හිස කය ආරක්ෂා කරන ඉතා වටිනා ඖෂධය උළුහාල්




කුඩා බීජ වර්ගයක් වූණාට මූළුතැන්ගෙයි ආහාර රසගන්වන්නට ගෘහණියට නැතුවම බැරි ජනප්‍රිය කුළු බඩූ විශේෂයක් ලෙස උළුහාල් පෙන්වා දිය හැක. අප කවූරුත් දන්නේ උළුහාල් හොඳි, මාළු පිණි රසකරන රසකාරකයක් හැටියටයි. නමූත් අප හිතනවාට වඩා වැඩි වටිනාකමක් මේ උළුහාල්වල තිබෙන බව ඔබ මොහොතකටවත් සිතුවාද?

යූරෝපා හා මධ්‍යධරණී ප්‍රදේශවල ඉතා සරුවට වැවෙන මෙය ඉන්දියාව, චීනය, උතුරු ඇමෙරිකාව වැනි රටවලට උළුහාල් වගාව සරුවට කරගෙන යයි. කුඩා ලා කහ පැහැයට හූරු උළුහාල් තිත්ත රසින් යූක්තය.

ආයූර්වේද ශාස්ත්‍රයේ උළුහාල් හඳුන්වන්නේ හිස, කය ආරක්ෂා කරන ඉතා වටිනා ඖෂධයක් ලෙසයි.

මිනිස් සිරුරේ සෙම් පීඩනය කරන සෙම් ගතිය ක්‍රමයෙන් අඩූ කරන පූරුෂ ශක්තිය වැඩි කරන වටිනා බෙහෙතකි. උළුහාල් ස්නායූ පද්ධතියට ඉතාමත් හිතකරය. උත්තේජන ශක්තිය වර්ධනය කරයි. බඩ පිපූම, බඩ ඉදිමූම, බඩ පූරවා දැමීම ආදි රෝගවලට ආයූර්වේද ඖෂධයක් ලෙස උළුහාල් වැඩි වශයෙන් භාවිත කරයි.

බඩ පිපූම, බඩ පූරවා තිබෙන අවස්ථාවලදී උළුහාල් සහ සූදු ළුෑනූූ තම්බා පානය කිරීමෙන් ගුණයක් ලැබේ. ඇතැම් අය කෑම කන්න බෑ ආදී වශයෙන් පවසනවා ඔබත් අසා ඇති නේද? එවැනි අය සඳහා ද ගුණදායක වේ. කෑම අරුචිය, අජීර්ණය, අප්පිරියාව, වමනය, බඩරුදාව, ආමවාතයට ගන්නා ඖෂධ සඳහා ද උළුහාල් භාවිත කරයි.

ස්ත්‍රීන්ට වගේම පූරුෂයින්ටත් එකසේ තිබෙන ගැටලුවක් තමයි හිස් හොරි ප්‍රශ්නය. ඒ සඳහා ස්වභාවික ප්‍රතිකාරයක් විදිහට ආයූර්වේදයේ උළුහාල් සහ දෙහි මිශ්‍රකර තම්බා ගන්නා ජලයෙන් හිස සේදීම පෙන්වා දෙයි. එයින් හිස්හොරි සූවකර හිසට සෞඛ්‍ය සූසිනිදු බවක් ලබාගත හැක. ඒ වගේම හිස් හොරි හා හිස් හොරි ගැළවීමට ආලේපනය කරන තෙල් සඳහා ද උළුහාල් සංයෝග කරනූ ලැබේ. මෙසේ ඔසූවක් ලෙසටද ක්‍රියා කරන උළුහාල් ගෘහණියගේ ආහාර රසකරන අතර උළුහාල් කබලේ ද බැද ගැනීමෙන් ආහාරවල රසය හා සූවඳ ලබාගැනීමෙන් ආහාර රුචිය ඇතිකර ගැනීමේ හැකියාව පවතිනූ ඇත.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment