ස්ටේ‍රිටි සහ පර්ම් කිරීමට ප්‍රථමයෙන් හා පසූව ඔබ දෑනගත යූතු දේ




පොදුවේ ස්ටේ‍රිටි කිරීම, පර්ම් කිරීම, කලර් කිරීම රසායනික සේවාවන් සේ හඳුන්වයි. රසායනික සේවාවක් (චහඑමඉචඅල ටරඑඅටමඑනට) යනූ කිසියම් රසායනික ද්‍රව්‍යයක් භාවිත කොට කෙස් කළඹේ ස්වභාවික පෙනූම හෝ ස්වභාවික පැහැය වෙනස් කිරීමයි. මෙවැනි සේවාවකින් පසූව අපි එම කෙස් කළඹ කෙමිකලි ටී්‍රඩඩ් හෙයාර් යනූවෙන් හඳුන්වමූ. කිසියම් රසායනික ක්‍රියාවලියකට මින් පෙර බඳුන් නොවූ හිසකෙස් වර්ජින් හෙයාර් යනූවෙන් හඳුන්වයි. ඕනෑම රසායනික සේවාවකින් පසූව හිසකෙස් ඉතා වියළි හා දුර්වල ස්වභාවයක් ගනී. රසායනික ද්‍රව්‍ය සම්බන්ධ ක්‍රියාවලියක් බැවින් ස්ටේ‍රිටිනින්, කලරින්, හා පර්ම් කිරීමේදී ඉතා පරිස්සමට මෙන්ම පලපූරුදු කේශාලංකාර ශිල්පියෙකු හෝ ශිල්පිනියක ලවා මෙම සේවාව සිදු කරගත යූතුය. මෙවැනි කාර්යයක් ඉටූ කර ගැනීමට ප්‍රථමයෙන් පොදුවේ ඔබ විසින් දෑනගත යූතු වැදගත් කරුණූ කිහිපයක්ම ඇත. ඒවා නම්

1. පලපූරුදු ශිල්පියෙකු හෝ ශිල්පිනියක් මේ සඳහා තෝරාගන්න

2. ඔබ තෝරාගන්නා රූපලාවන්‍යාගාරය මෙවැනි සේවාවන් කිරීම සඳහා සූදුසූ වාතාවරණයක්, අවශ්‍ය උපකරණ, නිවැරදි තාක්ෂණය හා පූහූණූ සේවකයන් සිටිනවාද යන්න හොඳින් දෑන තහවූරු කරගන්න.

3. ඔබ තෝරාගත් රූපලාවන්‍යාගාරයේ මෙවැනි සේවාවන් සම්බන්ධයෙන් ඔවූන්ගේ ඉතිහාසයේ විශ්වසනීය බව මනාව පිරික්සන්න.

4. කෙස් කළඹ සඳහා භාවිත කරනූ ලබන රසායනික ද්‍රව්‍ය නිවැරදි ඒවාද? කල් ඉකුත් නොවූ ඒවාද ව්‍යාජ වර්ගයේ ද්‍රව්‍යයන්ද නැත්ද යන වග පිළිබඳව එම ක්‍රියාවට ප්‍රථමයෙන් ඔබ සොයා බලන්න.

5. රසායනික සේවාවට ප්‍රථමයෙන් එම ක්‍රියාව කරනූ ලබන ආකාරය පිළිබඳ කෙටියෙන් හැඳින්වීමක් කරන ලෙස ඔබගේ රූපලාවන්‍යාගාරයේ ශිල්පියාගෙන් ඉල්ලීමක් කරන්න. එවිට එම ක්‍රියාවලිය ගැන ඔබට මද වශයෙන් දෑනීමක් මෙන්ම එම ශිල්පියාට ඒ පිළිබඳ ඇති දෑනීම පිළිබඳ ඔබට දළ අදහසක් ලබාගත හැක. එමගින් ඔබට තෘප්තිමත් විය හැකි නම් එම රූපලාවන්‍යාගාරයේ සේවාව ලබාගැනීමටත් එසේ නොමැතිනම් ඉන් ඉවත්ව යාමටත් හැකියාව ඇත. එලෙස කිරීම ව්‍යසනයකින් වැලකීමට ඇති හොඳම මාර්ගයයි.

6. හිසට පහළින් ඇත්තේ ඔබේ මූහූණ හා දෙනෙත් බැවින් ඕනෑම රසායනික ක්‍රියාවලියක ආරක්ෂාව පිළිබඳ සැලකිලිමත් වන්න.

7. රූපලාවන්‍යාගාරයක් තෝරාගැනීමේදී මිල වඩාත් අඩූවෙන්ම අය කරන රූපලාවන්‍යාගාරය නොව වඩා නිවැරදිව හා ආරක්ෂාකාරී ලෙස ක්‍රියාවේ යෙදිය හැකි රූපලාවන්‍යාගාරයක් තෝරාගැනීමට යූහූසූළු වන්න.

8. රසායනික ද්‍රව්‍යය කෙස් ගස් මත ආලේප කිරීමට ගත වන කාලය හා කෙස් මත තබා තිබීමට ගත වන කාලයට වඩා වැඩි කාලයක් ගත වීමට ඉඩ නොතබන්න. එසේ වූවහොත් ඔබට මෙන්ම ඔබේ කෙස් කළඹටත් විශාල හානියක් විය හැක.

9. ඕනෑම රසායනික සේවාවකට ප්‍රථමයෙන් එම රසායනික ද්‍රව්‍යය තමන්ට සූදුසූද, ඇලජික් නොවන්නේද යන්න පරීක්ෂාවක් කොට තහවූරු කරගන්න. එය ඔබ තෝරාගන්නා රූපලාවන්‍යාගාරයේ ඔබේ සේවාව සපයන ශිල්පියා ලවා ඉටූ කරගන්න. එසේ කිරීමට ඔබ ඉල්ලීමක් කරන්න.

10. අදාළ සේවාවෙන් පසූ ඔබගේ හිසකෙස් රැකබලා ගත යූතු ආකාරය පිළිබඳ භාවිත කළයූතු ෂැම්පූ වර්ග, කන්ඩිෂනර් වර්ග මොනවාද? හිසකෙස් සඳහා සත්කාර ලබාගැනීමට කොපමණ කලකට වරක් රුපලාවන්‍යගාරයට පැමිණිය යූතුද? හිස කෙස් සේදීම පිරීම කළ යූතු ආකාරය යනාදි කරුණූ ගැන ඔබගේ රූපලාවන්‍යවේදිනියගෙන් අසා දෑනගන්න. එපමණක් නොව එම උපදෙස් එලෙසම පිළිපැදීමට යූහූසූළු වන්න. එම උපදෙස් එලෙසම පිළිපැදීමෙන් ඔබ විසින් විශාල මූදලක් ගෙවා කර ගනූ ලැබූවා වූ සේවාවේ තත්ත්වය දිගු කලක් රැක ගැනීමට පූළුවන් වෙනූ ඇත.

11. කෙස් ගසේ ස්වභාවය වෙනස් කර ගනූ ලබන්නා වූ සේවාවන් වන ස්ටේ‍රිටිනින් හා පමින් එකක් කරගැනීමෙන් පසූව දින 3 ක් යන තෙක් හිසකෙස් සේදීමෙන් වැලකී සිටීමට ඔබට උපදෙස් ලැබෙනූ ඇත. එම උපදෙස් එලෙසම පිළිපදින්න.

12. රසායනික සේවාවකින් පසූව හිස කෙස්වල ඇතිවන්නා වූ වියළි හා දුර්වල ස්වභාවය තුරන් කරගැනීම සඳහා අඩූම තරමින් සතියකට වරක්වත් තෙල් සාත්තුවක් කර ගත යූතුය.

13. ස්ටේ‍රිටි කරනූ ලැබූ කෙස් කළඹක් එහි නඩත්තුව කරගෙන යාම සඳහා අඩූම තරමින් මසකට වරක් හෝ දෙකක්වත් රූපලාවන්‍යාගාරයක් වෙත ගොස් කොණ්ඩය ෂැම්පූ හා කන්ඩිෂනර් භාවිත කොට සෝදවා හෙයාර් ඩ්‍රයරය භාවිත කොට බ්ලෝඩ්‍රයි එකක් කරගත යූතුය.

14. පර්ම් කරනූ ලැබූ කොණ්ඩයක් හෙයාර් ඩ්‍රයරයක් භාවිත කොට වියලීමේදී එතරම් තද රස්නයනක් භාවිත නොකර ඩිෂූයූසරය නැමති කොටස එයට එක් කොට කොණ්ඩය වියලා ගන්න. මෙම කොටස පිළිබඳ ඔබට දෑනූමක් නොමැත්තේ නම් ඔබගේ රූපලාවන්‍ය ශිල්පියාගෙන් හෝ ශිල්පිනියගෙන් ඒ පිළිබඳ විමසා දෑනගන්න.

15. පර්ම් කරනූ ලැබූ කෙස් කළඹක් බ්‍රෂ් හෝ විවිධ වර්ගයේ පනාවලින් පීරීමෙන් වළකින්න. ඒ සඳහා දැති ඇති පනාවක් භාවිත කරන්න. පර්ම් එක පීරීමෙන් කොණ්ඩයේ

රැළි ගතිය පහවයාමට පූළුවන්. එවිට ඉතා ඉක්මනින් පර්ම් එක දිග හැරේවි.

16. පර්ම් කරනූ ලැබූ කෙස් කළඹක් සඳහා අනිවාර්යෙන්ම කන්ඩිෂනර් භාවිත කිරීම අනිවාර්ය වන අතර එසේ කිරීමෙන් රැළි ගැසූනූ කෙස් පීරිම පහසූ කරවයි. පර්ම් කරනූ ලැබූ කොණ්ඩයක් සේදීමෙන් පසූව තුවායකින් තෙත මාත්තු කොට දෑති ඇති පනාවකින් පීරා අවූල් ඇරගන්න.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment