ඇසීම අඩාල වූ විට කළ යූත්තේ කුමක්ද?



කෙනෙකුට තමන්ට ශ්‍රවණය පිළිබඳ ගැටලුවක් ඇතිවූ වහාම වෛද්‍යවරයෙකු හමූ විය යූය. මන්ද වෛරස් වැනි හේතුවක් නිසා ශ්‍රවණයේ අඩාලවීමක් සිදුවූවහොත් එයට මූලික අවස්ථාවේදීම ප්‍රතිකාර ලබාදීමෙන් යථා තත්ත්වයට පත්කළ හැකියි.

කණ් බෙරයට පිටූපසින් පිහිටා ඇති මැද කන ප්‍රදේශයේ තරලය පිරීමෙන්ද ශ්‍රවණාබාධ ඇතිවිය හැකියි. මෙය කුඩා දරුවන් තුළින් පහසූවෙන් දෑකිය හැකි ලක්ෂණයකි. මෙය ඉක්මනින් දෑන හඳුනා ගෙන ප්‍රතිකාර කිරීමෙන් දීර්ඝකාලීන ව්‍යාකුලතා මඟහරවා ගත හැකිය.ි

කණට බාහිර දේවල් ඇතුළු කිරීමෙන් කණ් බෙරය බිදී ගිය විටකදී එය යළි ප්‍රකෘති මත් කිරීමට නොහැකි බවට ඇතැම් අය අදහස් පළකළත් එහි සත්‍යතාවයක් නැත. ශල්‍ය කර්මයක් කිරීමෙන් එය යථා තත්ත්වයට පත් කළ හැකියි. එහෙත් වඩා වැදගත් වන්නේ අනිසි ලෙස බාහිර දැ ඇතුළු කිරීමෙන් වැළකී සිටීමය.

එමෙන්ම අප ඉහත සඳහන් කළ ආකාරයට කණේ ඇති අස්ථිවලට උදාහරණයක් ලෙස මූද්ඝරිකාවේ ඇතිවන ව්‍යාකුලතා ද ශල්‍ය කර්ම මගින් ඉතා සියූම් ලෙස නිවැරදි කළහැකිය.ි

එමෙන්ම කර්ණ සංඛයේ ඇතිවන ආබාධ නිසාද ඇසීමට බාධා ඇතිවන එහෙයින් එයද ශල්‍ය කර්මයක් මගින් බද්ධ කළ හැකිය.ි

රෝගීවූ පසූ ප්‍රතිකාර කරනවාට වඩා රෝගී නොවී ආරක්ෂා වී සිටීම වැදගත්ය. එය කණ නැමති ඉන්ද්‍රියට ද පොදුය වෛද්‍ය විද්‍යාව දියූණූය. ඒ නිසා බොහෝ විට ඇතිවන රෝග හා ආබාධ තත්ත්වයන්ට ප්‍රතිකාර කළහැකියි. එහෙත් ශ්‍රවණය තත්ත්වය මනාව පවත්වා ගැනීමට ඔබ මේ පිළිවෙත් අනූගමනය කිරීම ඔබේම යහපතට හේතු වේ.

කණ අපිරිසිදු යයි සිතා එය පවිත්‍ර කිරීමට යම් යම් දැ කණ තුළට දෑමීමෙන් වළකින්න. මොනයම් හේතුවක් නිසා හෝ නිසි වෛද්‍යවරයෙකු ගේ උපදෙස් වලින් තොරව කණට තෙල් බෙහෙත් ආදියද නොදමන්න.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment