නිවසේදීම ලෙහෙසියෙන් බටර් ස්පොන්ජ් කේක් සාදන අයුරු


අවශ්‍ය ද්‍රව්‍ය

බිත්තර 10

සීනි ග්‍රෑම් 350

පිටි ග්‍රෑම් 350

වැනිලා තේ හැඳි 2

රත් කර දියකරගත් බටර් මේස හැඳි 3

බේකින් පවූඩර් තේ හැඳි 1/2

සාදන ක්‍රමය

බිත්තර සූදු මද, කහ මද වෙන් කරගන්න. සූදු මද ටික පෙන එනතුරු බීටි කරන්න. එයට සීනි ටික ටික එකතු කර දිගටම බීටි කරන්න. හොඳින් බීටි කරගත් පසූ කහමද එකබැගින් දමමින් බීටි කරන්න.

පිටි හා බේකින් පවූඩර් එකට දමා තුන්වරක් හලාගන්න. එය පළමූ මිශ්‍රණයට බටර් සමග මාරුවෙන් මාරුවට දමමින් මිශ්‍ර කරන්න අවසානයේ දමාගත යූත්තේ පිටිය.

දෑන් එයට වැනිලාද එකතු කරන්න. අඟල් 10ං10 ප්‍රමාණයේ තැටියකට බටර් තවරා ගත් තෙල් කඩදාසියක් දමන්න. එයට කේක් මිශ්‍රණය දමා සෙ. අ. 150 උෂ්ණත්වයේ (ෆැරන්හයිටි අංශක 300) විනාඩි 30 ක කාලයක් බේක් කරගන්න.

මේ කේක් එක උපන් දින කේක් සඳහා සාදාගත හැකියි. බටර් කේක් වෙනූවට ද මෙය සූදුසූයි. තටිටූ හතරක් ලෙසට සැන්විච් කරගැනීමෙන් වැඩි රසයක් ලැබේ. එයට බටර් කී්‍රම් යොදා ගන්න.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment