ජෙල්, මූස් සහ ස්ප්‍රේ වර්ග භාවිත කිරීමේදී..

කොණ්ඩය පීරා මනාව සකස් කර ගැනීමේදී ජෙල්, මූස් හා ස්ප්‍රේ මගින් පහත සඳහන් අවශ්‍යතා ඉටූවේ.

ඉහත ද්‍රව්‍ය භාවිත කර කොණ්ඩය සකස් කරගත් වෙලේ පටන් නැවත සෝදා හරින තුරුම සකස් කර ගත් කොණ්ඩා මෝස්තරය එලෙසින්ම පවතී.

මෙහිදී කොණ්ඩා මෝස්තරයක් සැකසීමේදී කොණ්ඩය කොටස් කර (කුඩා හෝ විශාල) ඊට ජෙල් ගල්වා ලූප්ස් දමා හෝ අඹරා, කර්ල් කර හෝ සකසා ගත හැකියි.

තාවකාලික කොණ්ඩයක් පර්ම් කිරීමට අවශ්‍ය වූ විට කර්ලිං ටෝන් එක උපයෝගී කොටගෙන ජෙල් ගල්වා ස්පයිරල්, රෝඩ්ස් වර්ග උපයෝගී කරගෙන එය සිදුකර ගත හැකිවීම.

කාන්තාවන් මෙන්ම පිරිමි පකෂයේද සිය කොණ්ඩය සකසා ගැනීමට ජෙල් භාවිතයට ගනී. විශේෂයෙන් කුඩා හා තරුණ පිරිමි පකෂය තම හිසෙහි දිනපතා ජෙල් ගැල්වීම පූරුද්දක් කොටගෙන සිටින අතර එය තාවකාලිකව කොණ්ඩය සකසා ගැනීමේ මගක් වූව ද දිනපතා හිස කෙස් පිරිසිදු කර නොගෙන යළි ජෙල් ගැල්වීම සූදුසූ නොවේ.

ඉහත ද්‍රව්‍ය කොණ්ඩයෙහි ගල්වා පැය 8ඃ10 ට වඩා නොතබා සෝදා හැරිය යූතුය.

එසේ නොවූණහොත්, එළිමහනේ යාමේදී සූළඟ මගින් කුණූ දූවිලි හිස් කබලේ තැන්පත්වීම, ඒ මගින් හිස් හොරි ඇතිවීමේ, වැඩි ප්‍රවණතාවයක් ඇතිවීම, එමෙන්ම හිස කෙස් අකලට පැසීම, ගැලවී යාම මෙන්ම කෙස් අඟ පැලීම ද සිදුවිය හැකියි.

ජෙල්. මූස් ස්ප්‍රේ භාවිත කර කොණ්ඩය සකසා ගත්තද කෙස් කළඹ නිතිපතා ලස්සනට තබා ගැනීමට ඉහත ද්‍රව්‍ය ගල්වා හිස කෙස් සකස් කරගෙන පැය 8ඃ10 තුළ නිසි ලෙස සෝදා හැරිය යූතුයි.

එමෙන්ම ජෙල්, මූස්, ස්ප්‍රේ වර්ග භාවිත කිරීමේදී උසස් ප්‍රමිතියකින් යූතු නිෂ්පාදන භාවිත කිරීමටද ඔබ වග බලා ගත යූතුය. එසේ නොමැති වූවහොත් ඔබට ඉහත අනිටූ ඵල ද ලබන්නට සිදුවිය හැකියි.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment