සිංහල භික්ෂූන් වහන්සේ නමක් බණ කීම



මිහිඳු මහරහතන්වහන්සේ සහ සංඝමිත්තා මෙහෙණින් වහන්සේ ප්‍රමූඛ මහා සංඝරත්නය සහ දේවානම්පියතිස්ස රජතුමා සහ රාජ අමාත්‍ය මණ්ඩලයද ඒ කාලයේ වාසය කළ උපාසක උපාසිකාවන් ද අප රටෙි පැවතුණූ ඒ ශිෂ්ටාචාරය නව මගකට හැරවීමට සමත් වූහ. මේ කාර්යයේදී පළමූව සඳහන් කළ පූජනීය මහා සංඝරත්නය ද දේවානම්පියතිස්ස රජතුමා ද සැලසූම් සහගතව මේ රට තුළ බූදු දහම ව්‍යාප්ත කිරීමට ගත් උත්සාහය නිසා මේ දක්වාම පමණක් නොව වසර පන්දහසක්ම මේ බූදු සසූන අප රටෙි ශිෂ්ටාචාරය තුළ පවතින්නේය.
වරක් දේවානම්පියතිස්ස රජතුමා මිහිඳු මහ රහතන්වහන්සේගෙන් කදිම ප්‍රශ්නයක් ඇසූවේය. ඒ ප්‍රශ්නය ඇසීමට හේතුව මේ වන විට බූදුදහම මේ රටෙි ඉතා හොඳින් මූල්බැස ගෙන ඇතැයි දේවානම්පියතිස්ස රජතුමා සිතූ නිසාය. මිහිඳු මහ රහතන්වහන්සේ රජතුමා ඇසූ එම ප්‍රශ්නයට දුන් පිළිතුර අප රටෙි බූද්ධ ධර්මය ස්ථිර වශයෙන්ම මේ රටෙි තහවූරු කිරීමට මිහිඳු මහ රහතන්වහන්සේගේ තිබූණූ සැලසූම කදිමට පැහැදිලි වෙයි. මිහිඳු මහ රහතන්වහන්සේ රජතුමාට දුන් පිළිතුර වූයේ මහරජතුමන් තවමත් ඔබේ රටෙි බූද්ධාගම හරිහැටි ස්ථාපිත වී නැත යන්නයි දේවානම්පියතිස්ස රජතුමා ඉන්පසූව ඒ සඳහා කළයූත්තේ කුමක්දැයි මිහිඳු මහ රහතන්වහන්සේගෙන් විමසා සිටියේය.

"මහරජතුමනි, මේ රටෙි දෙමාපියන් ගෙන් උපන් දරුවෙක් විසින් ධර්මය දේශනාකිරීමෙන් පසූව මේ රටෙි නියම ලෙසින් බූද්ධාගම පිහිට වන්නේය"

මිහිඳු මහ රහතන්වහන්සේ එසේ පිළිතුරු දුන් සේක.

මිහිඳු මහ රහතන්වහන්සේගේ ඒ පිළිතුර සමගම ඒ සඳහා කවූරුන් සූදුසූදැයි මිහිඳු මහ රහතන්වහන්සේ ගෙන් රජතුමා ඇසූවේය. ඊට පිළිතුරු මිහිඳු මහ රහතන්වහන්සේ "පෙර අරිටිඨ කුමරුන් නමින් සිටි අරිටිඨ තෙරුන් එසේ කිරීමට සමත්ය. "යනූවෙන් වදාළහ. එවිට රජතුමා ථූපාරාමයට වඩින ලෙස භික්ෂූන්වහන්සේලාට ආරාධනා කොට අවශ්‍ය සියලු දෑ පිළියෙළ කළේය. එහිදී අරිටිඨ තෙරුණූවෝ මිහිඳු මහ රහතන්වහන්සේ වැඩ සිටි ආසනයට සමාන ආසනයක වැඩ හිදුවා ධර්මය දේශනා කළාය.

බූද්ධාගම විදේශීය ආචාර්යවරුන් විසින් ආරක්ෂා කළ යූතු දෙයක් ලෙසට එදා මිහිඳු මහ රහතන්වහන්සේ නොසිතු අන්දම එයින් ද පැහැදිලි වේ. ඒ නිසා බූද්ධාගම මේ රටෙිම උපන් දූ දරුවන් මහණ වී බණ දහම් ඉගෙන ගෙන එසේ අප රටෙි වෙහෙර විහාර ඉදි කර රට පූරා පූද බිම් නිර්මාණය වූයේ එම කරුණ නිසා බව ඉතා පැහැදිලි කරුණකි. බූද්ධාගම ලංකාව තුළ කොච්චර පැල්පදියන් වූයේද යත් රජකම් කිරීමේදි රජතුමා විසින් රට රැකීම මෙන්ම බූද්ධ ශාසනය රැකීමද අනිවාර්ය සේවාවක් බවට පත් වූයේය. ඒ කාරණය මෙකල අප රටෙි ආණ්ඩූක්‍රම ව්‍යවස්ථාවට පවා ඇතුළත් වීමට ප්‍රථමයෙන් ඉංගී්‍රසින් විසින් 1815 දී අත්සන් කළ උඩරට ගිවිසූමේ පවා සඳහන් වී තිබූණි. මේ සියලුම අවස්ථාවන් උදාවූයේ එදා නැණවත් රජ කෙනෙකුගේ උදව් උපකාර හා අනූග්‍රහය මිහිඳු මහ රහතන්වහන්සේට මෙන්ම සංඝමිත්තා මෙහෙණින් වහන්සේට ද නොඅඩූවම ලැබූණූ නිසාය.

මිහිඳු මහ රහතන්වහන්සේගේද යෝජනාව අනූව ලංකාවේ ශ්‍රීමහා බෝධි ශාඛාව රෝපණය කිරීමත් සමගම අෂ්ට ඵල රූහ සහ දෙතිස්ඵල රූහ ප්‍රධාන පූද බිම් හතලිහක් සඳහා රාජ අනූග්‍රහය ලැබූණූ බව එයින්ද පැහැදිලි වේ. එනිසාම බූදු සසූන ස්ථිර ලෙසින්ම මූල් බැස ගැනීම සංකේතවත් කරන තවත් අවස්ථාවක් ලෙසින් ශ්‍රී මහා බෝධින් වහන්සේ පැළ තිහක් මේ රටෙි සතර දිග් භාගයේ රෝපණය කිරීම හඳුන්වා දිය යූතුව ඇත.

භික්ෂූන් වහන්සේලා ද භික්ෂූණින් වහන්සේලා ද උපාසක උපාසිකා යන සිව් වනක් (සතර පිරිස) ම බූද්ධාගමේ පැවැත්මට අවශ්‍ය වන්නේය. ඒ නිසා ලංකාව පූරා ඒ කාලයේ තිබූණූ ගල්ලෙන් සූද්ධ පවිත්‍ර කොට සතර දිගින් වඩිනා භික්ෂූන් වහන්සේලාට විසීම සඳහා පූජා කළ බව මිහින්තලේ පමණක් නොව රිටිගල දඹූල්ල, සිතුල්පව්ව, රජගල, දීඝවාපිය, ආදී වන ආරණ්‍ය ආශ්‍රිත වූ පූද බිම් වළ ඇතිි ගල් ලෙන් වලින් පැහැදිලි වේ.

මේ ගල්ලෙන් වලින් ඒ බව පැහැදිලිවන්නේ කෙසේදෑයි ඔබට ප්‍රශ්නයක් මතු විය හැකිය.ි ඊට හේතුව ඒ ලෙස භික්ෂූන් වහන්සේලාට පූජා කළ බව අකුරු ලියා ඇති නිසාය. ඒ අකුරු මොනවාද යන්න ද ඔබ විසින් දූ දරුවන්ට පහදා දිය යූතුය. අපි ඒ පිළිබඳ ඉදිරියේදී විස්තර කරමූ. දැනට ඔබ විසින් මතක තබා ගත යූතු කාරණා දෙකක් ඇත. එයින් එක් කරුණක් නම් එදා ඒ ගල්ලෙන්වල ලියූ අකුරු වලින් පැවත එන අකුරු සිංහල අකුරු ලෙසින් අප ලියන ආකාරය. අනෙක් කරුණ නම් ඒ අකුරුවලට කීවේ බ්‍රාහ්මී අක්ෂර යනූවෙනි.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment