සූරතල් සතුන්ගේ ලෝම නිසා ඇදුම ඇතිවෙනවාද?




දරුවන් සිටින නිවෙස්වල සූරතලුන් ඇති කිරිම නූසූදුසූ බව අපගේ වැඩිහිටියන් තුළ ඇති මතයකි. මන්ද එම සතුන්ගේ ලෝම පෙනහලුවලට හා මොළයට යෑමෙන් ඇදුම (හතිය) රෝගය වැළඳෙන බවට විශ්වාස කරන බැවිනි. නමූත් මා මෙතනදී පැවසිය යූතු වන්නේ ලොම් ශ්වසනය මගින් පෙනහලුවලට යෑමෙන් ඇදුම රෝගය ඇති නොවන අතර එය පරම්පරාවෙන් ඇතිවන රෝගී තත්ත්වයකි.


ඇදුම (හතිය) තිබෙන දරුවන් සිටී නම් සූරතලා අතපත ගෑම තුළින් ඔහූට හදිසියේ හතිය වැඩිවීමට මෙය බලපානූ ඇත.

ආශ්වාසය මගින් සතුන්ගේ ලොම් ශරීරගතවී මොළයේ, පෙනහලුවල තැන්පත් නොවෙයි. මෙම අවයවවල පවතින්නේ ඉතාම සියූම් (කෂූද්‍ර නාල) පද්ධති හෙයින් ඇසට පෙනෙන ලෝම මේ තුළට යෑමට හැකියාවක් නොමැත. නමූත් සතුන් මූවට ළංකර සිඹීම තුළින් දුහූවිලි ආදී අපවිත්‍ර දේ ශරීරගත වීම දරුවන්ට අහිතකර වේ.

මේ නිසා නිවසේ ඇති කරන සූරතලුන් පිරිසිදු කර තබා ගැනීමට වගබලා ගත යූතු වෙනවා. ආරක්ෂිත සතුන් වඩා ගැනීමට ස්පර්ශ කිරීමට දරුවන්ට ඉඩදිය යූතුය.

යම් ලෙසිකින් සතෙකු සපා කෑවේ නම් ඉතා ඉක්මණින් ගලා යන ජලයේ විනාඩි 10 ක් සබන් ගා හොඳින් සේදීම කළ යූතු අතර ඉක්මණින් රෝහලක් කරා රෝගියාව රැගෙන ගොස් එන්නත් හා උපදෙස් ලබාගැනීම වැදගත් වේ.

වගකීමෙන් යූතුව සැලකිල්ලෙන් සූරතල් සතෙකු සෙනෙහසින් රැකබලා ගැනීමට ඔබට හැකියාව තිබේ නම් ඒ සූරතල් සතා ඔබගේ දරුවාගේ තනි නොතනියට සිටින ආරක්ෂකයෙකු වගේම මානසික හා කායික සංවර්ධනයටත් මනස නිරවූල් කොට නීරෝගීමත්ව තබා ගන්නටත් උපකාර කරන අයෙකු ලෙසින් කටයූතු කරනූ ඇත.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment