බිම් මල් වලින් කෑම වර්ග


අමූ බිම්මල් මාළුව

අවශ්‍ය ද්‍රව්‍ය

අමූ බිම්මල් ග්‍රෑම් 200

ලොකුළුෑනූ ගෙඩියක්

මිරිස් කුඩූ ස්වල්පයක්

තෙල් ස්වල්පයක්

මිටිකිරි කෝප්පයක්, කරපිංචා, අබ, ලුණූ, රම්පෙ, තුනපහ කුඩූ ස්වල්පයක්

සාදන ක්‍රමය

පිසීම සඳහා සැකසූ බිම්මල් ග්‍රෑම් 200 විනාඩි පහක් තැම්බෙන්න හරින්න. බඳුනක් ලිප තබා එය රත්වන විට සිහින්ව ලියාගත් ලොකුළුෑනූ එක්කර හොඳින් වතුර මිරිකාගත් බිම්මල් එක්කර විනාඩි පහක් පමණ ජලය වාෂ්ප වනතුරු තබා එයට මිරිස්කුඩූ, ලුණූකුඩූ, කරපිංචා, මිටිකිරි කෝප්පයක් එක්කර විනාඩි පහක් ලිප තබා බා ගන්න.

අමූ බිම්මල් බැදුම

පිසීම සඳහා සකසාගත් බිම්මල් ග්‍රෑම් 200

උණූවතුර බඳුනක විනාඩි පහක් තබා ජලය හොඳින් මිරිකා ගන්න.

ලුණූකුඩූ, රම්පේ, කරපිංචා, අබ, තුනපහ, ගම්මිරිස් ස්වල්පයක් ගෙන ජලය ඉවත් කර ගත් බිම්මල් සමඟ හොඳින් මිශ්‍රකර ගැඹූරු තෙලේ බැදගන්න.

අමූ බිම්මල් සමඟ බිත්තර බැදුම

පිසීම සඳහා සැකසූ බිම්මල් ග්‍රෑම් 200 උණූවතුර බඳුනක විනාඩි පහක් පමණ තබා හොඳින් ගසා ගත් බිත්තර තුනක් දමා, ලුණූ කුඩූ, රම්පෙ, කරපිංචා, අබ, තුනපහ, ගම්මිරිස් කුඩූ ස්වල්පයක් එක්කර හොඳින් මිශ්‍ර කරගන්න. පසූව තාච්චිය ලිප තබා එයට තෙල් ස්වල්පයක් දමා බිම්මල් මිශ්‍රණය එක්කර බිත්තර හොඳින් කැටි ගැසෙන තුරු ලිප තබා කලවම් කරගන්න.

වියළි බිම්මල් බැදුම

අවශ්‍ය ද්‍රව්‍ය

වියළි බිම්මල් ග්‍රෑම් 50

ලොකු ළුෑනූ ගෙඩි දෙකක්

පොල් තෙල් හෝ බටර් ස්වල්පයක්

කෑලි මිරිස් හෝ ගම්මිරිස් ස්වල්පයක්

තක්කාලි ගෙඩි දෙකක් හෝ සෝයා සෝස්

කරපිංචා, අබ, කුරුඳුපොතු අවශ්‍ය තරමට ලුණූ ස්වල්පයක් සහ කහ ස්වල්පයක්

සාදාගන්නා ක්‍රමය

වියළි බිම්මල් නටන වතුරේ විනාඩි පහක් පමණ පෙඟෙන්නට හරින්න. තම්බාගත් බිම්මල් වතුර හොඳින් මිරිකා හැර තාච්චිය ලිප තබා මදගින්නේ බැදගන්න. ඉන්පසූ කපාගත් ලොකුළුෑනූ, කෑලි මිරිස්, ලුණූ, කහ, කරපිංචා, අබ, කුරුඳුපොතු, බිම්මල් සමඟ හොඳින් කලවම් කරගන්න. ඉන්පසූ විනාඩි පහක් ලිප තබා සිහින්ව ලියාගත් තක්කාලි හෝ සෝයාසෝස් එක්කරගන්න. තක්කාලි එක්කර තිබේ නම් හොඳින් පොඩිවන තුරු ලිප තබා කලවම් කරන්න.

වියළි බිම්මල් සමඟ බිත්තර බැදුම

අවශ්‍ය ද්‍රව්‍ය

වියළි බිම්මල් ග්‍රෑම් 50

බිත්තර 4

කහ ස්වල්පයක්

ගම්මිරිස් කුඩූ අවශ්‍ය තරමට

පාන් පිටි මේස හැඳි දෙකක්

ලුණූ ස්වල්පයක්

පොල්තෙල් කාලක්

සාදන ක්‍රමය

වියළි බිම්මල් නටන වතුරේ විනාඩි පහක් පෙඟෙන්නට හරින්න. හොඳින් ගසාගත් බිත්තරවලට පාන්පිටි ස්වල්පයක් සහ ලුණූ, කහ, ගම්මිරිස් කුඩූ ස්වල්පයක් එකතු කර මිශ්‍ර කර එම මිශ්‍රණයේ බිම්මල් මිශ්‍රකර ගැඹූරු තෙලේ රන්වන් පැහැවන තෙක් බැදගන්න. මෙය කටගැස්මක් ලෙස හෝ ආහාරය සමඟද ඉතා රසවත්ය.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment