මනාලියක් ලෙස හැඩවීමට බලාපොරොත්තු වන ඔබට





උඩරට මනාලිය

උඩරට මනාලිය හැඩගැන්වීමේදී ඉතාම චාම්ව හැඩගැන්වීම කළ යූතුය. මහත මනාලියක් නම් සෙටින් වැනි රෙද්දකට ලේස් හෝ වෙනස් රේන්ද වර්ග යොදා සාදා ගත හැක. කෙටිටූ මනාලියකට නම් ටිෂූ නෙටි වැනි රෙදි යොදා ගතහැක. සකස් කර ගත් ඔසරියක් නම් වඩාත් පහසූයි. ඔසරියක් සකස් කරගැනීමේදී ක්‍රම කිහිපයක් ඇත. අතීතයේ නම් උල් වූ පොටක් සහිතව ඇඳ ඇත. මෑත කාලයේ නම් පොට හතරට නමාද සකස් කර ඇත. නමූත් දෑන් නව විලාසිතාව සිහින්ව නැමූ රැළි තබා ඇඳීමයි. එයින් වැඩි ලස්සනක් ලැබේ. නෙරිය තැබීමේදීත් ටිකක් උසට තැබීමෙන් පිරුණූ බවක් පෙන්විය හැක. ඔසරිය කනපිට නොයන ආකාරයට ඇඳීමත් දෑන් නව ක්‍රමයකි. මෙයින් සාරිය සම්පූර්ණ කරගැනීමෙන් පසූ කාලයක ඉන්දියන් ක්‍රමයට වූවද ඇඳීමට හැක. සෑම අවස්ථාවකදීම පාවහන් නොපෙනෙන ලෙස ඉදිරි පොට සකස් කරගන්න. මාල පැලදීමේදී පදක්කම් හතර පෙති මාලය අගස්ති මාලය කරමාලය, මල්වලින් පලඳන්න.

අතීතයේ නම් මේවා නොයෙක් ඇට වර්ගවලින් සාදා ඇත. දිගම මාලය දෙපතුල දක්වාම දමා ඇත. එයින් බලාපොරොත්තු වන්නේ මනාලිය පිළිබඳව පවිත්‍රත්වයයි. මෙම මාල දෑමීමෙන් මනාලියගේ සියලු වස්දොස් දුරු වේ. මනාලිය පළඳින්නේ පත්තිනි දෙවියන්ගේ ආභරණ කටිටලය බවට මතයක් පවතී. ඒ වගේම ඉන හවඩිය, අත් තැල්ල, මංඩි වළලු, අගස්ති වළලු, පලඳින සාරි කටූව, කොණ්ඩ කුරු කුඩූ කරාබූ පළදින්න. අවසානයට ඉර හඳ සහ තැල්ල පළඳින්න. විශේෂයෙන් මෙය මනාලියගේ මව විසින් පළඳවනූ ලැබේ. එයින් ලැබෙන මවගේ ආශිර්වාදය ඉතා විශාලය. ඉරහඳ සහ නළල් පටය තබා ප්‍රාර්ථනා කරන්නේ ඉර හඳ පවතිනවා වාගේ කරදරයක් නොමැතිව ජීවත් විමටයි. අවසානයේ කුඩාවට සකස් කර ගත් මල් ඉති කිහිපයක් සකස් කරගත් කොණ්ඩා මෝස්තරය වටා ගසා ගන්න.

පහතරට මනාලිය

පහතරට මනාලියට සාරිය තෝරා ගැනීමේදී විශාල බෝඩර් සහිත සාරි තෝරා ගන්න එපා. අඟල් 2ක පමණ බෝඩර් සාරි තෝරාගන්න. මහත මනාලියකට නම් නෙටි සිල්ක් වැනි සාරියක් සූදුසූයි. දෑන් නව විලාසිතාව ඉන්දියන් නෙටිවර්ක් නම් සාරියයි. මෙය මිල අධිකයි. කෙටිටූ මනාලියකට නම් නෙටි ඔගන්සා, ඉන්දියන් ඔගන්සා, ටිෂූ වලින් සකස් කළ සාරියක් සූදුසූයි. මූලින්ම සාරිය ඇඳීමේදී ඉනට තබාගන්න. මෙයට ගැටයක් දාන්න එපා. කටූවකින් රඳවන්න. ඊටපසූ පිටූපස යට කරන්න. උස ප්‍රමාණයට පොට සකස් කරන්න. ඊටපසූ සාරියට ක්‍රමානූකූලව රැළි තබන්න. මූලින් ගන්නා රැල්ල අඟල් 8 ක් පමණ

රැල්ලක් ගන්න. ඉන් පසූ ගන්න රැළි අඟල් 4 ක් පමණ ඒවා විය යූතුය. ඊට පසූ රැළි අතින් සකස් කර ගන්න. උදරය විශාල මනාලියක් නම් රැළි ඉනට ගන්න එපා. එයින් උදරය ලොකුවට පෙනේවි. මෙම ඒ වෙනූවට සියලුම රැළි සාරි හැටිටය ඇතුළට දමා හොඳින් කටූ ගසා ගන්න. කෙටිටූ මනාලියකට වූවද මෙය සූදුසූයි. මෙයින් සැහැල්ලු බවක් ලැබේ. සාරියේ පොට සකස් කිරීමේදී වම් කකුල ඉදිරියට ගෙන රැළි කිහිපයක් එන ලෙසට තබා කටූ ගසා සාරිය අතට දමා ගන්න. වේලය පැළඳීමේදී මහත මනාලියක් නම් ටිකක් පහළට වන ලෙසට පළඳින්න. කෙටිටූ මනාලියක් නම් පිරුණූ ආකාරයක් එන ලෙසට වේලය පළඳින්න. පල්ලියට යන මනාලියක් නම් දිගු වේලයක් පළඳා ඇදි යන ලෙසට දෑමීමෙන් වැඩි ලස්සනක් එක් කළ හැක. හිස පළඳනාව ද ඉතා කුඩා සැහැල්ලු ඒවා විය යූතුය. කී්‍රම් හෝ අඩූ පාටක් අඳින මනාලියට රන් ආභරණ හෝ ගල් යෙදූ මාලයක්, කරාබූ දෙකක්, වළලු කිහිපයක් පැළඳිය හැක. සූදු සාරියක් අඳින මනාලියකට සූදු ගල් යෙදු ආභරණ, කටිටලයක් පැලඳවිය හැක. සූදු සාරියක් ඇඳ කිසිවිටකත් රන් ආභරණයක් පළඳින්න එපා. එයින් මනාලියට වඩා ආභරණ කැපී පෙනේ.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment