නිදන කාමරය සහ විසිත්ත කාමරය පිළිවෙලට තබා ගන්නේ කොහොමද?



මූළුතැන්ගෙයි සහ කෑම කාමරයේ බඩූ බාහිරාදිය තබාගත යූතු අන්දම සහ කාලය, ශ්‍රමය ඉතුරු කරගෙන කටයූතු කළ යූතු අන්දම පිළිබඳ ගිය සතියේ ඔබ හොඳ අවබෝධයක් ලබාගන්නට ඇතැයි අප විශ්වාස කරනවා. අද නිදන කාමරය, විසිත්ත කාමරය හා ආලින්දයෙහි තබාගත යූතු බඩූ බාහිරාදිය සහ ඒවා තබාගත යූතු අන්දම පිළිබඳ කතාබහ කරමූ.

නිදන කාමරය පිළිබඳ කතා කරන විට නිදන කාමරය අනිවාර්යෙන්ම කලබලකාරී නැති ඝෝෂාකාරී නැති මූළුතැන්ගෙයින් ඈත්ව පිහිටා තිබිය යූතුයි. ඒ වගේම නිදන කාමරය අපේ සිතට සහනයක් ගෙන දෙන නිදහස් තැනක්විය යූතුයි. නිදන කාමරය තුළ අපට අවශ්‍යම දේවල් පමණක් තබා ගෙන අනවශ්‍ය භාණ්ඩ ඉවත් කළ යූතුයි.


නිදන කාමරය තුළත් අප පසූගිය සතියේ කතා කළ ඔරලෝසූවේ කටූ ගමන් කරන අන්දමට හැම තිස්සේම බඩූ සකස් කර ගන්නට ඕන. පාසල් යන දරුවෙකුගේ කාමරයක් නම් පොත් මේසයට නොපෙනෙන ලෙස ඇඳ තබා ගත යූතුයි. අපි නිවසක බඩූ පිළිවෙලකට තබන විට අවධාරණය කියන එක හරිම වැදගත්. මූළුතැන්ගෙට අවධාරණය දෙන්න පූළුවන් පින්තූර වගේ දේවල්වලින්. නමූත් නිදන කාමරයට අවධාරණය දෙන්න පූළුවන් ප්‍රධානම දෙයක් තමයි කණ්ණාඩිය. අපි කාමරයට ඇතුළු වනවිටම අපට කණ්ණාඩිය පේන්න තියෙන්න ඕන. අප ඇඳුම් තබාගන්නා ඇඳුම් වැට කාමරයට ඇතුළු වනවිට අපට නොපෙනෙන තැනක තිබිය යූතු වෙනවා. අල්මාරිය කියන්නෙත් අපේ ප්‍රධාන දෙයක්. අපේ වටිනා බඩූ ඇඳුම් ආදිය තැන්පත් කර තිබෙන්නේ අල්මාරියේ. එමනිසා අප ඇඳේ නිදාගත් විට කකුල් ආල්මාරිට වැදෙන්න හෝ අල්මාරිය පැත්තට කකුල් දමා නිදාගන්නේ නැහැ. ඒ වගේම නිදන කාමරයට අවධාරණය දෙන්න පූළුවන් ලස්සන බිත්ති සැරසිල්ලකින් බිත්ති ලාම්පූවකින්. ඉන්පසූ අප යන්නේ සාලෙට. සාලය කියලා මෙය හැඳින්වූවත් අප එම ස්ථානයට කියන්නේ විසිත්ත කාමරය කියලයි. ඊට හේතුව තමයි එහි තිබෙන්නේ විසිතුරු බඩූ පමණක් වීම. ඒ නිසා

එම ස්ථානය විසිත්ත කාමරය කියලා හඳුන්වනූ ලබනවා. අපේ නිවසට අමූත්තෙක් පැමිණියාම ඉස්තෝප්පූවෙන් ඊළඟට එන්නේ විසිත්ත කාමරයට. නමූත් අපි හැම අමූත්තෙක්ම වගේ විසිත්ත කාමරයට ගෙන එන්නේ නැහැ. අද දෑකපූ කෙනෙක්ව අපි ඉස්සෙල්ලාම විසිත්ත කාමරයට රැගෙන එන්නේ නැහැ. ඒ වගේ තැනක් තමයි විසිත්ත කාමරය කියලා කියන්නේ. කිසි පිළිවෙලක් නැතිව ලැබෙන ලැබෙන හැමදේම තියන කැලැන්ඩර් එල්ලන තැනක් නෙමයි විසිත්ත කාමරය. කැලැන්ඩර් අපට අවශ්‍ය දින දර්ශනය බලා ගන්නයි. නිදන කාමරයේ එක් ලස්සන කැලැන්ඩරයක් එල්ල ගත්තට කමක් නැහැ. නමූත් විසිත්ත කාමරයට කැලැන්ඩර් අවශ්‍ය වන්නේ නැහැ. ඒ වගේම නිදන කාමරයේ බඩූ තැන්පත් කරන විටත් විසිත්ත කාමරයේ බඩූ තැන්පත් කරන කොටත් අවකාශය හරියට බලන්න ඕන. යන්න එන්න ගමන් කරන්න ඒ අවකාශය තබාගන්නට ඕන. අපට නිදහසේ යන්න බැරි විදියට බඩූ තබා ගන්නේ නැහැ. විසිත්ත කාමරයේ ප්‍රධාන තැනක් හිමිවෙනවා පූටූ කටිටලේට. පූටූ කටිටලේට මූල් තැනක් දුන්නම එතනදීත් අවධාරණය කරනවා එක්කෝ බූමූතුරුණූ, නැත්නම් ලාම්පූ ආවරණය නැතිනම් සමහර අය ලස්සන කැටයම් සහිත කණ්ණාඩියක් තබනවා. ලොකු පින්තූරයක් නිවසට ඇතුළු වෙන තැනම තියෙනවා. ඒ සේරම අවධාරණය පැත්තට තමයි යන්නේ.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment