ඉනේ හැඩය අනූව ඇඳුම් තෝරාගන්නේ කොහොමද?




සිහිනිඟ හා පූළුලුකුල, කාන්තා රුව ඔප් නංවන බව අතීතයේ සිට පැවත ආ මතයක්. නමූත් කොතරම් සිහින් විය යූතු ද කොතරම් පූළුල් විය යූතුද බව සඳහන් වී නැහැ. සමහර විට එය එතරම් වැදගත් නොවන්නට ඇති. නමූත් කාලයත් සමගම වර්තමාන කාන්තාවට අතීතයේදීට වඩා සමාජය හා ගැටීමේ අවස්ථා වැඩි බව ඔබ දන්නවා. මෙයට රැකියා ස්ථාන, ප්‍රිය සම්භාෂණ, රූපරාජිණි තරග හා වෙනත් උත්සව ආදියත් ඇතුළත්. තමාගේ රුව මෙන්ම පෞරුෂයත් වැඩි දියූණූවීම අත්‍යවශ්‍ය බව ඔවූන්ට වැටහෙනවා. මෙහිදී තමාට වඩාත් ගැලපෙන නැතහොත් සූදුසූ ඇඳුම් හා විලාසිතා තෝරාගැනීමට ඔවූන් උත්සාහ කරනවා. නිවැරදි තේරීමක් සඳහා තම සිරුරේ අංගවල පිහිටීම පිළිබඳ හොඳ අවබෝධයක් ඔවූන්ට අවශ්‍ය වෙනවා.
එබැවින් දැනට බොහෝ කාන්තාවනට ප්‍රශ්නයක් වෙන නමූත් අනාගතයේදි ප්‍රශ්නයක් නොවන අකාරයට ඉන හා උකුල සම්බන්ධව මෙලෙස දැනූවත් වෙමූ.

ඔබට ඇත්තේ කුමන හැඩයේ ඉනක්ද යන්න ඔබට පෙනෙන ආකාරයට හෝ ඉනෙහි මිම්ම අනූව අවබෝධයක් ලබා ගන්න පූළුවන්. එනම් සාමාන්‍යද මහතද නැතහොත් සිහින්ද යනූවෙන්. සාමාන්‍ය ඉන උකුලේ මිම්මට වඩා 9 1·2- 10 (සෙ.මී 24-25.5 සෙ.මි)ක් කුඩාය. ඉන අසලින් තරමක් ඇතුළට ගොස් ඉනෙහි මිම්ම අඩූ නම් එය කුඩා ඉනක් ලෙස හඳුන්වනවා. ඉන අසලින් තරමක් ඇතුළට ගොස් ඉන වටා මිම්ම වැඩි නම් එය මහත ඉනක් ලෙස සැලකෙනවා. එනම් උකුල මිම්මට වඩා 9 1·2- 10 ට වඩා අඩූ ඉන මිම්මක් මොවූන්ට තිබෙනවා. ඒ ආකාරයටම කුඩා ඉඟක් ඇති විට ඉන මිම්ම උකුල් මිම්මට වඩා 9 1·2- 10 කට වඩා වැඩි බව ඔබට වැටහෙනවා ඇති.

පිරුණූ ළැමක් හෝ පූළුල් උකුලක් ඇති විට සිහින් ඉඟක් පිහිටීම නිසා ළැම හා උකුල තවත් විශාල වී පෙනීමක් සිද්ධ වෙනවා. කෙටි ඉඟක් ඇතිවිටත් මෙය ඒ ආකාරයමයි. සිහින් ඉඟක් හෝ මහත ඉඟක් ඇති විට අප එම අඩූපාඩූව නිවැරදි කළ යූතුයි. ඒ සඳහා පහත සඳහන් ආකාරයට ඇඳුම් හා විලාසිතා තෝරාගැනීමට ඔබ දැනූවත් වීම වැදගත්.

මහත ඉනක් කුමන ආකාරයට පෙනෙනවාද යන්න ඔබට ඉහත සඳහන් රූප සටහනෙන් පැහැදිලි වෙනවා ඇති. ඒ අතරම ඉහත සඳහන් ආකාරයට උකුලේ මිම්ම හා සසඳා බලා ඒ බව තහවූරු කර ගත යූතුය. මෙහිදී සිහින් ඉනක් ඇති ලෙස පෙනෙන ආකාරයට ඇඳුම් තෝරාගැනීම වැදගත් වෙනවා.

උකුල දක්වා හෝ ඊට වඩා දිග බ්ලවූස්, ටියූනික් විලාසිතා, යට ගවූම් හැඩට මැසූ එනම් ඉන අසලදී ලිහිල් හැඩයක් ඇති බ්ලවූස සාමාන්‍ය පිහිටීමට වඩා පහළින් හෝ ඉහළින් ඉන සහිත ඇඳුම් , සිහින් ඉන පටි හෙවත් බෙල්ටි සහ කෑලි හයේ සායවල් මෙවැනි අය තෝරාගත යූතුයි. නමූත් ඉන හැඩයට මසන ලද ඇඳුම් , පළල් බඳ පටි,, ඉන දක්වා දිග බ්ලවූස හෝ බ්ලවූසය සායට හෝ කලිසමට යට කර ඇඳීම කිසිම විටක කරන්න එපා.

ඔබට සිහින් නැතහොත් කුඩා ඉනක් ඇත්නම් ඉනේ හැඩයට මැසූ ඇඳුම් පළල් බඳ පටි, ප්‍රින්සස් ලයින් හැඩැති ඇඳුම්, කෙටි බ්ලවූස හා ඉන අසලට යෝක් ආකාරයට කෑලි තුනට මැසූ විලාසිතා සූදුසූයි.

හතරැස් හැඩැති, ඇඟට හැඩයක් නැති, ප්‍රමාණයේ විශාල ඇඳුම්, ටියූනික්, ඉන පහළට සිටින සේ මැසූ ඇඳුම් තෝරාගන්නට එපා.

දැන් අප උකුල හා එහි හැඩය පිළිබඳවත් දැනූවත් වෙමූ සාමාන්‍ය සිරුරක උකුලට ඉනට වඩා 7"-9" (සෙ. මී. 18 - 23) ක් පහළින් පිහිටා තිබෙනවා. එමෙන්ම 9 1·2- 10" ක් ඉනට වඩා විශාල බවත් දැන් ඔබ දන්නවා.

පිරුණූ උකුල ඉන මිම්මට වඩා 10" ට වඩා වැඩියි. මෙහිදි උකුල කුඩා කර පෙන්වීමට අප උත්සාහ කළ යූතුයි. ලිහිල් බ්ලවූස මෙවැනි අයට සූදුසූ අතර ඒවා උකුල දක්වා හෝ ඊට වඩා දිගට තෝරාගත යූතුයි. ෂෝල්ඩර් පෑඩ්ස් යෙදූ බ්ලවූස මෙන්ම ටයිටි සාය ඒ ලයින් සාය, කුඩාවට රැළි දැමූ සායවල්, ෆ්ලෙයාඩ් සාය, සහ ඉනට කුඩා රැළි යෙදූ කාන්තා කලිසම් සහ ඒවායේ සාක්කු ඇතුළට මසා තිබීමද වැදගත් වෙනවා.

ෆ්ලීටි සහිත සාය, ඉනට ඩාටි දමා හැඩ කරන ලද ඇඳුම්, ඇලයට සාක්කු මසා ඇති ඇඳුම්, මෙන්ම ඇඟේ හැඩයට හෝ තදට මසා ඇති කාන්තා කලිසම් හෝ ජින්ස් කිසිම විටක තෝරා නොගත යූතුයි.

කුඩා උකුලක් සඳහා එනම් ඉන මිම්මට වඩා 9 1·2 ට අඩූ උකුලක් ඇති විට එය විශාල කර පෙනෙන ලෙස ඇඳුම් තෝරාගත යූතුයි.

මෙහිදී කුඩා ෆ්ලීටි සහිත සාය රැළි සහ්ත සාය හා ෆ්ලීටි සහිතර කාන්තා කලිසම් තෝරාගැනීම සූදුසූයි. නමූත් ඇඟේ ප්‍රමාණයටම මසන සාය හෝ ජින්ස් උකුලේ හැඩය වැඩි කර පෙන්වීමට උපකාර වෙන්නේ නැහැ.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment