ජීවිතයට අවදානම එක්කරන හෘද රෝග




මිනිස් සිරුරේ සූවිශේෂි ඉන්ද්‍රියන් අතර හෘද වස්තුවට හිමිවන්නේ සූවිශේෂි ස්ථානයක්. අධි ක්‍රියාකාරිත්වයකින් යූතු මේ ඉන්ද්‍රිය රෝගීවීම මිනිස් ජීවිතයට ගෙන දෙන්නේ දෑඩි අවධානම් තත්ත්වයක්.

වර්තමානය වනවිට අප ජීවත් වන වටපිටාවේ හදවත් රෝග වැළඳුනූ විශාල පිරිසක් සිටිනවා යැයි පැවැසීම අතිශෝක්තියක් නොවේ.

මෙලෙස හෘද රෝගීන්ගේ ප්‍රමාණය සංඛ්‍යාත්මකව ඉහළ යෑමට ප්‍රධාන හේතුව අධි තරගකාරී ජීවන රටාව මෙන්ම වැරදි චර්යා රටාවන්ද හේතු සාධක වන බව නිගමනය කළහැකිය.ි

ඒ කෙසේ වූවත් මෙම හෘද රෝගීන් පිළිබඳව පරීක්ෂා කිරීමේදී හෘද රෝග වර්ග හතරකට බෙදා වෙන් කළ හැකිය.

ඉන් පළමූවෙන්ම සඳහන් කළ හැක්කේ සංජානීය හෘදයාබාධයයි.

මෙහිදී හෘදයේ කර්ණිකා හෝ කෝෂිකා අතර සිදුරු ඇතිවීමයි. (මෙය කෙනෙකු ගේ උපතින්ම ඇතිවිය හැකියි)

මේ හෘද සිදුරු කොටස් දෙකකි. කෝෂිකා දෙකක් අතර කෝෂිකා බිත්ති අතර සිදුවන සිදුරු හා කර්ණිකා දෙකක් අතර කර්ණිකා බිත්ති අතර සිදුවන සිදුරු. ධමනි වැරදි ආකාරයට පිහිටීම, යනාදිය සංජානීය හෘදයාබාධ අතර වේ.

මෙම රෝග තත්ත්වය බොහෝවිට කුඩා වයසේ දී හඳුනා ගනූ ලැබේ. එමෙන්ම රුමටික් උණ වැළඳීම නිසා හෘදයේ කපාට විවෘත වීමේ අපහසූතා හා දුර්වලවීම තවත් රෝග තත්ත්වයකි. මෙය තරුණ වියේ පසූවන අය හා වැඩිමහල් අය තුළින් දෑකිය හැකි තත්ත්වයකි.

හෘදයේ පේශිවලට රුධිරය සපයන කිරීටක ධමනි අවහිර වීම සිදුවිය හැකිය. එය ඇන්ජයිනා (්භඨෂභ්ඃ ලෙස හැඳින්වීමට පූළුවන්. මෙය දුම්බීම අධි රුධිර පීඩනය දියවැඩියාව කොලෙස්ටරෝල් වැනි තත්ත්වයන් නිසා ඇතිවීමට පූළුවන්. මීට අමතරව ජාන බලපෑම හා ඇතැම් වයිරස් නිසාද හෘදයේ පේශිවල දුර්වලතා ඇති වේ. මෙය කාඩියෝමයෝපති (කසෲෂධඵශධෑ්ඔ්‍යශඃ ලෙස හැඳින් වේ.

රෝග ලක්ෂණ

සංජානීය හෘද රෝග නැත්නම් උපතින්ම සිදුවන හෘද රෝග වර්ග දෙකකට බෙදා වෙන් කළ හැකියි. විශේෂයෙන්ම මෙම තත්ත්වය දරුවන්ට වැළදුනහොත් ඉන් එම දරුවා නිල් පැහැ ගැන්වී සිටින අයූරු දැකිය හැකියි. මෙසේ වූ කල ඒ හරහා වෛද්‍ය පරීක්ෂණ කර රෝගී තත්ත්වය වඩා පහසූවෙන් සොයාගත හැකියි.

තවත් කෙනෙකුට මෙම තත්ත්වය ඇතිවූ විට නිල්පැහැ නොවී සිටීමට පූළුවන්. එවන් විටෙක වෛද්‍ය නලාවෙන් පරීක්ෂා කරන විට නැගෙන විශේෂිත ශබ්දය අනූව වෛද්‍යවරයෙකුට මෙම තත්ත්වය හඳුනාගත හැකියි. තවදුරටත් එය එකෝ ස්කෑන් පරීක්ෂණාදියෙන් රෝග නිශ්චයකට පැමිණිය හැකියි.

හෘදයේ කපාට විවෘත වීමේ අවහිරතා ඇති අයකු හතිය පපූවේ මහන්සිය වැනි රෝග ලක්ෂණ ඇතිවීම තුළින් දෑනගත හැකියි.

එවන් අයකු වෛද්‍යවරයෙකු වෙත පැමිණි පසූ එක්රේ පරීක්ෂණ මගින් මෙන්ම අනෙකුත් වෛද්‍ය පරීක්ෂණ මගින් හඳුනාගත හැකියි.

මෙවැනි රෝගීන්ට කුඩා කාලයේදී සෙම් ගෙඩි හා හන්දි ඉදිමූම (රුමටික් හන්දි ප්‍රදාහය) වැනි ලක්ෂණ ඇතිවූ අයයි.

ඇන්ජයිනා රෝග තත්ත්වයේදී පපූ ප්‍රදේශයේ මැද දෑවිල්ලකුත් ඒ අවට හිර කිරීමක් වම් බාහූව දෙසට දුවන වේදනාකාරි තත්ත්වයක් වැනි රෝග ලක්ෂණ ඇති විය හැකියි. බොහෝ රෝගීන් සිය පපූවේ යම් කිසි වේදනාවක් අපහසූතාවක් දැනූණූ වහාම වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට හා ප්‍රතිකාර ලබා ගැනීමට යොමූවෙනවා. එහෙත් සියයට 20 ක් පමණ දෙනා හෘද රෝග වැළදුණූවිට ප්‍රතිකාර ලබා ගැනීමට පෙරම මිය යනවා.

ඒ කෙසේ වෙතත් වර්තමාන වෛද්‍ය විද්‍යාවේ දියූණූවත් සමග හෘද රෝග පරීක්ෂණ මගින් හඳුනාගෙන ප්‍රතිකාර කර සූව කළ හැකිය.ි

හෘද රෝග සඳහා වන බයිපාස් වැනි ශල්‍යකර්ම පැය කිහිපයක් ගත වෙන ඒවා වන අතර රෝගියා සිහි නැතිවෙන ලෙස නිර්වින්දනය කර පපූව හෝ පිට ප්‍රදේශයේ විවර කිරීමකින් හදවත සොයා එහි ක්‍රියාකාරීත්වය තාවකාලිකව නවතා රුධිර සංසරණය පිටස්තර යන්ත්‍රයකට බාරදී අදාළ සැත්කම කළ යූතුය.

මෙවැනි සැත්කම් විවෘත හදවත් සැත්කම් ලෙස හෘද ශල්‍ය වෛද්‍යවරු හඳුන්වනවා. මෙම සැත්කමට ලක්වූවන්ගේ බාහිරින් කැළැල් පෙනෙන අතර දින ගණනාවක් රෝහල්ගතව සිටීමට ද සිදුවෙනවා.

වර්තමානයේ එම තත්ත්වය වඩාත් වෙනස්ය. අවහිර වූ කිරීටක ධමනිවල අවහිරතා ඉවත් කිරීම හා හදවත් සිදුරු වැසීම සඳහා කැතීටර මගින් හදවත් සැත්කම් සිදු කරන අතර ඒ සඳහා ගතවන කාලය විනාඩි 15ඃ 20 වැනි සීමාවකට පැමිණ ඇත.

අතීතයේ බයිපාස් නමින් ප්‍රසිද්ධව පැවතියේ කීරීටක ධමනි අවහිරවීමේ ශල්‍යකර්ම මගින් සූව කිරීමයි.

එදාට වඩා අද වෛද්‍ය විද්‍යාව දියූණූය. වර්තමානයේ සිදුවන්නේ එවැනි අවහිරතා මගහැරවීමට ධමනිය තුළින්ම ගොස් ස්ටෙින්ටි (ිඑැබඑඃ නැමති දෑලක් තැන්පත් කිරීමයි. ිඑැබඑ යනූ සියූම් ලෝහ කම්බි දැලකින් තැනූ සිලින්ඩරාකාර දඟරයක්වන අතර එය පාදයේ හෝ අතේ ධමනියකින් ඇතුල් කර කිරීටක ධමනිය කරා යවා එහි අවහිර වූ ස්ථානයේ ස්ථානගත කිරීමෙන් රුධිර සංසරණයට මඟ පාදයි.

කිරීටක ධමනි අවහිර වූ විට මහන්සි වී වැඩ කරන විටදී පපූවේ මැද වේදනාවක් ඇතැයි පවසන රෝග ඉතිහාසයක් සහිත රෝගින් ෑකඨල ෑක්‍යධ ීක්භ ආදි පරීක්ෂණ කර ඒ අනූව අවශ්‍ය වෙතොත් ්භඨෂධඨසෘභඵ ඇන්ජියෝග්ෑම් පරීක්ෂණයට ලක් කරනවා. මෙහිදී රෝගියාගේ කකුලේ හෝ අතේ ප්‍රධාන ධමනියක් අසල හිරිවැටීමකින් පසූ ධමනිය තුළින් සිහින් ප්ලාස්ටික් නලයක් ඇතුලු කර එය නහරය ඔස්සේ හෘදය දෙසට ගමන් කරනූ ලබනවා. අනතුරුව වර්ණකයක් යැවෙන අතර අදාල ධමනියේ එක්ස්රේ කිරණ ඡායාරූප මගින් වර්ණක ගමන අවහිරතා තැන සොයා ගනී.

මෙහිදී කිරීටක ධමනියේ බොහෝ තැන්වල අවහිර ඇත්නම් බයිපාස් සැත්කමක් නිර්දේශ කරන අතර එක ස්ථානයක් හෝ දෙකක් අවහිර වී නම් ඒ සඳහා කැතීටරය පෙරකී පරිදිම ගෙන යන බැලුනයක් අවහිර වී ඇති තැනදී පිම්බීමට සලස්වා අවහිරතා තලා දමනවා. ඒවා යළි ඇති නොවීමට ිඑැබඑ දඟරයක් තැන්පත් කරනවා.

අප මූලින් සාක්ච්ඡා කළ ආකාරයට හෘදයේ ඇතිවන සිදුරු වැසීමට මෑතක් වනතුරුම සිදු කෙරුණේ හදවත විවෘත කර කරනූ ලබන සැත්කම්ය. එවැනි සැත්කමකින් පසූ රෝගියා තවත් සෑහෙන කාලයක් රෝහලේ සිටිය යූතුය. පපූවේ ඉදිරිපස දිගු අවලස්සන කැපූම් තුවාල කැළලක්ද ඉතිරි වේ. වර්තමානයේ එසේ නොවේ. හෘදයේ ඇතිවන සිදුරු වැසීමට පෙර ලෙස හෘදය විවෘත නොකර කැතීටරය මගින් සැත්කම් සිදු කරලිය හැකියි. එය ඩිවයිස් ක්ලෝසින් ලෙස හැඳින්වේ.

මෙහිදී සිදුකරනූ ලබන්නේ කැතීටරයක් බහලූ ඩිවයිස් එකක් හදවතට යවා අදාළ සිදුරු වසා දැමීමයි. පෙති දෙකක හැඩයට ඉතා සිහින්ව වියූ කුඩා දෑලක් මේ සඳහා භාවිත කරනවා. කැතීටරය තුළට ඇදගත් මේ දෑල හදවතේ සිදුරට යොමූ කරන අතර පෙති දෙක දෙපසින් හදවතේ බිත්තියට හාවන පරිදි ස්ථාන ගත කරනවා.

මිලි මීටර් 4ඃ 40 අතර ප්‍රමාණවලින් යූතු මෙම ඩිවයිස් සාදනූ ලබන්නේ නිකල් හා ටයිටෙිනියම් ලෝහ යෙදූ නිටිනෝල් විශේෂයකිනි.

ජාන බලපෑම් හා ඇතැම් වයිරස් නිසා හෘදයේ පේශිවල ඇතිවන දුර්වලතා ඖෂධ මගින් මඟ හරවා ලීමට කටයූතු කරන අතර දියූණූ රටවල හෘදය බද්ධ කිරීම් සිදු කරනවා.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment