සංඝයා වහන්සේලා මෙන්ම ප්‍රභූන්ද රනිල බෝග ආහාරයට ගත් බවට සාක්ෂි ඇත.

දැන් දැන් වෙනස්වන ලෝකය තුළ ජීවත්වන ජනතාවද ධාන්‍ය වර්ග ආහාරයට ගන්නට පූරුදුව සිටී.

කෂණික ආහාරවලට පූරුදුව සිටින අපේ පරම්පරාව ඒවාට තව තවත් පොළඹවන මාධ්‍ය සහ නිෂ්පාදන ආයතනද පෝෂණ ඌණතාවයන්ට වගකිව යූතුය. එන්න එන්නම බාලපරම්පරාව ගොදුරු වන දියවැඩියාව, හෘදයාබාධ, අධික රුධිර පීඩනය වැනි රෝගවලටද අපි ලබාගන්නා ආහාර මෙන්ම දුම්පානය, සැරබීම පානය, මානසික ආතතියද ඉවහල් වේ.

අත්‍යවශ්‍ය ඇමයිනො අම්ලය වන ලයිසීන් (ඛහිසබරුඃ මාංශ ආහාරවලින් මෙන්ම රනිල බෝගවලින් ද ලබාගන්න පූළුවනි. විශේෂයෙන් අප ආහාරයට ගන්නා මූංකිරිබත්, තෝසේ, ඉඩ්ලි, වඩේ හෝ උළුඳු වඩේ, මූංගෙඩි, අලුවා, මූං ඇට කැවූම්, මූරුක්කු වැනි කෑම වලින් ද අපට අවශ්‍ය සංඝටක ලැබේ.

අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල ලබාදෙන මාංශ ආහාර සහ කිරි, චීස්, බටර්, සෝයා ද අත්‍යවශ්‍ය නොවන ඇමයිනො අම්ල ලබාදෙන ශාක ප්‍රෝටීන ද ශරීරයේ වර්ධනයට, ශරීර කොටස් අලුත්වැඩියාවටද අවශ්‍ය වේ.

එමනිසා ඇමයිනො අම්ලවල වැදගත්කම අවබෝධ කරගෙන ආහාර වේල සඳහා ප්‍රෝටීන බහූල ආහාර එකතු කර ගැනීම වටී.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment