මිංචි රස වගේම ඉතාම ගුණයි






ඔබ මින්ටෝල් අඩංගු ටොෆි එකක් කෑමට ප්‍රිය කරනවා නේද? ඒ ඇයි කියා ප්‍රශ්නයක් ඇසූවොත් ඔබ ඒ ටොෆිවල සැරක් සමග සිසිලසක් ද ලැබෙනවා යනූවෙන් පවසාවි. ඒ වගේම සූවඳකුත් මූවට ලැබෙන බවත් කියයි. ඉතින් ඒ ටොෆිවලනේ එම සිසිලස ලැබෙන්නේ ඒ සිසිලස ඔබට ස්වභාවික ලෙසම විඳින්නට හැකියාවක් තිබෙන බව දන්නවාද? ඒ සඳහා ඔබ කළයූතු වන්නේ මිංචි කොළ ආහාරයට ගැනීමයි. මිංචි රස වගේම ඉතා ගුණවත්ය. ඒ නිසා අපි අද මිංචි කොළවල තිබෙන ගුණ හා අගුණ පිළිබඳව දැනූවත් වෙමූ.

පූදිනා කුලයට අයත් වන මෙම පැළෑටිය ඉන්දීය ජනයා අතර ඉතා ජනප්‍රියතාවයක් උසූලයි. ශ්‍රී ලංකාවේ ජනයා මෙය හඳුන්වන්නේ මිංචි නමිනි. ඉංග්‍රීසියෙන් ද "මාෂ් මින්ටි" නමින් හඳුන්වන මිංචි අජීර්ණහර, රුච්ච, යන නම්වලින් ද හඳුන්වනූ ලබයි. පත්‍ර තරමක් රවූම් ආකාරයට පිහිටා තිබෙන අතර එම පත්‍රවලින් ඉමිහිරි සූවඳක් වහනය වෙයි. තරමක් මිල අධික වූව ද ඉතා ගුණවත් ආහාරයකි.

යූරෝපා රටවල, කාශ්මීර්, නේපාලය, ශ්‍රී ලංකාවේ කඳුකර ප්‍රදේශවල මිංචි වැවීමට හිතකර වේ. මිංචි පැළෑටිය ප්‍රභේද තුනකින් යූතුවේ. එනම් කැලෑ ආශ්‍රිතව, පර්වත ආශ්‍රිතව හා ජලය ආශ්‍රිත කරගෙන වැඩීම සිදුවේ.

දේශීය ආයූර්වේදයේ ඖෂධ සඳහා ශාකයේ සියලුම දෑ යොදාගනී. මිංචි වලින් ලබාගන්න තෙල් වැඩි වශයෙන් ආයූර්වේදයේ භාවිත කරයි. මෙහි වාෂ්පශීලි තෙල් අඩංගු වන අතර සූවඳවත්ය. ඊට අමතරව මැලියම් හා ටැනින් අම්ලය අන්තර් ගතවේ.

මිංචිවල මින්ටෝල් අඩංගු බව ද සඳහන් වෙයි. ඒ නිසා සැරක් සමග සිසිලසක් ඔබට දැනී තිබෙනවා ඇති. නමූත් මිංචි උෂ්ණාධික බව සඳහන් කළ යූතුයි. කොතරම් උෂ්ණාධික වූව ද ඔබට අජීර්ණ අවස්ථාවක් තිබේ නම් ඒ සඳහා යොදාගත හැක. ඉතා මිහිරි සූවඳක් තිබෙන හෙයින් ආහාර රුචිය ඇති කරවයි. ආහාර ගැනීමේදී ඇතිවන අප්‍රියතාව නැති කරයි. සිසිල් බැවින් යූක්ත නිසා උගුරට හිතවත් බව ද පැවසිය යූතුමය. ඒ වගේම සෙම නාශක ගුණය ද මිංචි සතුව පවතින නිසා සෙම් රෝගීන්ටද ඉතා හිතැති බව සඳහන් කළ යූතුවේ.

ශ්‍රී ලංකාවේ මිංචි සම්බලය ඉතා ප්‍රසිද්ධ ආහාරයක් වන අතර මෙහි පත්‍ර අලංකාර බැවින් යූතු නිසා සැරසීමට ද යොදාගනූ ලබයි.

වර්තමානයේ රුව රැක ගැනීම සඳහා භාවිත කරන ආලේපනවලටද යොදා ගැනීමක් සිදු කරයි. විශේෂයෙන් යූවතියන්ට මහත් කරදරකාරී වන කුරුලෑ සඳහා ෆේෂ් වොෂ් ක්‍රීම් ආදී නිෂ්පාදනය කර තිබේ.

ඒ කියන්නේ රුව රැක ගැනීමටද මිංචි කොළ බොහෝ උපකාරී වන බවයි. මේ නිසා ඔබ දිනපතා ආහාරයට නොගත්තත් සතියකට වරක් මිංචි කොළ සම්බලයක් සමග ආහාර ගැනීම ඉතාමත් හොඳයි. ඒ ් රෝග බොහොමයකට සූවයක් ලබාගැනීමට හැකි නිසාවෙනි

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment