හිසකෙස් පිරිසිදු කිරීමට ෂැම්පූ භාවිත කරන්න කියලා කියන්නේ ඇයි දන්නවාද?






බොහෝ කාන්තාවන්ට තියෙන ප්‍රශ්නයක් තමයි තමන්ට ගැලපෙන ෂැම්පූ වර්ගයක් සහ කන්ඩිෂනර් වර්ගයක් තෝරා ගන්නේ කොහොමද කියලා.

විශේෂයෙන්ම ස්ටේ‍රිටිං, ෆර්මින්, කලරින් කරන ලද කොණ්ඩාවලට ෂැම්පූ සහ කන්ඩිෂනර් තෝරා ගැනීම ගැනයි.

වෙළඳ පොලේ ඇති සාමාන්‍ය ෂැම්පූ වර්ගයක් මේ සඳහා සූදුසූ වෙනවා. ෂැම්පූ භාවිත කිරීමෙන් අපි බලාපොරොත්තු වෙන්නේ හිසකෙස් පිරිසිදු කිරීමයි. මෙතනදී කෙනෙකුට හිතන්න පූළුවන් ඇයි ඉතින් සබන් භාවිත කරලා කොණ්ඩය පිරිසිදු කළාමත් වෙන්නේ ඒකමනේ කියලා. නමූත් පිරිසිදු වතුර වීදුරු දෙකක් අරගෙන එකකට ෂැම්පූ ටිකක් සහ අනෙකට සූවඳ සබන් කැබැල්ලක් දිය කළවිට ඔබට බලාගන්න පූළුවනි ෂැම්පූ දිය කළ . වතුරේ ෂැම්පූ හොඳින් දියවී ඇති ආකාරයත් අනෙක් වීදුරුවේ සබන් දියකිරීමෙන් මන්ඩි වැනි දෙයක් යට තැප්පත් වෙලා තියෙන ආකාරයත්. මේ නිසයි අපි නිර්දේශ කරන්නේ හිසකෙස් පිරිසිදු කිරීම සඳහා සූදුසූ වන්නේ ෂැම්පූ කියලා.

ෂැම්පූ භාවිත කරන්නේ කොහොමද?

මූලින් තෙත් කරන ලද කොණ්ඩයට සාමාන්‍ය ෂැම්පූ බෝතලයකින් තේ හැන්ඳක ප්‍රමාණය අරගෙන හොඳින් හිස කෙස්වල ගල්වා ඇඟිලි තුඩූවලින් කෙස් අතර සම්භාහනය කර ෂැම්පූ ඉත්වන තෙක් සෝදාගන්න. මෙතනදී ෂැම්පූ ඉවත් කිරීමේදී කෙස් ගස්වල තියෙන තෙල් ගතියත් යම්තාක් දුරකට ඉවත් වේ. ඒ නිසයි අපි කියන්නේ කොණ්ඩය ෂැම්පූ කළාම වියලි ගතියක් ඇති වෙනවා කියලා. එම නිසා කන්ඩිෂනර් සත්කාරයක් කිරීම අවශ්‍යයයි.

කන්ඩිෂනර් ගල්වන්නේ ඇයි?

කොණ්ඩය ෂැම්පූ කර පිරිසිදු කිරීමෙන් පස්සේ කන්ඩිෂනර් කිරීමෙන් කරන්නේ කෙස්ගස්වල තිබූණ තෙතමනය රැක දෙන එක වෙනත් විදියකින් කිව්වොත් මෙතනදී කරන්නේ "මොයිස්චර් ටෙන්ෂන්" එකක් විදිහට ක්‍රියා කරන එක. මෙතනදී කෙස්ගස ආරක්ෂාවීමත් සිදුවෙනවා. කෙස්ගසට හොඳ පෙනූමක් ද ලැබෙනවා.

කන්ඩිෂනර් ගල්වන්නේ කෙසේද?

ෂැම්පූ මගින් පිරිසිදු කළ කොණ්ඩය තෙතමාත්තු කරලා ඔබ තෝරාගත් කන්ඩිෂනර් වර්ගයක් තේ හැඳි දෙකක්, තුනක් විතර අරගෙන කොණ්ඩයේ ගල්වලා විනාඩි 2, 3 හෝ පහක් තියෙන්න දීලා ඉවත් කරන එක.

මෙතනදී කන්ඩිෂනර් ගතිය සම්පූර්ණයෙන්ම ඉවත් වෙනකම් හිසකෙස් පිරිසිදු කළ යූතුයි. නැතිනම් රසායන ද්‍රව්‍ය හිසකෙස්වල තිබීම ඒ තරම් සූදුසූ නොවන්න පූළුවන්.

මෙතනදී කන්ඩිෂනර් තෝරා ගැනීමේදී වෙළඳ පොළේ වර්ග දෙකක් තියෙනවා. එකක්

ලිව්ඔන් කන්ඩිෂනර් (මෙය කොණ්ඩයේ තියන්න පූළුවන්)

අනික වොෂ් ඔප් කන්ඩිෂනර

(මෙය සම්පූර්ණයෙන්ම ඉවත් කළ යූතුයි.)

අපි සාමාන්‍ය කොණ්ඩයකට සාමාන්‍ය පිරිසිදු කිරීමට ගන්නේ වොෂ් ඔප් කන්ඩිෂනර් තමයි.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment