විදුලි බිලට සහනයක් ලබාගැනීමට කල හැකි දේ



ශීතකරණය /රෙදි සෝදන යන්ත්‍රය/විදුලි ස්ත්‍රික්කය සහ විදුලි බූබූළු භාවිත කළ යූත්තේ කොහොම ද?

විදුලි බිලට සහනයක් ලබා ගැනීම සඳහා විදුලි උපකරණ භාවිතයේදී ඒවා පරිහරණය කළයූූතු ආකාරය පිළිබඳ අද වනවිට බොහෝ කාන්තාවන් විමසිලිමත් වෙනවා. ඒ නිසාම ඒ පිළිබඳ අද අපි විමසා බලමූ.

ශීතකරණය වැඩිම විදුලිය වැයවන උපකරණයකි. ඒ නිසාම පාවිච්චිය පාලනය කරගත යූතුයි. එහිදී ප්‍රධාන වශයෙන්ම සැලකිලිමත් විය යූත්තේ දොර ඇරීමේ සහ වැසීමේ වාර ගණන පාලනය කර ගැනීමටය. දොර දාරවල රබර් පටිය හොඳට සීල් වී තිබේදැයි සැකහැර දැනගැනීමටයි.

රබර් පටිය හොඳින් සීල් වී නැතිනම් ශීත වාතය පිටතට ගලායාම නිසා ඇතුළත සිසිල්වීම පවත්වා ගැනීමට වැඩිපූර විදුලිය වැයවීමක් සිදුවේ.

ශීතකරණයේ මනා ක්‍රියාකාරීත්වයට පිටූපස ඇති බට සිසිල්වීමට අවම වශයෙන් ශීතකරණය බිත්තියේ සිට සෙන්ටි මීටර් 30 හෝ අඟල් 12 ක් ඉඩ ඇතිව තැබිය යූතුය.

බිත්තිය සහ ශීතකරණය අතර ඉඩ ප්‍රමාණයක් තැබීම මඟින් පිටූපසට හොඳ වාතාශ්‍රය ලැබීම නිසාම පිටූපස ඇති බට සිසිල්වීම ඉක්මන් වේ. විදුලිය අඩූකර ගැනීමට මෙය තවත් එක් හොඳම ක්‍රමයකි.

හිරු එළිය වැටෙන තැනක හෝ උදුනක් සමීපයේ ශීතකරණය තැබීම වැඩි විදුලි ප්‍රමාණයක් දැවී යාමට හේතුවේ.

ශීතකරණය තුළ ආහාර ගබඩා කිරීමද ප්‍රවේශමින් කළ යූතුය. ආහාර වර්ග තදබද නොවන ලෙසින් ලිහිල්ව තබා ගැනීමට අමතක නොකළ යූතුය.

උෂ්ණත්වය පාලනය නිතරම අඩූවැඩි නොකර ඔබට අවශ්‍ය ප්‍රමාණය එක දිගටම තබා ගැනීම තුළින් අනවශ්‍ය ලෙසින් වැයවන විදුලිය ඉතිරි කර ගැනීමට පූළුවන.

ආහාර වර්ග ශීතකරණය තුළ තැබීමට පෙර ඒවා උණූසූම් නම් හොඳින් නිවා ශීතකරණය තුළ තැබීමටත් සිසිල් ආහාර මිලදීගෙනා විට ඒවා පොලිතින් හෝ කඩදාලිවලින් ආවරණය කර ශීතකරණය ඇතුළත තැබීමටත් අමතක නොකළ යූතුය.

ශීතකරණය තුළ ආහාර වර්ග නොමැති විට එය ක්‍රියා විරහිත කර තැබීම ඔබට වාසිදායක ක්‍රමයක් වන අතර මෙවැනි ක්‍රම අනූගමනය කිරීම තුළින් ඒ සඳහා වැයවන මූදල අඩූකර ගැනීමට පූළුවන.

ඔබ ශීතකරණයක් මිලදී ගැනීමට ප්‍රථම ඔබට අවශ්‍ය වන ප්‍රමාණය තීරණය කර ඒ අනූව ශීතකරණය මිලදී ගන්න. අනවශ්‍ය ලෙසින් ශීතකරණය විශාල වීමද විදුලිය නිකරුණේ වැයවීමට මඟක් වනූ ඇත.

රෙදි සේදීමද විදුලිය වැයවන මඟකි. නිතරම අවශ්‍ය ප්‍රමාණය එකතු වූ විට එකවර සෝදා ගැනීමෙන් විදුලිය පිරිමසා ගත හැක. එසේ නැතිව විටෙන් විට රෙදි කෑලි කිහිපයක් සඳහා මැෂිම ක්‍රියාත්මක කිරීම සූදුසූ නැත.

රෙදි මැදීමේදී විශේෂයෙන්ම මතක තබා ගත යූත්තේ එකවර රෙදි ගොඩම ස්ත්‍රික්ක කර ගැනීමටයි. විටින් විට ස්ත්‍රික්කය රත් කිරීම වැඩිපූර විදුලිය වැයවීමට හේතුවක් බව අමතක නොකරන්න.

රෙදි සෝදා වියළා ගැනීමේදී ඒවා පොඩි නොවන ලෙසින් වියළා ගෙට ගැනීමටත් අයන් කරන තුරු පිළිවෙලට රෙදි නවා තැබීමටත් වගබලා ගන්න. නැතිනම් පොඩි වූ ඇඳුම් අයන් කිරීම සඳහා වැඩිපූර කාලයක් අවශ්‍ය වනවා මෙන්ම වැඩිපූර විදුලිය වැයවීමක් වන බව අමතක නොකරන්න. වාෂ්ප ස්ත්‍රික්ක භාවිතයද වැඩි කාර්යකෂමතාවක් ලබා ගැනීමට හේතුවක් වනූ ඇත.

රාත්‍රී කාලයේ පාඩම් කිරීම සඳහා විදුලි බූබූළු භාවිත කිරීමද විදුලිය වැය වන කාර්යයකි. එමඟින් වැයවන විදුලිය අවම කර ගැනීම සඳහා මේසය සඳහා පමණක් වන මේස ලාම්පූ භාවිත කළ හැකි අතර වොටි 5 පමණ කතඛ විදුලි බූබූළු භාවිතය මඟින් වැයවන විදුලිය අඩූකර ගත හැකිය.

විදුලි ඉංජිනේරු
චිත්‍රා බොතේජ

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment