නිවසේ සිටින සූරතලා සූරතල් කිරීමෙන් ලදරුවාගේ මොළයට ලෝම යන්න පූළුවන්ද?




අද බොහෝ නිවෙස්වල කුඩා දරුවන්ගේ සමීපතම යහළුවන් බවට සූනඛයා, බළලා පත් වී සිටිනවා. මේ සතුන් සමග දිවි ගෙවන අපේ දරුවන්ට අහිතකර බලපෑමක් ඇති වේද? එසේ නොවේද යන්න අපි මේ ලිපියෙන් අවධානය යොමූ කරමූ.

සූරතලුන් ලෙස ඇති කරන සතුන්ගේ ලොම් දරුවන්ගේ මොළයට යා හැකිද? කියා බලමූ. මෙතැනදී මට මේ පිළිබඳව ටිකක් කතා බහ කරන්නට ඕනේ. ඔබ හිතන්නේ මෙවැනි සතුන්ගේ ලොම් ශ්වසනය මගින් මොළයට යාමේ ඉඩකඩ තිබෙන බව නේද? කොහෙත්ම නෑහැ.

දරුවෙකුගේ ළමාවියේ මානසික හා කායික සංවර්ධනය වැදගත් බව ඔබ දන්නවාද? අද වෙනකොට බොහෝ පිරිස් ප්‍රචණ්ඩත්වයට මූහූණ දීලා තියෙනවා. ඒ නිසා ආදරය කරුණාව අන් අයගේ අදහස්වලට ගරු කිරීම දරුවන් තුළින් පිළිඹිබූ වීම හූඟක් වැදගත්. මේ දේවල් කියා දීමේදී ප්‍රායෝගිකව ඒ අයට උගන්වන්න ඕනේ. මේ සඳහා දරුවාට පූංචි කාලේ ඉදලාම සූරතලෙක් ඉන්න එක වැදගත් වෙනවා. හැබැයි වගකීමෙන් යූතුව ආරක්ෂිතව මේ සූරතලුන් ඇති දෑඩි කිරීම මෙහිදී වැදගත්. සූරතලුන් ලෙස නිවසේ ඇති දෑඩි කරන්නේ බළලුන් සූනඛයින් වූවත් ඇතැම් පිරිස් ලේනූන් ඇති කරන අවස්ථා ද තිබෙනවා. මේ හැම ක්ෂිර පායියෙකුටම ජලභීතිකාව වැළඳීමේ හැකියාවක් තිබෙනවා. එය වළක්වා ගැනීම පිණිස සතුන්ට කුඩා කාලයේ සිටම එන්නත් ලබාදීම වැදගත් වෙනවා.

සූරතල් සතෙකු ඇති කිරීම මගින් දරුවා ඔහූට ආදරය කිරීමට පෙළඹෙනවා. උගේ සිනිඳු අත් පා අත ගෑමෙන් දරුවාගේ සංවේදන පද්ධතිය හොඳින් ක්‍රියාත්මකවීමට උදව්වක් ඇති වෙනවා. අත්ල ඇඟිලි හොඳින් හසූරුවා ගන්නටත් හැකියාව ලැබෙනවා. සූරතල් සතුන් රැක බලා ගන්නට ඕනේ තමා බවත්. ඌට වෙලාවට කන්න බොන්න දෙන්න ඕනේ යන හැඟීමත් තුළින් වගකීම් දෑරීමේ කුසලතාවය නායකත්වය ආත්ම විශ්වාසය දරුවාට ඉගෙන ගන්නට පූළුවන් වෙනවා.

සූරතල් සතුන් සමග සෙල්ලම් කිරීමෙන් ඔවූන් සමග තනිව කතා කිරීමෙන් දරුවා ක්‍රියාශීලීත්වයෙන් මෙන්ම සන්නිවේදනයෙන් පවා කැපී පෙනෙන්නට පටන් ගන්නවා. මෙලෙස සූරතල් සතුන් සමග දිවි ගෙවන විට දරුවාගේ මොළයේ සන්නිවේදන පරිපථ නව මංපෙත් කරා විවෘත වී ඔවූන්ට හොඳින් සිතන්නටත් නිර්මාණශීලීව ක්‍රියාත්මක වීමටත් හැකියාව ලැබෙනවා.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment