සම රැක ගැනීමට කෙටි උපදෙස්


1. සම රැක ගැනීම සඳහා ප්‍රධාන වශයෙන් දිනපතා අනූගමනය කළ යූතු ක්‍රියාමාර්ග තුනකි. එනම් ක්ලෙන්ස් කිරීම, ටෝන් කිරීම සහ මොයිස්චරයිස් කිරීම. බටහිර රටවල මෙම තෙවදැරුම් ක්‍රමය "සම රැකගැනීමේ දහම" යනූවෙන් හඳුන්වයි. මෙලෙස පවසන්නේ එය එතරම්ම වැදගත් බවක් ඇති නිසාය. මෙම පිළිවෙත් තුන දින පතා අනූගමනය කිරීමෙන් ඔබට තෙතමනයෙන් යූතු දිදුලන පිරිසිදු හා නිරෝගී සමක හිමිකාරියක් විය හැක.

2. ක්ලෙන්ස් කිරීමේදී ඔබේ සමේ වර්ගයට ගැලපෙන ක්ලෙන්සර් වර්ගයක් තෝරාගන්න. ක්ලෙන්සර් වර්ග කිහිපයක් ඇත. එනම් පේෂ් වොෂ් වර්ග, ක්ලෙන්සින් මිල්ක් , ඔයිල් බේස් ක්ලෙන්සර් වර්ග, වෝටර් බේස් ක්ලෙන්සර් වර්ග, ඩීප් ක්ලෙන්සර් වර්ග හා සම පිරිසිදු කිරීමට ගන්නා විශේෂිත සබන් වර්ග. මෙහිදී සමේ කිසියම් රෝගී තත්ත්වයක් වෙතොත් වෛද්‍යවරයෙකු විසින් නිර්දේශිත මෙඩිකේටඩ් ක්ලෙන්සර් වර්ගයක් භාවිත කරන්න. ඔබට ඇත්තේ තෙල් සහිත සමක් නම් වෝටර් බේස් ක්ලෙන්සර් වර්ගයක්ද, වියළි සමක් නම් ඔයිල් බේස් ක්ලෙන්සර් වර්ගයක්ද භාවිත කරන්න.

3. ටෝනර් වර්ගයක්, ක්ලෙන්ස් කිරීමෙන් අනතුරුව භාවිත කරන්න මෙය අත්‍යවශ්‍ය කාර්යයකි. මෙහිදී ඇල්කොහොල් සහිත ටෝනර්, ඇල් කොහොල් රහිත ටෝනර්, මෙඩිකේටඩ් ටෝනර් සහ ස්වභාවික ටෝනර් වර්ග යනූවෙන් වර්ග කිහිපයක් දක්නට ලැබේ. ඇල්කොහොල් සහිත ටෝනර් සම අතිශයින් වියළි කරවන අතර වියලි බව වැඩිවී සම කැසීමට හා රැළි වැටීමටද පූළුවන. එම නිසා ටෝනර් වර්ගයක් මිලදී ගැනීමේදී එහි අඩංගු වන්නේ මොනවාද යන්න හොඳින් පරික්ෂාකොට බලන්න.

පොල් වතුර, අයිස් වතුර, රෝස වතුර ඉතා හොඳ ටෝනර් වර්ග කිහිපයකි. මෙවැන්නක් භාවිතය අතිශයින් ආරක්ෂාකාරී වේ.

4. මොයිස්චරයිසර් කිරීමේ ප්‍රධානතම වැදගත්කම වන්නේ සම තෙතමනයෙන් යූක්තව තබාගැනීමයි. සම වියළි බවට පත්වනවා යනූ සම රැළි වැටීම ඇරඹීමයි. සම අකලට රැළී වැටීමෙන් ඔබට අනවශ්‍ය වියපත් බවක් ඇතිවීමට පූළුවන්. විවිධ වර්ගයේ මොයිස්චරයිසර් වර්ග ඇත. ඒවා නම් වෝටර් බේස්, ඔයිල් බේස් කී්‍රම්, මෙඩිකේටඩ් කී්‍රම් වර්ග, නරිෂින් ස්කින් ක්‍රිම්, නයිටි කී්‍රම්, ලෝෂන් වර්ග, ඇන්ටි රින්කල් ක්‍රිම් වර්ග, මොයිස්චරයිසර් කිරීම සඳහා ඉහත සඳහන් ඒවායින් ඕනෑම දෙයක් තමන්ගේ අවශ්‍යතාවයට අනූව භාවිත කළහැකි අතර මේ සඳහා භාවිත කළ හැකි විවිධ වර්ගයේ ස්කින් ඔයිල් වර්ග අද වෙළෙඳ පොළේ ඇත.

5. මේ සියලු කාරණා අතර නිරෝගී පැහැපත් සමක් සඳහා සමබල ආහාර වේලක අවශ්‍යතාවයද ඉතාමත් වැදගත් වේ. ඔබේ දිනපතා ආහාරයට නැවූම් එළවළු, පලතුරු මෙන්ම මූහූදු මාළු වර්ගද ඇතුළත් කරගත යූතුය. මේදය හා සීනි අධික ආහාර හැකිතාක් දුරට පාලනය කළයූතු අතර පිෂ්ඨය අඩංගු ආහාරද අඩූවෙන් ගත යූතුය. ධාන්‍ය හා පලා වර්ග නිරන්තරයෙන් ආහාරයට එකතු කරගත යූතුය.

6. පැහැපත් නිරෝගී සහ යහපත් සමකට නැතිවම බැරි තවත් එක් සාධකයකි නින්ද. අඩූම තරමින් දිනකට පැය 8 -9 ත් අතර නින්දක් අපට අවශ්‍ය වේ. මෙලෙස නින්දක් නොලැබූවහොත් ඔබේ අවිවේකී බව පහව නොයන අතර එම අවිවේකී බව හා පීඩාව ඔබගේ මූහූණේන් දෑසෙන් හා සමෙන් මනාව පෙන්නූම් කෙරේ. පැය 8 ක සූව නින්දක් නොලැබීම ඇස්වටා කළු වීමටත් සමට අජීවි පෙනූමක් ලැබීමටත් හේතුවන බැවින් මූහූණ අවලස්සන වීමට පූළුවන්.

7. මූහූණ පිරිසිදු කිරීමෙන් පසූව පිසදෑමීමට ගන්නා තුවායත් සම රැකගැනීම සඳහා ඉවහල් වන තවත් සාධකයක් යැයි කීම ඔබ පූදුමයට පත්විය හැකි කාරණාවක් විය හැකි වූවත් එය අතිශයෝක්තියක් නොවේ.

ඔබ විසින් භාවිතයට ගන්නා තුවාය වියළි හා පිරිසිදු එකක් විය යූතුය. තෙතමනය ඇති තැන බැක්ටීරියා හා නොයෙකුත් විෂබීජයන්ට තෝතැන්නක් බව මතක තබා ගන්න.

ඔබේ මූහූණ පිසින තුවායෙන් ශරිරයේ අනෙකුත් ස්ථාන පිසීමෙන් වළකින්න.

වෙනම තුවායකුත්  ශරීරය පිසීම සඳහා වෙනම තුවායකුත් භාවිත කරන්න.

මූහූණ පිසී ම සඳහා භාවිත කරන තුවාය සියයට 100 කපූ නූලෙන් වියන ලද කපූ තුවායක් වීම ඉතාමත් වැදගත් වන්නේ එමගින් වතුර උරාගැනීම හොඳින් සිදුවන අතර සමට හානිවන්නේද නැති බැවිනි. නයිලෝන් නූල් හෝ වෙනත් පොලියෙස්ටර් නූල් අඩංගු තුවා මගින් සම පිසදෑමීමේදී සමට හානි පැමිණිය හැක.

තුවාය මූහූණ මත තබා ඇදීමට ලක්කිරීමෙන් පිස දෑමීම නොකළ යූතු අතර තුවාය මූහූණ මත තබා තෙත මාත්තු කිරීම මගින් මූහූණ පිසදෑමීම කළ යූතුය. එසේ නොමැති වූවහොත් දිනපතා මූහූණ ඇදීම මගින් ඔබගේ සම එල්ලා වැටීමට පූළුවන්.

8. මූහූණ අපිරිසිදු යැයි සිතෙන එනම් කුණූ දුහූවිල්ලෙන් හා දහඩියෙන් පිරුණූ ඕනෑම වේලාවක පිරිසිදු කාරකයක් හෝ පේෂ් වොෂ් වර්ගයක් භාවිත කොට මූහූණ සෝදා පිරිසිදු කොටගන්න. දිනකට මූහූණ පිරිසිදු කළයූත්තේ 2 වරක් පමණක් යැයි සිතා අනෙකුත් අවස්ථාවලදී මූහූණ පිරිසිදු කිරීමෙන් වැලකී සිටින්නට එපා.

මූහූණ හැකිතාක් දුරට කුණූ, දුහූවිල්ලෙන් , තෙල් හා දහඩියෙන් තොරව තබාගන්න. එසේ නොවූවහොත් ඔබේ මූහූණේ සම නොයෙකුත් දුර්වලතා හා රෝග පීඩාවන්ට ලක්විය හැක.

9. ඕනෑම මේකප් වර්ගයක් ආලේප කිරීමට ප්‍රථමයෙන් සමට ආරක්ෂාකාරී තටිටූවක් ලෙස ඉතා හොඳින් මොයිස්චරයිසර් ආලේප කරන්න. දවස පූරා කෙතරම් මේකප් ආලේප කරගෙන සිටියත් නින්දට යාමට ප්‍රථම හොඳින් මූහූණ ක්ලෙන්ස් කරගන්න.

10. අඩූම තරමින් මාසයකට හෝ දෙමසකට වරක් රූපලාවන්‍යාගාරයට ගොස් ත්කෂ්ඛ සත්කාරයක් කරගන්න. මෙහිදී පහත සඳහන් ප්‍රතිඵල ඔබට ලැබෙනූ ඇත. එම යහපත් ප්‍රතිඵල අනිවාර්යෙන්ම රුවැති පෙනූමකට හා නිරෝගී සමකට මගපාදනූ ඇත. ඒවානම්


  • ක්ලෙන්ස් කිරීමෙන් මූහූණේ මතු පිට හිසේ කුනූ දුහූවිලි ඉවත්ව යයි



  • ඩීප්ක්ලෙන්ස් කිරීම මගින් සමේ ගැඹූරින් කා වැදී ඇති කුණූ දුහූවිලි හා තෙල් ඉවත් වේ.



  • ස්ක්‍රබ් කිරීම මගින් සමේ මැරුණූ ෙසෙල ඉවත් වේ.



  • සම්බාහනය මගින් මූහූණේ මාංශපේශීවලට නිවැරදිව වයායාම ලැබේ.



  • ලේ ගමනාගමනය යහපත් කරයි.



  • ස්නායූ උද්දීපනය වී මානසික සූවයක් හා ලිහිල් බවක් ඇති කරයි



  • සම එල්ලා වැටීම වැලැක්වේ



  • සම පැහැපත් වේ



  • සම වියළි බවින් තොරව තෙතමනයෙන් යූක්ත කරවයි



  • බ්ලැක් හෙඩ්ස් සහ වයිටි හෙඩ්ස් ඉවත් කරගතහැක.



  • සම නිරෝගී කරවයි



  • පැක් එකක් හෝ මාස්ක් එකක් දෑමීම මගින් සමට පෝෂණයක්ද එකතුකරයි.


11. සම රැක ගැනීම යනූ මූහූණ ආශ්‍රීත ප්‍රදේශය පමණක්ම නොවේ. ශරීරයේ අනෙකුත් කොටස්වලද නිරෝගී හා පැහැපත් බව ඉතාමත් වැදගත්ය. එනම් දෙඅත්, දෙපා, පිට හා පපූ ප්‍රදේශය වැනි කොටස් සමහර ඇඳුම් ඇඳීමේදී පිටතට නිරාවරණය වේ. එම නිසා මූළු ශරීරයේම සමෙහි නිරෝගී හා පැහැපත් භාවය මූහූණේ වගේම එකසේ වැදගත්වේ. එවැනි කොටස්වල සම රැක ගැනීම උදෙසා පිලිපැදිය හැකි සත්කාර හා ප්‍රතිකර්ම කිහිපයක්.

මූළු ශරීරයේම මැරුණූ සම ඉවත්කරගැනීමට (මූහූණේ හැර) බොඩි ස්ක්‍රබ් එකක් ලෙස වෙනිවැල් ගැට කුඩූ මෙන්ම සීනිද භාවිත කළහැක. ස්නානය කිරීමට යාමේදී මදක් ස්නානය කොට ඇඟ පෙඟුන විට වෙනිවැල් ගැට හෝ සීනි ඇඟෙහි අතුල්ලා ඇඟ හොඳින් සෝදාගන්න. මෙහිදී ඇතිල්ලීම කළයූත්තේ වෘත්තාකාර ලෙස උඩූ අතටය. ඉතාමත් මෘදු ලෙස හමට හානි නොවන ආකාරයට ඇතිල්ලීම කරන්න. සීනි මේ සඳහා භාවිත කරන්නේ නම් කුඩා කැට සීනි භාවිත කරන්න. සීනි බොඩි ස්ක්‍රබ් එකක් ලෙස භාවිත කරන්නේ නම් ඉතාම පරිස්සමින් ස්ක්‍රබ් එක කරගත යූතුය. මෙම සත්කාරයෙන් පසූව සමේ මැරුණූ කොටස් ඉවත් වී සමට මෘදු මෙන්ම දිදුලන පැහැපත් බවක් ලැබේ. නැවතත් ඔබට මතක් කරන්නේ ස්ක්‍රබ් කිරීම තදින් නොව සම සීරිමකට ලක්නොවන ආකාරයට මෘදුව කරගත යූතුය.

වැලමිටත් දණහිසත් කළු පැහැ ගැන්වී ඇත්නම් ප්‍රථමයෙන් හොඳ ස්ක්‍රබ් එකක් භාවිත කොට පිරිසිදු කර ගෙන (එනම් සමේ මැරුණූ කොටස් ඉවත් කරගෙන) පසූව අමූ අල පෙත්තක් ගෙන හොඳින් අතුල්ලා සෝදා හරින්න. ස්වභාවික බ්ලීචින් ගුණයක් අලවල අඩංගු හෙයින් අවර්ණ වූ ගතිය පහව යයි.

ආමන්ඩ් ඔයිල් (සියයට 100 පිරිසිදු ආමන්ඩ් ඔයිල්) වලින් ශරීරය සම්බාහනය කිරීමෙන් ඉතා පැහැපත් බවක් ඇති වේ. මෙමගින් සමේ දුර්වර්ණ ගතිය මෙන්ම ලප කැළලි ගතියද පහව යයි. මූහූණ සම්බාහනහ සඳහාද ආමන්ඩ් ඔයිල් භාවිතකළ හැක.

12. දෙපා සහ දෙඅත් හොඳින් පැහැපත්ව සහ වියළි බවින් තොරව තබා ගැනීම සඳහා සැමදාම රාත්‍රියේ දෑත්වලට හෑන්ඩ් කී්‍රම් වර්ගයක්ද භාවිත කරන්න. අඩූම තරමින් මාසයකට වරක්වත් දෙපා හා දෑත්වලට සත්කාරයක් කරගැනීමට පූරුදු වන්න මෙහිදී සත්කාරයක් යනූවෙන් මා හඳුන්වන්නේ මැනිකියෝ එකක් හා පෙඩිකියෝ එකකි. නියපොතු කෙටි වන සේ කපා පිරිසිදුව තබාගැනීම ඉතාමත් වැදගත්ය. දෑතේ හා දෙපයේ සමටද සතියකට වරක් හෝ පැක් එකක් දමා ගැනීමෙන් දුර්වර්ණ ව ඇතිගතිය පහ කරගත හැකිවාක් මෙන්ම සම නිරෝගී කොට පෝෂණයක්ද එක් කරයි.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment