බිත්තර යෙදූ කෑම වටිටෝරු හයක්



ස්පාඤ්ඤ ක්‍රමයට ඔම්ලටි

කුඩා ළුෑනූ ගෙඩියක් කපා, තෙල් ටිකක් රත් වෙන්නට දමා එයින් බැදගන්න. මෙයට තම්බා ගත් අල පෙති දමාගන්න. බිත්තර 3-4 ක් කඩා මඳක් ගසාගෙන එයට එකතු කරන්න. මදගින්නේ විනාඩි 3-4 ක් පි්සගෙන රන්වන් පැහැ වනවිට ලිප නිවාගන්න.

එග්ස් බෙනඩික්ටි

බිත්තර 2 ක් බැදගන්න. මෆින් එකක් ටෝස්ටි කරගන්න. මෆින් එක මතට බිත්තර දමා හැම් හෝ බේකන් පෙත්තක් බැදගෙන එය ද දමාගන්න. අවශ්‍ය නම් සෝස් වර්ගයක් ද දමාගන්න. සොසේජස් රවූම් කිහිපයක් කපා දමා ගැනීමද සූදුසූය.

එග්ස් ෆ්ලෝරෙන්ටයින්

තම්බාගත් නිවිති කොළ දෙකක් බේක් කළ හැකි තැටියක් මත තබන්න. බිත්තරය බැගින් කඩා මේ මතට දමන්න. ලූණූ, ගම්මිරිස් කුඩූ දමාගන්න. ඩබල් ක්‍රීම්. මි. ලී. 100 ක් පමණ ඒ මතට දමා බේක් කරගන්න.

රෙඩ් පෙපර් ප්‍රිටාටා

සිහින්ව පෙති කැපූ රෙඩ් පෙපර් දෙකක් යන්තම් බැදගන්න. (ඔලිව් තෙල් යොදා ගන්න) මෘදු වනවිට ලූණූ, ගම්මිරිස් දමා ගසාගත් බිත්තර 3ඃ4 ක් එයට එකතු කර මිශ්‍ර කර පිසගන්න. ඔම්ලටි එකක් මෙන් සාදාගන්න.

ස්ක්‍රැම්බල් එග්ස් විත් වෙජිටබල්

කැමති එළවළුඳෑවර්ගයක් ගෙන කුඩා කැබලි කපා යන්තම් බැදගන්න. බිත්තර 2ඃ3 ක් කඩා බැදගන්න. මෙයට කුඩාවට කැපූ සොසේජස් ද දමා එළවළුත් සමග මිශ්‍ර කරන්න.

බේක්ඩ් එග්ස් ඇන්ඩ් බ්‍රෙඩ්

ළුෑනූ, පෙපර්, කැරටි, ලීක්ස් වැනි කැමති එළවළු වර්ග කීපයක් තෙලේ බැදගන්න. බේක් කළ හැකි බඳුනක දමන්න. ඒ මතට බිත්තර දෙකක් කඩා දමන්න. බිත්තර මතට බටර් දමන්න. දෑන් පාන් පෙති 2 න් වසා ඒ මතටද බටර් දමන්න. සෙල්සියස් අංශක 190 උෂ්ණත්වයේ විනාඩි 15 ක් බේක් කරගන්න

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment