තිබෙන පෙනූමින් ලස්සන ලබා ගන්නේ කොහොමද?




ද අප පළමූවෙන්ම අපගේ ළැමෙහි පිහිටීම හා එහි අඩූපාඩූ ගැන සොයා බලමූ. මෙහිදී පළමූවෙන්ම ඔබේ ළැම දෙස කණ්ණාඩියකින් බලන්න. ඉන්පසූ පැත්තකට හැරී බලන්න. දැන් ඔබට ළැමෙහි පිහිටීම පිළිබඳ අවබෝධයක් ලැබේවි.

ළැමෙහි මිම්මට ගැලපෙන බ්‍රෙසියරයක් මගින් හොඳ පෙනූමක් ලබා ගන්න පූළුවන්. ඒ වගේම විශාල ළැම සඳහා මිනිමයිසර් බ්‍රෙසියර්ද ළැම යටින් සිටින ලෙස වයරය යෙදූ බ්‍රෙසියර්ද සූදුසූ බව ඔබ දන්නවා. එමෙන්ම පැතලි ළැම සඳහා පෑඩ් යෙදු බ්‍රෙසියර් සූදුසූ බවත් මාගේ ලිපියක සඳහන් වූවා ඔබට මතක ඇති.

හත රූප සටහන්වලින් සාමාන්‍ය විශාල හා කුඩා ළැම පෙන්නූම් කරනවා. සාමාන්‍ය ළැම සඳහා ඊ ජමච බ්‍රෙසියරයක් සූදුසූ වෙනවා. නමූත් විශාල ළැමක් ඇත්නම් ක ජමච සහිත බ්‍රෙසියරය සූදුසූ වෙනවා. එමෙන්ම විශාල ළැම සිරුරේ ප්‍රමාණයට නොගැලපෙන බවක් පෙනේ නම් ළැම කුඩා කර පෙනෙන ආකාරයට ඇඳුම් තෝරාගැනීම කළ යූතුය. මෙහිදී උරහිසින් පටන් ගන්නා ප්‍රින්සස්ලයින් විලාසිතාව යෙදු ඇඳුම් කිමෝනා අත යෝක් එක හෝ උරහිස මූටිටූවේ සිට කුඩා රැළි හෝ ප්ලීටි යෙදු මෝස්තර තෝරාගන්න. එමෙන්ම ඪ කර යොදා ගැනීමත් ළැම පෙදෙසට නියමාකාරව ඔපනැලි හෙවත් ඩාටි යොදා ගත යූතුයි.

ඔබට නොගැලපෙන ඔබ තෝරා නොගත යූතු විලාසිතා කීපයක්ද මෙවැනි අය මතක තබා ගැනීම වැදගත්. ඉන සාමාන්‍ය ප්‍රමාණයට වඩා ඉහළින් ඇති එම්පයර්ලයින් විලාසිතාව, එක මත එක වැටෙන ඉදිරි පළු සහිත විලාසිතා, පළල් ඉන පටි, යට ඇඳුම් හැඩයට නිර්මාණය කළ ඇඳුම් හා ඔපනැලි යොදා හැඩ නොකර ළැම සිට කෙලින්ම පහළට වැටෙන ලෙස මැසූ ඇඳුම් මෙයට අයත් වෙනවා.

කුඩා ළැමක් තරමක පැතලි ආකාරයට දක්නට ලැබෙනවා. බ්‍රැසියර කප් එක ඊ ජමච එකට වඩා කුඩාය. මෙහිදී අප කළ යූත්තේ ළැමේ ප්‍රමාණය වැඩි වී පෙනෙන ලෙස ඇඳුම් නිර්මාණය කිරීම හෝ මිලදී ගැනීමයි.

මෙවැනි අයටත් යෝක් එක සහිත ඇඳුම් කුඩා රැළි හෝ ප්ලීටි උරහිස මූටිටූවේ සිට ළැම මතට වැටෙන ලෙස කරන ලද නිර්මාණයත් ඉදිරි පළු එක මත එක වැටෙන ලෙස මැසූ ඇඳුම් හා අත්කටින් පටන් ගන්නා ප්‍රින්සස්ලයින් මෝස්තරයක් ඉතා හොඳින් ගැලපෙනවා. කිසිම විටක ඩාටි යොදා ඇගේ හැඩයටම ඇති ඇඳුම් තෝරාගන්න එපා.

උදරය

බර අඩූවීම , ව්‍යායාම හා දරු ප්‍රසූතිය ආදී හේතුනිසා කෙනෙකුගේ උදරයෙහි හැඩය කාලයෙන් කාලයට වෙනස් වෙනවා. ඔබට ඇත්තේ සාමාන්‍ය කෙනෙකුට පිහිටන ආකාරයේ උදරයක් නම් එය ඔබගේ ඉන රේඛාවට පහලින් තරමක් රවූම් ආකාරයට පිහිටනවා. එවැනි අයට ඇඳුමක එම ප්‍රදේශය පිළිබඳ ගැටලුවක් නැහැ. රූප සටහන් අනූව අප මේ සම්බන්ධව හොඳින් දෑනූවත් වෙමූ. එහි පෙන්වා ඇති ආකාරයට විශාල මෝස්තර හා ඇඳුම් තෝරාගැනීමට අප නූවණැති විය යූතුය. ඉන දෙපසට සිටින ලෙස කුඩා රැළි දැමූ සාය හෝ කලිසම් ඉනට ඉලාස්ටික් යොදා ගැනීම සිහින් ඉන පටි , උඩින් සිහින් වී පතුල අසලදී විහිදෙන ආකාරයේ ඉන දක්වා තරමක් බූරුලට ඇති බ්ලවූස් හා උදර පෙදෙස වැසෙන ආකාරයට මසා ඇති ඇඳුම් වඩා සූදුසූ වෙනවා.

දෑන් සූදුසූ නොවන ඇඳුම් ගැනත් දෑනූවත් වෙමූ. ඉන පටිය අසලට ඩාටි යොදා හැඩ කළ සායවල් හෝ කලිසම් පළල් බඳ පටි ඉදිරි පැච් එක මත එක වැටෙන බ්ලවූස් මෙන්ම කලිසම් අඳින්නේ නම් ඉදිරියෙන් සිපරය යොදා ගැනීමත් සූදුසූ නොවන බව මතකයේ තබා ගත යූතු කාරණා කීපයක්.

පැතලි උදරයක් ඇති විට ඇඳුමේ ඉදිරිපසට තරමක් පිරුණූ ආකාරයක් එක් කළයූතුයි. එමෙන්ම එම මෝස්තරය මගින් උකුල් ඇටයේ හැඩය යටපත් විය යූතුයි. මෙයට හේතුව පැතලි උදරයක් ඇති විට ඉනෙන් පහළ සෘජූ ආකාරයක් හෝ ඇතුළට එබී ගිය ආකාරයක් හෝ ඇතුලට එබී ගිය ආකාරයක් නැතහොත් වක් ගැසූණ ආකාරයට දිස් වීමයි. ඉදිරියට රැළි හෝ ප්ලීටි සහිත කලිසම් හෝ සායවල් ලිහිල් බ්ලවූස්, ඉන පහතට සිටින ලෙස මැසූ ලිහිල් බ්ලවූස් හෝ ඉන අසලදී ලිහිල් ආකාරයට දිස් වෙන ඇඳුම් තෝරාගැනීමට නූවණැති විය යූතුයි. එවිට ඇඟේ හැඩයටම මසන ලද සාය හෝ කලිසම් නැතහොත් ඉන පටිය අසලට ඩාටි දෑමූ ඇඳුම් නොගැලපෙන බව ඔබට පැහැදිලි ඇති.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment