හෙදියක් වෙන්නේ කොහොමද?


ඔබත් කැමති නැද්ද හෙදියක් වෙන්න. ඇත්තටම ඔබටත් පූළුවන් හෙදියක් වෙන්න. හෙදියක් වීම සඳහා අවශ්‍ය සූදුසූකම් ගැන සොයා බලන්න අපි කල්පනා කළේ හෙදියක් වෙන්නට කැමැත්තෙන් සිටින බව වෙනූවෙනූයි.

හෙදියක් වීමට මූලිකම සූදුසූකම වන්නේ අපොස උසස් පෙළ විභාගය සඳහා විද්‍යා විෂයයන් හැදැරීමයි. උසස් පෙළ විභාගයෙන් විද්‍යා අංශයෙන් විෂයන් තුනක් සමත්වීම අධ්‍යාපන සූදුසූකම ලෙස සැලකෙනවා.

ශාරීරික සූදුසූකම් වශයෙන් හෙදියක් වීමට බලාපොරොත්තු වන යූවතිය අඩි හතරයි අඟල් දහයකට වඩා උස විය යූතුයි. ඒ වගේම ඉතා හොඳ ශාරීරික හා මානසික නිරෝගී බවක් තිබිය යූතුමයි. ඒ වගේම වයස අවූ. 18 - 22 ත් අතර වීමත් අවශ්‍යයි.

රජයේ හෙද විදුහල් සඳහා සිසූවියන් බඳවා ගනූ ලබන්නේ රජය මගින් නිකුත් කරනූ ලබන ගැසටි නිවේදනයක් මගින්. එහිදී සූදුසූකම් සපූරා ඇති අය ඇයැදුම් පත් එවිය යූත්තේ සෞඛ්‍ය අමාත්‍යංශයටයි. සෞඛ්‍ය අමාත්‍යංශය මගින් තෝරාගත් පිරිසට ලිපි යවා සම්මූඛ පරීක්ෂණයකට කැඳවනවා. එහිදී තෝරා ගැනෙන පිරිස වසර තුනක න්‍යායික හා ප්‍රායෝගික හෙද පූහූණූව සඳහා රට පූරා ඇති හෙද විදුහල් 16 ක් සඳහා යොමූ කෙරෙනවා.

දැනට ලෝකයේ හෙද සේවය සඳහා විශ්ව විද්‍යාල මටිටමේ අධ්‍යාපනය පාඨමාලා තිබෙන නමූත් ලංකාවේ හෙද පූහූණූව තවමත් එතරම් දුරට ව්‍යාප්ත වී නැත එහෙත් "්" ලකුණූ ප්‍රමාණයන් අනූව තොරාගැනෙන පිරිසකට 2010 වසර වන විට ජයවර්ධනපූර විශ්ව විද්‍යාලයේ උපාධි අධ්‍යයන පාඨමාලාවක් පැවැත්වීමට මේවන විට සෞඛ්‍ය ඇමතිතුමාගේ මාර්ගයෙන් වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක වෙමින් පවතී.

දෑනට හෙද විදුහල්වල වසර තුනක පූහූණූව ලබන අය සඳහා අත්දෑකීම් බහූල ඉතාම හොඳ පූහූණූවක් ලබා දෙයි. එහිදී පළමූ වසරේදී හෙද මූලධර්ම, හෙද ඉතිහාසය, භෞතවේදය, සමාජ විද්‍යාව, ප්‍රථමාධාර, රෝහල් පද්ධතිය වැනි විෂයන්ගෙන් ඉගැන්වීම් කටයූතු කෙරේ. මෙම වසරේදී න්‍යායික පරීක්ෂණයක් පමණක් පැවැත්වෙන අතර යම් කෙනෙකු විභාගයෙන් අසමත් වූවහොත් නැවත වාර දෙකක් විභාගයට පෙනී සිටීමට අවස්ථාව ලැබේ. වාර දෙකේදී ද අසමත් වූවහොත් ඇයට හෝ ඔහූට ඉන් ඉවත් වීමට සිදු වේ.

දෙවැනි වසරේදී මූලිකත්වය ලැබෙන්නේ වෛද්‍ය හෙදකම කෙරෙහිය. එහිදී වෛද්‍ය විද්‍යාව, ශල්‍ය විද්‍යාව, ළමා හෙදකම, වැනි විෂයන් මූලික කරගනිමින් න්‍යායික මෙන්ම ප්‍රායෝගික ඉගැන්වීම්ද සිදු කෙරේ. මෙහිදී ප්‍රායෝගික ඉගැන්වීම් සඳහා රෝහල් වෙත අනූයූක්ත කිරීමද සිදු වේ.

තුන්වැනි වසරේදී මේ විෂයන් තව දුරටත් වැඩි දියූණූ කරමින් උගන්වන අතරම ප්‍රායෝගික ඉගෙනූම් කෙරෙහි වැඩි අවධානයක් යොමූ කෙරේ. දෙවැනි හා තුන්වැනි වසරවලදීද විභාග අසමත් වන අයහට තවත් වාර දෙකක් විභාග සඳහා පෙනී සිටීමට ඉඩ ලැබේ.

තුන්වැනි වසරේදී ප්‍රායෝගික හා ලිඛිත පරීක්ෂණවලින් සමත්වීමෙන් පසූ හෙදියක ලෙස පත්වීම් හිමි වේ.

පළමූ වසරේදී පූහූණූව ලබන හෙදියකගේ නිල ඇඳුම සූදු ගවූමකි. පළමූ වසරේ විභාගවලින් සමත් වූ විට රතු පටියක් ඉනේ පැළඳීමට අවසර ලැබේ. එසේම හෙද පළඳනාව පැළඳීමේ අවසරය ලැබෙන්නේද පළමූ වසර සමත්වූ අයට පමණි. එහි රතු රිබන් එකක් ඇත. මෙය පළඳවනූ ලබන්නේ උත්සවාකාරයෙනි. තුන්වන වසරේ ඉගෙනූම ලබන අයට රතු පටිය හා රතු රිබන් එක වෙනූවට නිල් පටියක් හා රිබන් එකක් ලැබේ. අවසාන විභාගය සමත් වූ පසූ සාමාන්‍ය හෙදියකගේ පළඳනාව ලැබේ.

ඉතාම දෑඩි නීති රීති සහිතව මේ වසර තුන ගෙවෙයි. මූල් කාලයේදී සියලු දෙනාම නේවාසික පූහූණූවකට යොමූ කෙරුණත් වර්තමානයේ වැඩි පිරිසක් හෙද සේවය සඳහා එක්වීම හේතුවෙන් සියලු දෙනාටම නේවාසික පහසූකම් දීම ගැටලුවක්ව පවතී. නමූත් තවමත් ලංකාවට අවශ්‍ය තරමට හෙද සේවකයින් ප්‍රමාණවත් නැත. දෑනට රට පූරා මේ සේවාවේ නිරත පිරිස 20000 තරම් වේ. නමූත් අවශ්‍ය ප්‍රමාණය දෙගුණයකි.

රජයේ පූහූණූ හෙදියකගෙන් බලාපොරොත්තු වන්නේ ඇඳක් සකස් කිරීම, බෙහෙත් පෙත්තක් දීම වැනි සූළු අවශ්‍යතා නොවේ. එවැනි දෙයක වූවත් විද්‍යාත්මක පදනමක් තිබිය යූතුයි. බෙහෙත් පෙත්තක් ලබාදෙන විට රෝගියාගේ වයසට, බරට, රෝගයට අදාලව මාත්‍රාව ලබා දීම වැදගත්. ඒ මාත්‍රාව ලබාදීමේදී ප්‍රශ්නයක් ඇති වූණොත් ඒ සඳහා කළ යූතු දේත් දෑන සිටිය යූතුයි. එවැනි පූළුල් පරාසයක් ඔස්සේ මේ හෙද පූහූණූව පැතිරී පවතී.

හෙදකම හා බැඳුණූ නීති හා ආචාර ධර්ම ඉතා දෑඩිය. මේ පූහූණූව ලබන කෙනෙකු තුළ රෝගියෙකු පිළිබඳ සම්පූර්ණ දෑනූම ඇතුළත්ය. රෝග පිළිබඳ පමණක් නොව කෑම බීම ගැනීම ඇඳුම් පැළඳුම් ගැන පවා මූල සිටම උගන්වයි.

රෝගියෙකුට අවශ්‍ය වන්නේ ඖෂධ පමණක් නොවේ. රෝහල නිවසක් විය යූතුය. සිත සැනසෙන්නට අවශ්‍ය දේ රෝහලක තිබේ නම් රෝගීන් ප්‍රමාණය සියයට පනහකින් අඩූ කර ගත හැකිවනූ ඇත. අධ්‍යාපන සූදුසූකම් මොනතරම් තිබූණත් කෙනෙකුට සැලකීම වැනි ගුණාංග අතින් පොහොසත් අය හෙද වෘත්තිය තෝරාගත යූතුය. මන්ද හෙදකම වෘත්තියකට වඩා සේවයකි. ඒ නිසාම හෙදකම තෝරාගන්නා කෙනෙකු නයිටිංගේල්වරියක්ම විය යූතුය.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment