බිත්තර ගැන ඔබ දැනගත යූතු දේ

වතාවක අපි කියනවා බිත්තර ආහාරයට ගැනීම බොහෝම හොඳයි කියලා. තවත් වතාවක අපි කියනවා බිත්තර ආහාරයට ගන්න එපා, බිත්තර නිසා රුධිරයේ කොලෙස්ටරෝල් මටිටම අහස උසට නගිනවා කියලා. ඒත් දැන් අලුත්ම අදහස තමයි බිත්තර කියන්නේ පෝෂණ ගුණයෙන් යූතු ආහාරයක් කියන එක.


බිත්තරවල මොනවද තියෙන්නේ?

සාමාන්‍ය ප්‍රමාණයේ බිත්තර දෙකකින් දෛනික ප්‍රෝටීන් අවශ්‍යතාවෙන් 1/4 ප්‍රමාණයක් ලබාගත හැකියි. ඒ වගේම යකඩ සියයට 12, ෆෝලේටි අවශ්‍යතාවෙන් 1/4, විටමින් ඊ12 ප්‍රමාණයන් සියයට සියයක්ම, විටමින් ් ප්‍රමාණයෙන් 1/3, විටමින් ෘල ඊ2 (රයිබෝෆ්ලේවින්) ඊ2 (නයසින්) සහ විටමින් ෑ අවශ්‍යතාවන්ද මෙයින් සපයා ගත හැකියි.

මොලයේ වර්ධනයට, ශක්තියට හා මතක ශක්තිය වර්ධනය කිරීමට අවශ්‍ය ෆැටි ඇසිඩ් ද බිත්තර මගින් ලබාගත හැකිය. ඒ වගේම ඔමේගා 3 තෙල් ලබා ගැනීමට ඉතාම හොඳ මූලාශ්‍රයක් ලෙස බිත්තර හැඳින්විය හැකිය.

සතියකට බිත්තර කීයක් ආහාරයට ගැනීම සූදුසූද?

1990 ගණන්වලදී පිළිගැනීම වූයේ සතියකට බිත්තර 3 ක් ආහාරයට ගැනීම සූදුසූ බවයි. 2000 වනවිට මේ මතය තරමක් දුරට වෙනස් වෙලා. එක් එක් පූද්ගලයා අනූව ආහාරයට ගනූ ලබන බිත්තර ප්‍රමාණය වෙනස් වෙනවා. බිත්තර විවිධ ආකාරයට ආහාරයට ගන්නවා. එහෙම වූණත් මෙයට වඩා ගන්න එපා කියලා ප්‍රමාණයක් නියම කරන්නට බැරි බවයි, විදෙස් තොරතුරුවලින් දැනගන්නට ලැබෙන්නේ., එයට හේතුවී ඇත්තේ බිත්තරවලින් අපි හිතනවාට වඩා පෝෂණීය ගුණයක් ලබාගත හැකි වීමයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය අනූමත කරන්නේ නීරෝගී පූද්ගලයකු සතියකට බිත්තර 10 ක් ආහාරයට ගැනීමේ වරදක් නැති බවයි. එහෙත් මෙය සියයට සියයක්ම නිවැරදි පිළිතුරක් වන්නේ නෑ. ඒ කොපමණද විමසූ විට එය ඕනෑම ප්‍රමාණයක් වන්නට පූළුවන් නිසායි.

ආරක්ෂිතව බිත්තර ආහාරයට ගන්න

බිත්තරයේ කටූව මත සැල්මොනෙල්ලා විෂබීජ තිබෙනවා. මෙය කිකිළියගේ අසූචි තැවරීම මගින් ඇතිවන්නට පූළුවන්. බිත්තරයේ කටූව මත ඇති ඇසට නොපෙනෙන තරම් වූ කුඩා සිදුරු තුළින් මේ විෂබීජ බිත්තරය තුළට ගමන් කරනවා.

බිත්තර අමූවෙන් හෝ බාගෙට තම්බා ආහාරයට ගැනීමෙන් මේ විෂබීජ අපගේ ශරීරයට ඇතුළු වී අප ලෙඩ කරනවා. ඒ නිසා සැමවිටම බිත්තර ඉතා හොඳින් තම්බා ආහාරයට ගැනීමට මතක තබාගන්න.

විශේෂයෙන්ම ගර්භනී මව්වරු ළදරුවන් කුඩා දරුවන්, රෝගීන් හා වයස්ගත වූ පූද්ගලයන්ට දෙනූ ලබන බිත්තර ගැන සැලකිලිමත් විය යූතුයි.

බිත්තර අසාත්මිකතාවලට මග පාදනවාද?

බොහෝ විට ආහාර පූරුදු කරන කාලයේ කුඩා දරුවන්ට බිත්තර අසාත්මික වීමට පූළුවන්. ඒ හැර හොඳින් පිසූ අලුත් බිත්තර මගින් අසාත්මිකතා ඇතිවීම දුර්ලභයි.

කහ මදය තද පාට බිත්තර ගුණයෙන් වැඩියි

තද කහ පැහැති කහ මදයකින් කියවෙන්නේ පෝෂණය වැඩි බවයි. ඒ නිසා එම කියමනේ සත්‍යයක් ඇත. මේ නිසාම ගම් බිත්තර ලෙස හඳුන්වන බිත්තර පෝෂණයෙන් ඉහළ බව පිළිගැනීමයි. නමූත් බිත්තරයේ කටූවේ ඇති පැහැය පෝෂණය වැඩිවීමට ඉවහල් නොවේ. දුඹූරු පැහැති බිත්තර ගුණයෙන් වැඩියි කීමේ සත්‍යයක් නැත්

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment