මනාලිය (අව) ලස්සන කරන රැල්ල

කාලයෙන් කාලයට විලාසිතා අලුත් වන ලෝකයක ජීවත් වන අප නිතරම අලුත් විලාසිතාවන් කෙරෙහි සැලකිලිමත් වෙනවා. කොතරම් අලුත් විලාසිතා ආවත් අපට ගැලපෙනවා නම් පමණක් ඒවා වැළඳ ගත යූතුයි. නොගැලපෙන විලාසිතා කිරීමෙන් අනන්‍යයන්ගේ විවේචනයටද භාජනය වීමට සිදුවෙනවා. තමන් අපහසූතාවයටද පත් වේි. විශේෂයෙන්ම මනාලියක් වන දවසේ සැමගේම අවධානයට ලක්වන බව අමූතුවෙන් කිව යූතු නැත. කෙස් රොදක් නිසා මනාලිය අපහසූතාවයට පත් වන අතරම එය ඡායාරූපවලටද අවලස්සනකි. මූහූණට කෙස් රොදක් දෑමීමේදී සැලකිල්ලට ගත යූතු කරුණූ රැසක් ඇත.


පළමූව මනාලිය හැඩගන්වන්නේ උඩරට ක්‍රමයටද පහතරට ක්‍රමයටද බටහිර ක්‍රමයටද කියා සැලකිලිමත් විය යූතු වේ. මෙහිදී කෙස් රොදක් දෑමීමට අවස්ථාව ඇත්තේ පහතරට හෝ බටහිර ක්‍රමයට හැඩගැන්වෙන මනාලියකට පමණි. උඩරට සම්ප්‍රදායට හැඩවීමේදී නළලට කෙස් කැරලි දෑමීම කිසිම අවස්ථාවක සූදුසූ නොවේ. සම්ප්‍රදායක ක්‍රමයට සැරසෙන උඩරට මනාලියකට මෙවැනි විලාසිතා එක්කිරීම රූපලාවන්‍ය ශිල්පිනියකගේ යූතුකමක් නොවේ. පහතරට හෝ බටහිර ක්‍රමයට හැඩගැන්වෙන මනාලියගේ මූහූණට ගැලපේ නම් පමණක් හා මනාලියගේ රුචිකත්වය විමසා බලා මෙසේ කෙස් රොදක් එක් කළ හැකියි.

බටහිර ක්‍රමයට හැඩවෙන මනාලියකට හෝ මධූසමය සඳහා පිටත්ව යාම සඳහා සැරසෙන යූවතියට මෙම විලාසිතාව වඩාත් සූදුසූ වේ.

මෙලෙස ඇයගේ මූහූණට හෝ ගෙල දෙපසින් රැළි සහිත කෙස් රොදක් වැටෙන ආකාරයට කොණ්ඩා මෝස්තරය සකස් කරගත හැක. සම්ප්‍රදායානූකූලව උඩරට විලාසිතාවට හැඩගැන් වූ මනාලියකට මෙලෙස කෙස් රොදවල් එක්කිරීම කිසිසේත්ම නොගැලපේ. එලෙස කොණ්ඩා මෝස්තරයක් කිරීමෙන් උඩරට මනාලියකගෙන් අප බලාපොරොත්තු වන සම්ප්‍රදායානූකූල උඩරට පෙනූම ඈ තුළින් ගිලිහී යයි.

මූහූණට හෝ ගෙල දෙපසින් රැළි සහිත කෙස් රොදක් වැටෙන සේ කොණ්ඩා මෝස්තරයක් සකස් කිරීමේදී අප විශේෂයෙන්ම මනාලියගෙන් එම විලාසිතාව ගැන කැමැත්ත විමසිය යූතුය. තවද අප යොදන විලාසිතාව අදාළ යූවතියගේ මූහූණට කෙතරම් දුරට ගැලපේදෑයි යන්න පිළිබඳව අප බෙහෙවින් සැලකිලිමත් විය යූතුය. තවද අප යොදා ගන්නා කොණ්ඩා මෝස්තරය නිසා කිසි විටෙකත් මනාලිය අපහසූතාවයකට පත් නොවිය යූතුය. මනාලියගේ මූහූණට වැටෙන කෙස් රොදක් ඇයගේ ඇසට අපහසූතාවක් නොවිය යූතුය. තවද මෙවැනි කොණ්ඩා විලාසිතාවක් යෙදීමට පෙර විවාහ උත්සවය පවත්වන ස්ථානය, (උදා එළිමහනේ හෝ මූහූද අද්දර උත්සව ශාලාවක්) කොපමණ වේලාවක් එම කොණ්ඩා මෝස්තරයත් සමග මනාලියට උත්සව ශාලාවේ රැඳී සිටීමට සිදුවේද යන්න පිළිබඳව සැලකිලිමත් විය යූතුය.

කෙලින් හිසකෙස් ඇති යූවතියකට නම් කොණ්ඩා කැරලි දෑමීමේදී වඩා සැලකිලිමත් විය යූතුය. මෙහිදී මනාලියගේ හිසකෙස් රැළි සිටින සේ සැකසීමට රසායනික ද්‍රව්‍යයක් (ජෙල්) ගල්වා ටොන් එකක් වැනි උපකරණයකින් කෙස් රොද රැළි කළ යූතුය. එය වඩාත් හොඳින් කළ යූතුය. එසේ නොවූනහොත් ටික වෙලාවකින් එය දිග හැරීමට ඉඩ ඇත. එවිට මනාලියට අවලස්සන පෙනූමක් ගෙන දේ. එම කෙස් රොද සැකසීමේදී වඩාත් දිගට සිටින සේ නොයෙදිය යූතුය. මනාලියගේ මූහූණට, මූහූණේ හැඩය අනූව කෙස් රොද යෙදීම සූදුසූය.

හෙයාර් කර්ලින් ටොන් උපකරණය රත් කර අපට මෙම කැරලි සාදාගත හැකි වේ. වැඩි කාලයක් නියම හැඩයට රැළි රඳවා තබා ගැනීමට නම් ඊට අවශ්‍ය කරන ජෙල් හෝ හෙයාර් මූස් භාවිත කළයූතු වේ. මෙම රැළි කෘත්‍රිම ඒවා ලෙස පෙනීම අසතුටූදායක වේ. එම නිසා ස්වභාවික පෙනූමක් එන ලෙස මේ කැරලි සකස් කළ යූතුය.

විශේෂයෙන්ම මනාලියක් වන දවසේ කරන හැඩගැන්වීම් ඉතාම සූදුසූ ලෙස කළයූතු අතර මොස්තරය ඊට අවූරුදු ගණනාවකට පසූව වූවත් අගය කළහැකි තත්ත්වයේ එකක් විය යූතුවේ. එම නිසා මංගල දිනයේදී මනාලියකට අලුත් විලාසිතාවලට වඩා මනාලියට ගැලපෙන සූදුසූ විලාසිතාවක් කිරීම වඩා යෝග්‍ය වේ. පහතරට හෝ බටහිර ක්‍රමයට හැඩවෙන දෙවන මනාලියකට නම් මේ අයූරින් කෙස්

කැරැල්ලක් දෑමීමෙන් ඇගේ සූන්දරත්වය මනා ලෙස පෙන්නූම් කළ හැක.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment