හිසකෙස් ආරක්ෂා කර ගන්නේ කොහොමද?

කාන්තාවකගේ රූසපූවේ සූන්දරත්වය වඩවන එක් අංගයක් ලෙස ඇයගේ කෙස් කළඹ හඳුන්වා දිය හැකියි. එමෙන්ම හිසෙහි ආරක්ෂාවටද කෙස් කළඹෙන් යම් මෙහෙවරක් සිදුවේ. එහෙයින් අප කෙස් කළඹ ආරක්ෂා කරගත යූතු වෙනවා.


එහෙත් ඇතැම් අය සිය නොසැලකිල්ල නිසා තම කෙස් කළඹට හානි සිදුකර ගන්නවා. විශේෂයෙන් හිසකෙස් වැටීමට, කැඩීයාමට හෝ පළුදුවීමට හේතු කිහිපයක් බලපානවා. ඒ අතර වැරදි අයූරින් කොණ්ඩය ටින්ටි කිරිම, රීබෝන් කිරීම මෙන්ම විවිධ ක්‍රම අනූව පර්ම් කිරීම යනාදියෙන් පසූ ඊට නිසි සත්කාර නොකිරීමෙන් කොණ්ඩයට හානි සිදුවෙනවා.

ඉහත සඳහන් කළ කොණ්ඩයක් පළුදු වූ කොණ්ඩයක් (ඩැමේජ් හෙයාර්) ලෙස සලකන හෙයින් එවැනි කොණ්ඩ සඳහා විශේෂිත වූ සත්කාර කළ යූතු වෙනවා.

මෙහිදි හෙනා සත්කාරය කිරීම, ඔයිල් මසාජ් කිරීම වගේම කොණ්ඩය ෂැම්පෝ කර සෝදා කන්ඩිෂනර් කිරීමේදී ටී්‍රටිමන්ටි කන්ඩිෂනර් භාවිත කිරීමද කළ යූතු වෙනවා.

නීරෝගීමත් කෙස් කළඹක් සඳහා අප ගනූ ලබන ආහාරපානද බලපානවා. ඒ නිසා පෝෂ්‍යදායී ආහාර ලබා ගැනීමටත්, උෂ්ණාධික ආහාරවලින් වැළකී සිටීමටත් ඔබ සැලකිලිමත් විය යූතුයි. ඔබට හැකි තරම් පිරිසිදු නැවූම් එළවළු, මෙන්ම පලාවර්ග, පලතුරු ද ආහාරයට එක්කර ගැනීමට සැලකිලිමත් වන්න. එමෙන්ම කෘත්‍රිම ආහාරවලින් බොහෝ දුරට වැළකී සිටීම ද වැදගත් වෙනවා.

එමෙන්ම මානසික පීඩනය මෙන්ම නිදි වැරීම ද හිසකෙස් ගැලවී යාමට හේතුවක් වේ. නිතර සතුටින් සිටීමත්, ප්‍රමාණවත් නින්දක් ලබා ගැනීමත් නීරෝගී කෙස් කළඹක් ලබා ගැනීමට මහෝපකාරී වේ.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment