උපන් ලප තුළින් කියන සැඟවූනූ රහස්

නළලේ උපන් ලප

නළලේ වම් පස උපන් ලප පිහිටා ඇත්නම් යූග දිවිය සැපවත් වනූ නිසැකය. නළල මැද උපන් ලපය ඔබ බොහෝ ජනප්‍රිය අයකු බවට පත් කරාවි. එවැනි කතක් විවාහ කරගන්නා පූද්ගලයා වැඩිකල් නොගොස් රජකු මෙන් කටයූතු කළහැකි බලයක් ලබනූ ඇත. බොහෝ ධනය ලැබෙන මාර්ග පෑදේ. පිරිසකට නායකත්වය දෙන වාසනාව ඇති වේ.

කාන්තාවන්ගේ නළලේ දකුණූ පස උපන් ලපය ආර්ථික වශයෙන් දියූණූව ඇති වූවත් හැම මොහොතකම සිතේ දුකක් රඳාවා ගනී.

නාසයේ උපන් ලප

නාසයේ හරි මැද උපන් ලපය පිහිටා ඇතිනම් ඉතා වාසනාවන්ත පිහිටීමකි. තමන්ට වඩා බලවත් අය ඇසූරට පත් වන අවස්ථා උදා වේවි. දේශපාලනය සම්බන්ධව උසස් තනතුරු දැරිය හැකය. ඉවසීමේ ගුණය ඉතා ඉහළ මටිටමක පවතී. ඕනෑම දෙයක් පහසූවෙන් අවබෝධ කර ගැනීමේ වාසනාව පවතී. නිතර විදේශ ගමන්වලට යොමූවේ.

කම්මූලේ උපන් ලප

කම්මූල මත උපන් ලප පිහිටීම උසස් අධ්‍යාපනයකට මග පාදා උසස් රැකියා අවස්ථා උදා කරාවි. නිසි වයසේ සැපවත් විවාහයකට මගපාදයි. තරුණවියේදීම සැපවත් දිවියකට අවශ්‍ය සියල්ල හිමි කර ගනීවි. ජීවිතයේ මූල මැද අග තුනම සතුටින් ගත කරයි. මෙවැනි උපන්ලපඇති ළඳුන් සමග විවාහ වන පූරුෂයන් බලා සිටියදී ධනවතුවන් වනූ ඇත.

දෙතොල් මත උපන් ලප

බෙහෙවින් රාගාධිකවනූ ඇත. සමාජශීලී පැවතුම් ඇති වේ. අන් ජාතිකයින් සමග විවාහ වීමට අවස්ථා උදා වේ. මෙවැනි උපන් ලප ඇති කතුන් ඇසූරට පත්වන පිරිමින්ට කිසිදු ගැලවීමක් නැත. තොල්මත උපන් ලප ඇති පිරිමි ඇසූරට සූදුසූ වන්නේ නැත.

නිකටෙි උපන් ලප

නිකටෙි උපන් ලප ඇති අය පහසූවෙන් අන් අය වසඟයට ගනී. ප්‍රකට නමක් ඇති අය අතර නිකටෙි උපන් ලප බහූලව පිහිටා ඇත. ව්‍යාපාර අරඹා දියූණූ කර ගැනීමට පූදුම හැකියාවක් ඇත. විවිධ මාර්ගවලින් ප්‍රසිද්ධියට පත් වේ. යූග දිවියෙන් පසූ සියලු අසීරුතා මග හැරේවි. අනූන්ට උපකාර කිරීමට යෑමෙන් කරදර පමූනූවා ගන්නේ මෙවැනි උපන් ලප ඇති අයයි.

ඇසේ උපන් ලප

අන් අයගේ ආදරය විිශ්වාසය නොපමාව දිනා ගැනීමට හැබෑ දක්ෂකමක් ඇත. හැම ප්‍රශ්නයදීම පෙරට පැන කටයූතු කරයි. පිනට දහමට බෙහෙවින් ලැදි වේ. අන් සතු ධනය හිමි කර ගත් කතුන් අතර වැඩි දෙනෙකුට ඇසේ උපන් ලප පිහිටා තිබීම විශේෂ කරුණකි. ගත්තු පැත්ත මොන කරදර ආවත් අත හරින ගතියක් ඇසේ උපන් ලප ඇති අයට නැත.

බෙල්ලේ උපන් ලප

කොතරම් දිළිඳු අඩියක හිටියත් කවදා හෝ ජීවිතයේ සූන්දරම තැනකට කැඳවාගෙන යන්නට මෙවැනි පිහිටීම් ඇති කතුන් සමත් වේ. පවට බිය ගතියක් ඇත. වැඩිහිටි අයට කීකරුව කටයූතු කරයි. රන්රිදී මූතුමැණික් අඩූවක් නැතිව හිමිවන භාග්‍ය ඇත. බලවත් තරුණයන් වශී කර ගැනීමේ පූදුම හැකියාවක් ඇත.

පපූවේ උපන් ලප

සිතේ අස්වැසිල්ල අඩූවනූ ඇත. හිතේ ඇති දේ වසන් කර කතා කිරීමට දක්ෂය. අනූන් පාවාදී තමන් සූදනා වීමට වෙර දරයි. තේරුම් ගතනොහැකි චරිත ඇති වේ. යූග දිවියට පත් වූවත් ප්‍රසිද්ධියේ රඟ දැක්වීමට යෑමෙන් නරක නමක් ඇති වේ.

කලවේ උපන් ලප

දැඩි කැපවීමකින් ජීවිතය සැපවත් කර ගැනීමට වෙර දරන ගතියක් ඇත. දුක සැප සමව සිතීමට හූරු පූරුදු වේ. අතට පත් දෙය රැක ගැනීමට අපූරු හැකියාවක් පවතී. යූග දිවියේ ප්‍රශ්න ඇති විය හැකි වූවත් දෙවරක් විවාහ වීමට වූවත් පෙළඹේ. නැව ගිලුනත් බෑන්චූන් ජීවිතයට බර වීම අන් අය මවිතයට පත් කරන අපූරු ලක්ෂණයකි.

ඔබටත් ඔබේ උපන් ලප ඇසූරෙන් ඔබේ ගති පැවතුම් සසඳා බැලීමට මෙය කදිම අවස්ථාවකි.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment