කහ රස කාරකයක් වගේම හොඳ ඔසූවක්


කහ ශරීරයට ඉතා ගුණදායි විෂබීජ නසන ඔසූවක් මෙන්ම රසවත් ආහාරයකි. රුව වර්ධනයට ඉතාමත් වටිනා ඖෂධයකි. කහ ගස ඉන්දියාවෙන් සොයාගත් අගනා ඖෂධයකි. අප රටෙි ද කහ වැවීමට සූදුසූ දේශගුණයක් තිබෙන අතර එය ඉතා හොඳ ආර්ථික වටිනාකමකින් යූතු බෝගයක් ලෙසද පෙන්වා දීමට පූළුවනි.

කහ වැඩිපූර ආහාරයකට එක්කර ගැනීමෙන් කිසිම ආකාරයට අගුණයක් නැත. අපේ රටෙි සූළුවෙන් ආහාරයට යොදාගන්නා කහ ඉන්දියාවේ නම් වැඩිපූර යොදා ගනී. කහ වෑංජනයක් ආකාරයට සකස් කර ආහාරයට ගැනීමෙන් සිරුරේ විෂ නසන අතර සම පැහැපත්වේ. වයසක පෙනූම අඩූකරයි. සම දීප්තිමත් කරයි.

අක්මා රෝග ඇති අයට, සෙංගමාලය ඇති රෝගීන්ට හිතකර වේ. අපේ ඇතැම් පිරිස් සෙංගමාල රෝගය තියෙන අයට කහ ආහාරයට දීමට සූදුසූ නැති බව පවසයි. නමූත් සෙංගමාල රෝගයට කහ අගුණ නොවේ.

හිසේ වේදනාවට, පීනසට දුම් ඇල්ලීමෙන් සූවයක් ලැබේ. අමූකහ ඉඟුරු එකට අඹරා නලලට පැලැස්තරයක් දමන්න. එයින් හිසේ වේදනාව පහවී යයි. හිසට සිසිලසක් ලැබේ. ආහාර රුචිය වර්ධනය කරයි.

රුධිරය පිරිසිදු කිරීම, කුෂ්ඨ රෝගවලට ගුණදායකය. තුවාල, කුෂ්ඨ, හමේ රෝග ඇත්නම් අමූ කහ, කොහොඹ කොළ එකට ගෙන තම්බා ඇඟ හෝදන්න. තුවාල, කුෂ්ඨ සූවවේ.

පැපොල ගෙඩියේ පැල්ලම් මැකීම සඳහා කහ, කොහොඹ තෙල්වලින් අඹරා ආලේප කිරීමත් ගුණදායක වේ.

මව්කිරි දෙන මවගේ ආහාරයට කහ වැඩිපූර එක් කිරීම සූදුසූය. එයින් කිරි වැඩිවේ. කිරි පිරිසිදු වේ. මවටත් ගුණදායකයි. මවගේ තුවාල වැනි දෑ ඉතා ඉක්මණින් වියළී යයි.

ශුක්‍ර ධාතු වර්ධනයටත් කහ ගුණදායක වේ. ශුක්‍ර ධාතු පහවීමේ ගැටලු ඇති අයට කහ යෝග්‍යවේ. සිරුර ඉදිමූණූ ස්ථානවල තැවීමට යොදා ගන්නා කහ රුව අලංකරණය සඳහා ද යොදාගනී.

කහ වෑංජනය ඉතා රසවත්ය. ඉන්දීය ජනයා දියණියන් සිටින නිවෙස්වල අනිවාර්යයෙන්ම සාදන වෑංජනයකි. එයට හේතුව විෂබීජවලින් ආරක්ෂා කර ගැනීම සඳහා මෙන්ම සිරුර දීප්තිමත් රන්පැහැ ගැන්වීමට හා කුරුලෑ ආදියෙන් වළක්වා ගැනීම සඳහා වේ.

කහ නිතර ආහාරයට ගැනීමෙන් උෂ්ණය නසයි. අම්ල පිත්ත රෝගය වළකයි. එවැනි අය දිනපතා කහ ආහාරයට ගැනීමෙන් සමේ රෝග ඇතිවන්නේ නැත.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment