සන්ධි රෝග පිළිබද දැනුවත්ද ?



වර්තමාන සමාජය දෙස බලන විට අපට පැහැදිලි වන එක් කරුණක් වනූයේ, පිළිකා, හෘද රෝග, දියවැඩියාව යන රෝග තත්ත්වයන් වැළඳී ඇති රෝගීන් සංඛ්‍යාව එන්න එන්නම උත්සන්න වන තත්ත්වයකි. මෙහිදී මූළු ලෝකයාගේම අවධානය ඒ දෙසට යොමූවන්නේ. එම රෝගවලට පවත්නා මාරාන්තික බව නිසාය. නමූත් නූතන වෛද්‍ය විද්‍යාව කොතෙක් දියූනූ වී පැවතියද, එම අභියෝග හමූවේ වෛද්‍ය විද්‍යාවටද නැගී සිටිය නොහැක. ඒ හා සමාන යැයි කිව හැකි සන්ධි රෝගය මාරාන්තික නොවූ වද, මූළු ජීවිත කාලයම මෙම රෝගය නිසා එක්තැන්වන පූද්ගලයන් බොහෝ දක්නට ලැබේ. නවීන විද්‍යාව මෙතරම් දියූණූ අවධියක සන්ධි රෝගීන් සඳහා ද පිළිසරණක් නොමැතිවීමට හේතුව කුමක්ද? ඒ අතට ප්‍රධාන වශයෙන් ගැනෙනූයේ,

1 "මෙකී රෝගීන්ගේ වර්ධනය වීමේ ප්‍රතිශතය ශීඝ්‍රයෙන් ඉහළයාම.

2 සමහර සන්ධි රෝග සඳහා ස්ථීර වූ ප්‍රතිකාරයක් නොමැතිවීම.

3 පශ්චාත් කාලීනව උපද්‍රව බහූලවීම.

4 ඇතැම් "ස්ටෙරොයිඩ" ප්‍රතිකාරවලින් තාවකාලික සහනයක් ලැබූණද, එය කලක් කිරීමෙන් රෝගය උත්සන්න වීම.

5 සමහර වේදනා නාශක භාවිත කිරීම නිසා ග්‍රහණියේ සහ ආමාශයේ තුවාල හට ගැනීම.

තත්ත්වය මෙසේ වූව ද, සමහර සන්ධි රෝග වරින්වර මතුවන අවස්ථා දක්නට ලැබේ.

සන්ධි රෝග පිළිබඳව විවරණයක් ඉදිරිපත් කිරීමට ප්‍රථමයෙන් සන්ධි පිළිබඳව පෙර අපර දෙදිග මත විමසීම සූදුසූවේ. ඒ අනූව සන්ධි යන වචනයෙන් විග්‍රහ වන අර්ථයන් ලෙස මැනැවින් ක්‍රියා කිරීම මැනවින් එකතුවීම, මැනවින් සම්බන්ධ වීම, මැනවින් සම්මිශ්‍රණය වීම ආදිය දැක්විය හැක.

භාෂ්කර් ගෝවින්ද ගානේකර් පවසන අන්දමට සන්ධි යනූවෙන් හඳුන්වන්නේ වස්තු දෙකක් හෝ වැඩි ගණනක් එකට සම්බන්ධ කිරීම යනූවෙන් ය. චල්හත් පවසන අන්දමට ශරීරය තුළ පවත්නා අස්ථි සංයෝගය "සන්ධි" වේ යනූවෙනි. ශාරංගධර පවසන අන්දමට සන්ධි යනූ අවයව එක් කරන සෙම්සහිත ස්ථානයන්ය.

බටහිර වෛද්‍ය විද්‍යාවට අනූව සන්ධි යනූ පටක අවකාශයක් බව කලෙක හඳුන්වයි.

තවත් වරෙක සන්ධි වූ කලී අපූර්ව මෘදුභාවයකින් යූක්ත, විපත්වලදී උත්තේජන ක්‍රියා දක්වන ඉන්ද්‍රියක් බව "බොයිඩ්" නමැත්තා හඳුන්වයි.

එමෙන්ම සන්ධියේ ප්‍රධාන ඉන්ද්‍රිය වන අස්ථි සන්ධිය පටකයක් වන අතර එය නිතරම ගෙවී යමින් පරිහානියට භාජනය වෙමින් අඛණ්ඩව ප්‍රතිශක්තිකරණයට සමත්වන දෙයකි.

ආයූර්වේද මතයට අනූව සන්ධි සාධනයෙන් ප්‍රධානතම වස්තුව අස්ථිය. මාංශපේශී, ශිරා, ස්නායූ ආදී මේ සියල්ලම සන්ධි හා බැඳෙන දේවල්ය. අස්ථි පූරණය වී ඇති මජ්ජා සන්ධිවල ක්‍රියාවට බෙහෙවින් උපකාරී වේ.

සන්ධි හා සම්බන්ධව පවත්නා ශ්ලේෂ්මධාරා සන්ධිය තෙත්කර එය චලනය කිරීමට ප්‍රයෝජනවත් වේ.

බටහිර මතයට අනූව සන්ධියක් සෑදෙන්නවූ ඇට කෙළවර අතර ඇති හිදැස හෙවත් අවකාශය සන්ධි කුහරයයි. එකී ඇට සම්බන්ධ කරන හා සන්ධි කුහර සීමා කරන පටලය සන්ධි ප්‍රාවරයයි. මෙය නිර්මාණය වී ඇත්තේ තන්තුමය පටලවලින්. මෙම සන්ධි ප්‍රාවරයට ඇතුලින් ඇති සිනිදු වූ සිවිය ලසිකා පටලය වේ. එය සූලු ප්‍රමාණයක දියර සාදයි. එය ලසිකා තරලයයි. සන්ධි රෝගවලදී මෙම දියර ප්‍රමාණය වැඩිවේ.

සන්ධියක් නිර්මාණය වන්නේ අස්ථි කෙළවර 2 ක් හෝ කීපයක් එක්වීමෙන්. එම ඇට කෙළවර කාටිලේජවලින් වැසී තිබේ.

කෙසේ වූව ද සන්ධි යනූ කුමක්ද යන්න විග්‍රහ කිරීමේදී ආයූර්වේද මතත් බටහිර මතත් අතර කිසියම් සමානකමක් දක්නට ලැබේ.

කරුණූ මෙසේ වූව ද සන්ධි රෝගීන් සඳහා අවශ්‍ය නිසි ප්‍රතිකාර ලබා ගැනීමට නම් සූදුසූ ආයූර්වේද වෛද්‍යවරයකු හමූවීම තුළින් යහපත් ප්‍රතිඵල ලබාගත හැකි බව අවධාරණය කළ හැක.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment