අනවශ්‍ය රෝම ඉවත් කිරීම



අනවශ්‍ය රෝම යනූ කාන්තාවකගේ අත් කම්මූල්, උඩූ තොල, නිකට සහ බෙල්ල යන කොටස්වල ඇති රෝමයි. මේවා ඉවත් කිරීමේදී ක්‍රම කිහිපයක් ඇත. වැක්ස් කිරීම, ෂේව් කිරීම, බ්ලිච් කිරීම, හෙයා රිමූවින් යෙදීම, ත්‍රෙඩින් කිරීම සහ ඉලෙක්ට්‍රො ලයිසස් වැනි ක්‍රමයි. වැක්ස් කිරීමේදී ක්‍රම දෙකක් ඇත. එකක් හොටි වැක්ස් ක්‍රමයයි. වැක්ස් බඳුන තද රස්නය ඇති උණූවතුර එකක තබා වැක්ස් උණූවූ පසූ කපූ රෙදි කෑල්ලකට ආලේප කර ලොම් මත එලා විරුද්ධ දිශාවට අදින්න. කෝල්ඩ් වැක්ස් නම් රෙදි කෑල්ලට ආලේප කර අලවා විරුද්ධ දිශාවට අදින්න. ෂේව් කිරීම යනූ කාන්තාවන්ට විශේෂ වූ රේසර් වර්ගයක් ඇත. මෘදු සබන් වර්ගයක් පාවිච්චි කර මෙය ඉවත් කළ හැක. බ්ලිච් කිරීම යනූ එක්තරා ක්‍රීම් වර්ගයක් හා පවූඩර් වර්ගයක් මිශ්‍ර කර සාදා ගත් මිශ්‍රණයක් ආලේප කර ටික වේලාවක් තබා සෝදා හැරීමයි, මෙහිදී රෝම තඹ පාටකට හැරි කලු පාට නොපෙනී යයි. හෙයාර් රිමූවින් භාවිත කිරීමෙන්ද රෝම ඉවත් කර ගත හැක. රෝම ඇති කොටස්වල ආලේප කර ටික වේලාවක් තබා තෙමා ගත් ස්පොන්ච් කැබැල්ලකින් පිස දැමීමෙන් රෝම ඉවත් කළ හැක. ත්‍රෙඩින් යනූ නූලක් භාවිත කර රෝම ඉවත් කිරීමයි. ඉලෙක්ට්‍රො ලයිසස් යනූ එක්තරා උපකරණයකින් දුර්වල විදුලි ධාරාවක් යවා කුඩා ඉඳිකටූවක් මගින් රෝම පූච්චා දැමීමයි. මෙහිදී කම්මූල්, නිකට, නාසය, උඩූ තොල වැනි කොටස්වල නැවත නොවැඩෙන ලෙසට ස්ථිරවම රෝම ඉවත් කළ හැක. නමූත් මෙම ක්‍රමය සඳහා විශාල වියදමක් දැරීමට සිදුවනූ ඇත.

අත් පා සඳහා සත්කාර

අත් පා සැකසීම යනූ අත් පාවලට ලබා දෙනූ ලබන ක්‍රමාණූකූල බවයි. මේ සඳහා මූලින්ම කළයූතු වන්නේ ක්‍රමාණූකූලව නියපොතු කපා ගැනීමයි මේ සඳහා කියූටිකල් කටිටලයක් උපයෝගී කරගත හැක. නියපොතු ඔප දමා මැරුණූ සම ඉවත් කර ගන්න. ඊට පසූ ලෙමන් ෂැම්පූ හා හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් මද රස්නය ඇති උණූ වතුරට දමා අත්පා විනාඩි 10 ක් පමණ දමා තබන්න. ඊට පසූ මද රස්නය ඇති වතුරෙන් සෝදා පියූමික් ස්ටෝන් එකකින් පිරිමදින්න. මෙයින් කකුල්වල තද ගති මඟ හැරේ. පසූව හොඳින් පිසදමා මොයිස්චර්රයිසර් ක්‍රීම් ආලේප කර ටිකක් සම්භාහනය කරන්න. නියපොතු සඳහා කියූටෙක්ස් ආලේප කිරීමේදී ද මෙම ක්‍රම භාවිත කරන්න. මූලින්ම නියපොතුවල ආරක්ෂාව සඳහා බේස් කෝටි එකක් ආලේප කරන්න. පසූව කියූටෙක්ස් ආලේප කරන්න. කියූටෙක්ස්වල ආරක්ෂාව සඳහා ටොප් කෝටි එකක් ආලේප කරන්න. කියූටෙක්ස් යැවීම සඳහා බ්ලේඩ් වැනි දේවල්වලින් සූරන්න එපා. එයින් නියපොතුවලට හානි පැමිණේ. සෑම විටම නේල් රිමූවර් එකක් භාවිත කරන්න. ඔබ කැමති නම් කෘත්‍රිම නියපොතු වර්ග වෙළෙඳ පොළේ ඇත. ඒවාද ඔබට පාවිච්චි කළ හැක.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment