හිස්හොරි නැතිකර ගැනීමට නම්.. ?

හිස්කබලෙහි හිස් හොරි ඇතිවීම කරදරකාරී තත්ත්වයකි. නොසැලකිලිමත් කම නිසා එය සිදුවන්නක් ලෙස හැඳින් වූවද වරදක් නැත. කෙසේ වූවත් හිසෙහි පිරිසිදුකම රැක ගැනීම තුළින් හිස් හොරි බෝවීම අවම කරගත හැකිය.


හිස් හොරි වලක්වා ගැනීම සඳහා සතියකට දෙවරක්වත් තෙල්ගල්වා හොඳින් සම්භාහනය කර ඉන්පසූ හිසකෙස් සෝදා ෂැම්පෝ කර කන්ඩිෂනර් කරගත යූතුවේ.

අවාසනාවකට ඇතැම් අය දිනපතා හිසෙහි තෙල් ගැල්වූවද, නිසි ලෙස සෝදා පිරිසිදු කර නොගැනීම නිසා හිසෙහි හිස්හොරි හටගනියි. සාමාන්‍යයෙන් හිසෙහි තෙල් ගල්වා පැය තුනකට පමණ පසූ ඉවත් කළ යූතුවේ. දිගින් දිගටම හිසෙහි තෙල් ආලේප කර තිබීමෙන් හිස්හොරි ඇතිවීමෙන් ඒවා සමට ඇලීමෙන් කොරපොතු තත්ත්වයට පත්වේ.

තව ද හිසකෙස් ක්‍රමවත්ව පිළිවෙලකට තබා ගැනීම සඳහා භාවිත කරනූ ලබන ජෙල්, මූස්, ස්ප්‍රේ ආදියද නොසෝදා තිබෙන්නට හැරීමෙන් හිස් හොරි ඇතිවේ.

තව ද හිස්හොරි ඇති අයකු භාවිත කරන පනා, කොටිට උර පාවිච්චියට ගැනීමෙන් ද හිස් හොරි ඇතිවන වග අමතක නොකළ යූතුය.

හිස්හොරි වැලකී සිටීම සඳහා සතියකට දෙවරක් තෙල් ගල්වා සම්භාහනය කර පැය දෙකකට පසූ සෝදා ෂැම්පූකර කන්ඩිෂනර් කිරීමෙන්ද, ජෙල්, මූස්, ස්ප්‍රේ ආදිය ගල්වා හිසකෙස් පිළිවෙලකට සකස් කරගෙන ඉන්පසූ සෝදා පිරිසිදු කර ගැනීමෙන් ද පනා, කොටිට උර බෙඩ්ෂිටි සතියකට දෙවරක්වත් සෝදා පිරිසිදු කර භාවිතයට ගැනීමද වැදගත්ය.

තව ද කොහොඹ කොළ අඹරා හිසෙහි ගල්වා විනාඩි 20 ක් පමණ තිබෙන්නට හැර සෝදා හරින්න. ඊට අමතරව වෙරළු කොළ අඹරා හිසෙහි ගල්වා විනාඩි 20 ක් පමණ තබා සෝදා හැරීමෙන්ද හිස් හොරි අවම කරගත හැකිය.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment