මිථූන ලග්න කාන්තාව හඳුනාගන්න



රාශි චක්‍රයෙහි තුන්වැනි රාශිය මිථූන නමින් හඳුන්වයි. මෙකී රාශියෙහි බූධ ග්‍රහයාගේ ආධිපත්‍ය යටතේ පවතී. මෙය වායෝ ගණයට අයත් පූරුෂ උභය රාශියකි. සිකුරු ශනි මිත්‍ර ග්‍රහයෝ වෙති.ගුරු පාපී වේ. මෙම රාශිය මූවසිරස නැකතේ තෙවෙනි සිව්වෙනි පාද සහ අද නැකතේ සියලු පාද අයත් තරු පන්තියට අයත් වේ. ස්ත්‍රි පූරුෂ මිනිස් රූප සටහනක් මිථූන සංකේතයි. වඳ රාශියක බැවින් මිථූනයට කිසිම ග්‍රහයෙක් උච්ච නැත. මෙහි අධිපති බූධ නපූංශක ග්‍රහයෙක් වේ.

සම්පූර්ණ වැඩූණූ ශරීරයක් වන අතර දිගු අත්පා හිමි වේ. තාලයට ගමන් කරයි. මිහිරි කට හඬක් වේ. ප්‍රිය මූහූණූ වේ. උස අය මෙන්ම මිටි අය වෙති.

බූද්ධිමත් තැනැත්තියක් වන්නීය. තරමක් උඩගු ගතියෙන් යූක්තයි. අනූකම්පා සහගත සිතකි. එතරම් පරිත්‍යාගයට කැමති නැත. සමාජයෙහි ඉතා හොඳ තැනැත්තියක් මෙන් කටයූතු කරයි. පටන් ගන්නා වැඩ බොහෝ දුරට එක තැනකය. බූධ බූද්ධිමත් ග්‍රහයෙක් වූවත් සැලසූම් සහගතව කටයූතු කිරීමක් නැත. එය තමන්ගේ කටයූතු වලට පමණයි. අනූන්ට අවවාද දෙයි. එහෙත් තමන් අවවාද පිළිගන්නේ නැත. නීතිය අකුරට පිළිපදින්නීය.

වැරදි වැඩ වලින් බොහෝ දුරට වැළකී සිටීමට හැකියාව මැයසතුව පවතී. තම සහෝදර සහෝදරියන්ගේ අධ්‍යාපන කටයූතු ගැන උනන්දුවෙන් කටයූතු කරයි. එහෙත් තමන්ගේ අධ්‍යාපන කටයූතු ගැන එතරම් උනන්දුවක් දක්වන්නේ නැත. රැකියාවක් වූව අනූන්ට සොයා දෙයි. කෙසේ වෙතත් අනූන් ගැන ඕනෑවට වඩා වෙහෙසෙන්නීය.

කෙනෙකු සමග හිතවත් වන්නේ බොහෝ කලාතුරකිනි. බොහොම කල්පනාවෙන් ආශ්‍රය කරයි. කතාවත් බොහෝ දුරට හිතාමතා නිසා ඕනෑම කෙනෙකු සමග සමගියෙන් කල්ගත කරන්නීය.

මිථූන ලග්න කාරිය හැඟීම් වලට වහල් වන්නේ නැත. ඉතා කැපවීමකින් නැගී එන හැඟීම් යටපත් කරගනී. පේ්‍රම සබඳතාවලදී හොඳ බූද්ධියකින් කටයූතු කරන්නීය. හිතුමතයට ආදරය කරන්නේ නැත. ආදරය කරන පේ්‍රමවන්තයින් රවටනනේ නැත. ආදර සබඳතාවන්ට බාධා නැත. මව්පිය දෙදෙනාට ඉතාම ආදරයෙන් කතා කරයි. නිතරම ඔවූන්ව සතුටින් තැබීමට මහන්සි ගන්නීය. ඕනෑම කෙනෙකු සමග හිතවත් වේ. එහෙත් බොහෝ දුරට අතේ දුරිනි. හිතුමනාපයට මූදල් වියදම් කරන්නේ ද නැත.

කපටි අදහස් නැත. කපටින්ට ලෙහෙසියෙන් රවටන්නට නොහැකි වන්නීය. කෙනෙකු ගැන හොඳ අවබෝධයෙන් කටයූතු කරයි. ගුරුවරියක් නම් තම රාජකාරිය ඉතා හොඳින් කරයි. සේවය මිස මූදල ගැන හඹා යන්නේ නැත. ඵලයට හේතුව ගැන සිතා බලන නිසා බොහෝ විට නිකරුනේ මූදල් වියදම් කරන්නේ නැත. කෙනෙකුට මූදල් ණයට දුන්නත් එය ඉතා සූක්ෂම ලෙසින් නැවත ලබාගන්නා අතර ණය බරින් තොර ජීවිතයකට ප්‍රිය බැවින් රටට දැයට ණයක් නොවන ලෙස ජීවත් වන්නීය. තම කටයූතු තමන්ම කරන අතර ව්‍යාපාරයක් වූව තම මූදලෙන් කරගනී. අනූන්ගේ හැරමිටි අවශ්‍යය නොවේ. හොඳ එඩිතර හිතක් ඇත.

ආගමට ප්‍රධාන ස්ථානයක් දෙයි. එහෙත් තමන් ගැන ප්‍රචාරයට ආගම යොදාගන්නේ නැත. දන් දෙයි. එහෙත් තම නම ගැන සඳහන් කිරීමට ඉතා අකමැති වේ.

විවාහය

මිථූන ලග්නකාරියගේ හත අධිපති වන්නේ ගුරු ග්‍රහයා හෙවත් බ්‍රහස්පතිය. බ්‍රහස්පති හත්වැන්න ගත වීම රණහංස නමින් ඉතා ප්‍රබල ග්‍රහ යෝගයක් යොදනූ ඇත. මෙම යෝගයෙන් ජනිත වනිතාව පැහැපත් ශරීරයකින් යූක්ත වන්නීය. විවාහයට පත්වන විට මධ්‍යම ශරීරයෙන් වූවත් විවාහ වී ටික කලකින් තරබාරුවීම නම් නොවැලැක් විය හැකි වේ. බිරිඳක් ලෙස මාතෘ ගුණයෙන් පරිපෝෂිතයි. හත්වැනි බූධ ගුරු සංයෝගය නම් වනිතාවට එතරම් හිත කර නැත. මෙය කාම හිත යෝගයක් වන හෙයින් විවාහ ජීවිතයද එතරම් සාර්ථක නොවන්නීය. තමන්ට උපරිම ආශ්වාදය විඳීමට බාධා පැමිණේ.

පැරණි භාණ්ඩ වලට ආශාවක් දක්වයි. ඒවා එකතු කර ප්‍රවේශමෙන් තබාගනී, කුඩා කල භාවිතයට ගත් බොහෝ දේ ඉතිරි කර ප්‍රවේශම් කර ගනී. එයට හේතුව කේතු බූධ එකතුවයි. කුජ කේතු බූධ හත්වැන්න ගතවීම බූද්ධිමත් කෙනකි.

ධනය

රවි දෙවැන්න ධනය ලැබෙන ග්‍රහ බලයයි. මිථූන ලග්න කාරියන්ගේ ධනය උස් පහත් වන තත්ත්වයක් ගනී. කලෙක ඉතා හොඳින් ධනය ලැබී සිත සතුටින් පිරී යයි. පසූව ධන තත්ත්වය හීනවී සිත කළකිරීමෙන් කාලය ගෙවයි. එහෙත් ධන හිඟ වන්නේ නැත. සිඟන්නියක් නොවෙනූ ඇත. සති දෙකකින් කටක ලග්න වනිතාවක් සමග හමූවෙමූ.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment