වාතය මූලික කරගෙන වැළඳෙන රක්තවාතය


ගාම්භීර රක්තවාතය යනූ ශරීරය අභ්‍යන්තරයෙහි වූ නහර, ශිරා, ආශ්‍රය කරගෙන සෑදෙන්නා වූ රෝගී තත්ත්වයකි.

රක්තවාතය අද සමාජය තුළ බොහෝ වශයෙන් දක්නට ලැබෙන රෝගී තත්ත්වයකි. ඇතැම් පූද්ගලයෙක් මේ සඳහා වාතරක්තය යන නමද භාවිත කරනූ ලැබේ. කෙසේ වෙතත් මෙම රෝගයෙහි විවිධ ප්‍රභේද ඇති බව මෙහිදී පැවසිය හැක. ඒ අනූව වාතය මූල්කරගෙන වැළඳෙන්නා වූ ආබාධය වාතරක්තය යනූවෙන්ද රක්තය මූල් කරගෙන වැළඳෙන රෝගය රක්තවාතය යනූවෙන්ද හැඳින්විය හැක.

එමෙන්ම උත්තාන, ගම්භීර යනූවෙන් හඳුන්වනූ ලබන ප්‍රධාන ප්‍රභේද 2 ක්ද මීට ඇතුළත් වේ. උත්තාන රක්තවාතය යනූ ශරීරයේ පවතින්නා වූ සිව්මස් ඇසූරු කරගෙන වැළඳෙන්නා වූ කැසිලි, දෑවිලි, වේදනා පූපූරු ගැසීම් ආදිය තුළින් මතුවන ඇක්සිමා රෝග ලක්ෂණ පහළ වන්නා වූ ඉදිමීම් ඇති වේදනා පැසවීම්වලින් යූත් රෝගී තත්ත්වයකි.

ගාම්භීර රක්තවාතය යනූ ශරීරය අභ්‍යන්තරයෙහි වූ නහර, ශිරා, ආශ්‍රය කරගෙන සෑදෙන්නා වූ රෝගී තත්ත්වයකි. මේ ඝනයට වැටෙන්නා වූ රෝගයක් ලෙස රුධිර පීඩනය දෑක්විය හැක.

රක්තවාත රෝගයේ වේදනාව වෙනත් වාතරෝග මෙන් උඩ සිට පහළට නොව පහළ සිට ඉහළට විහිදී යන්නා වූ තත්ත්වයකි.

රුමටොයිඩ් ආතරයිටීස් නැමති රක්තවාත රෝගයේදී සූලගිල්ලේ සිට මැදගිල්ල දක්වා වූ ඇඟිලි ඉදිමී ඇතුල් පැත්තට වකුටූ වේ. නමූත් ඔස්ටියෝ ආතරයිටීස් රෝගයේදී අවසාන ඇඟිලි පූරුක් සන්ධි වන ස්ථාන විකෘති වී අස්ථී අර්බූද ඇති වේ. රක්තවාත රෝගය කල් යන විට වැලමිට සන්ධිපූරුක් ආදී ස්ථානවලින් ඇට කැබලි මෙන් හූණූ පදාර්ථ මිශ්‍ර කැල්සියම් පිට වේ. මෙහිදී සන්ධි ස්පර්ශ වීමේදී කිසියම් වේදනාවක් ඇති වේ.

කෙසේ වෙතත් මෙම රක්තවාත රෝගය සන්ධි ඉදිමීම හා සන්ධි වකුටූ කරන්නා වූ රෝගී තත්ත්වයකි. සමහර පූද්ගලයන්ගේ මූළු ශරීරයම කොර වී යන අස්ථාද දක්නට ලැබේ.

මෙකී රෝගය සඳහා ඔබට වෛද්‍යවරයකු හමූ නොවී නිවසේ දීම ප්‍රතිකාර ලබාගැනීම සඳහා මෙහි සඳහන් ඖෂධ උපකාර කරගත හැක.

1. ඇහැලපොතු, රසකිඳ, ආඩතෝඩ මූල් කලං 4 බැගින් ගෙන වතුර කාල් 8 කාලට සිඳ පෙරා උදේට එරඬූ තෙල් දමා, සවසට සීනි මී පැණි දමා බොන්න.

2. දුම්මැල්ල , අරළු , බූළු, නෙල්ලි, හාතාවරිය අල, කටූකරෝසන, රසකිඳ කලං 1 මංවාඩි 14 බැගින් ගෙන වතුර කාල් 8, කාලට පෙරා සීනි මී පැණි දමා බොන්න.

උත්තාන රක්තවාතය සඳහා බාහිර ආලේප යෙදිය යූතුය. ඒ සඳහා තල, සතකුවිය එරඬූ ඇට මද, ඉරමූසූ මූල්, රත්හඳුන් කුඩූ, සූදු හඳුන් කුඩූ, එළකිරෙන් තම්බා අඹරාගාන්න. මංචාඩි මාරකොළ පොතු එළකිරෙන් තම්බා අඹරාගාන්න.

අරිෂ්ට වර්ග අතරින් තිම්බා, වෙදීර, උශීර, ශාරීවාදසාශවය අමෘතා වැනි අරිෂ්ට ශුභදායකය.

රසායන වර්ග අතරින් යාතී්‍ර, කුෂ්මාණ්‍ය, රාජ තර්පණ, මානි භද්‍ර, ආදිය සූදුසූය. එමෙන්ම ගුල වර්ග අතරින් කෛශෝර, ගෝක්ෂූර, පංචතිත්ත, හා යෝගරාජ යන ඒවා ගුණදායකය.

එමෙන්ම මේ සඳහා සූදුසූ තෙල් වර්ග වශයෙන් පීණස තෙල්, මහා පද්ම තෛලය, නීල්‍යාදි තෙල, සීතෝදක තෙල ආදිය අවස්ථානූකූලව යෙදිය හැක.

ඖෂධවල නිසි ප්‍රතිඵල ලබා ගැනීම සඳහා පත්‍ය, අපත්‍ය ආහාර මොනවාද යන්න තෝරා බේරාගෙන ආහාරයට ගැනීම ඉතාම සූදුසූ වේ.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment