තෙල් වැඩිපූර තැවරුණූ බඳුන් පිරිසිදු කරන්නේ කොහොම ද?



අපි කවූරුත් වාගේ නිවසේ තිබෙන භාණ්ඩ ඔපවත් කර අලංකාර කරගැනීමට කැමැත්තක් දක්වන බව දනිමූ. එසේ ගෘහයේ තිබෙන භාණ්ඩ පවිත්‍රකර තබා ගැනීමට යොදා ගන්නා ද්‍රව්‍යයන් පිළිබඳව මේ සටහනින් ඔබව දෑනූවත් කරයි.

ඔබ භාණ්ඩ පිරිසිදු කිරීමේදී අවශ්‍ය පමණට ජලය ගත යූතු අතර එම ජලය ප්‍රමාණය අනූව සේදීමට යොදාගන්නා රසායනික ද්‍රව්‍යයන් දමා කලවම් කර ගැනීම සිදුකළ යූතු වෙනවා.

සැර අඩූ ද්‍රව්‍යයන් වන සබන්, දියර වර්ග, කුඩූ වර්ග, නිවසේ තිබෙන පිඟන්, දීසි, හැඳි, වීදුරු ආදිය පිරිසිදු කර ගැනීමට සූදුසූ වෙනවා. ඔබගේ භාජනවල තෙල් සහිත නම් ඒ සඳහා ඇමෝනියා රසායනික ද්‍රව්‍ය යොදාගන්න පූළුවන්.

තෙල් ආශ්‍රිත භාජනවල තිබෙන තෙල් දියවන්නට හැර ඉවත් කරගන්නට නම් පැරෆින් භාවිත කළ හැකියි.

ටර්පන්ටයින් යොදා ගනූ ලබන්නේ තෙල්, පොලිෂ්වර්ග, තීන්ත පැල්ලම් ඉවත් කිරීම සඳහා වන අතරම වීදුරු පිරිසිදු කර ගැනීමට, නාන කාමරයේ නාන බේසම පිරිසිදු කර ගැනීමට විනාකිරි යොදාගන්න පූළුවන්. එයින් අහිතකර බලපෑමක් නොවන අතරම මනා දීප්තියක් භාජනවලට ලබා ගන්නට හැකිවෙනවා.

ඔබට කරදරයක් බවට පත්ව තියෙන්නේ තද කුණූ පැල්ලම් ඉවත් කර ගන්නේ කොහොමද යන්නනේ. ඉතින් ඒ සඳහා හයිඩ්‍රොක්ලෝරින් යොදා ගන්න පූළුවන්. එය නාන කාමරයේ කාණූ පිරිසිදු කිරීමට භාවිත කළ හැකි අතරම එය භාවිත කිරීමේදී මනා කල්පනාකාරීව කළ යූත්තකි. මන්ද සිරුරේ ආලේප වීමෙන් පිළිස්සීමේ හැකියාව ඇති බැවිනි.

නිවසේදී ඔබ පරිහරණය කරන යම් භාජනයක ග්‍රීස්, තෙල් ආදිය ඉවත් කිරීමට කාබන් ටෙටිරේ ක්ලෝරයිඩ් යොදා ගන්න පූළුවන්. ඔබට තිබෙන තවත් ගැටළුවක් නම් ඔබ දිනපතාම පරිහරණය කරන සේදුම් බේසම හෙවත් සින්ක් එකේ තිබෙන අපවිත්‍ර බැහැර කරන බටයේ කුණූ, දියසෙවල ඉවත් කර ගන්නේ කොහොමද කියන කරුණ. ඒ සඳහා කළ හැකි වන්නේ සෝඩා කුඩූ දමා පිරිසිදු කර ගැනීමයි.

නිවසේ අලංකාරය සඳහා තිබෙන මැද මිදුලේ ඇති ගල්වල දියසෙවල ඉවත් කිරීමට ද භාවිත කළ හැකි වෙනවා. එමෙන්ම සෝඩා තද පවිත්‍රකාරක ද්‍රව්‍යයක් නිසා පරිහරණය කිරීමේදී ප්‍රවේසම් වීමට වගබලා ගන්න. ලී භාණ්ඩ සහ තීන්ත ගැල් වූ භාණ්ඩවල ආලේපවීමෙන් ඒවාටද හානි පැමිණිය හැකි නිසාවෙනි.

තවත් බොහෝ අයට තිබෙන ගැටළුවක් වන්නේ ගෘහයේ ඇති රිදී, පිත්තල, වානේ, ලී භාණ්ඩ පවිත්‍ර කර ගැනීම පිළිබඳවයි. මේ සඳහා ඇතිල්ලීම තුළින් පිරිසිදු කර ගැනීම හැකි නිසා වැලි කඩදාසි හෝ එමරි පවූඩර් හෝ කඩදාසි යොදා ගන්නට හැකිවෙනවා. නමූත් දිනපතාම පිරිසිදු කිරීමට සූදුසූ නොවෙයි. දිනපතාම සීරීමට ලක් වීමෙන් භාණ්ඩවලට හානිවීමට ඉඩ ඇති බැවිනි.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment