වැඩි වූ විටත් අඩූ වූ විටත් ලෙඩ ඇති කරන කොලෙස්ටරෝල්





කොලෙස්ටරෝල් පිළිබඳ දෑනූමක් තිබිය යූතුයි. ඔබට නිවැරදි සෞඛ්‍ය තත්ත්වයක් පවත්වා ගැනීමට එය උදව්වනූ ඇත. ඔබ ආහාරයට ගන්නා කෑම බීම අනූව ශරීරයේ ස්ථූලතාවය, ක්‍රියාශීලීත්වය වෙනස් වේ. එමෙන්ම දුම්බීම, මද්‍යසාර පානය, මානසික ආතතිය සහ වෙනත් කරුණූ රැසක් රෝගවලට බලපානූ ඇත. මෙය නැවත නැවත කතා කළත් සමාජය තුළ අඩූවක් නොවන බව දක්නට ලැබේ.

කොලෙස්ටරෝල් වැඩි වශයෙන් අඩංගු වන්නේ සත්ව ආහාරවලයි. උදාහරණයක් ලෙස මස්, බිත්තර, කිරි, සොසේජස්, මීටි බොල්ස් වැනි ආහාර වර්ග නම් කළ හැකිය. ශාක ආහාරවන පොල් තෙල්වල කොලෙස්ටරෝල් නොමැත. එමෙන්ම තල තෙල් සෝයා තෙල්, ඔලිව් තෙල්, ඉරිගු තෙල්වලද කොලෙස්ටරෝල් නැත. නමූත් ඇතැම් මාළුවල ශරීරට අත්‍යවශ්‍ය වන තෙල් වර්ග තිබේ. එනම් ඔමේගා 6, ඔමේගා 3 ලෙස හඳුන්වයි. (ධඵෑඨ් 3 ්භෘ ධඵෑඨ් 6ඃ ඕමේගා 3 ලෙස හඳුන්වන ලිපිඩ අම්ලය ඇත්තේ මාළු, මූහූදු පැළෑටි, කජූ, වටිටක්කා ඇට, වැනි ආහාරවලයි. ඔමේගා 6 ලෙස හඳුන්වන ලිපිඩ අම්ලය ඇත්තේ සූරියකාන්ත තෙල් තිරිඟු ඇට සෝයා තෙල් වර්ගවලයි. ඔමේගා 3 අසංතෘප්ත මේද අම්ලයකි.

මේද අම්ලය අඩූ කරයි. මෙය හෘද රෝග ආරක්ෂා කරයි. කුමන තෙල් වර්ගයක් පාවිච්චි කළත් දිනකට ගත යූතු ප්‍රමාණය වන්නේ මි. ග්‍රෑම් 60 ක් පමණ ලෙසටයි වාර්තා වෙන්නේ. මෙයින් 1/3 ක් එනම් ග්‍රෑම් 20 ක් සංතෘප්ත මේද විය හැකි අතර ඉතිරි 2/3 ක ප්‍රමාණය අසංතෘප්ත මේද සමතුලිත ප්‍රමාණයෙන් ලැබීම අවශ්‍ය වේ. කෙසේ වෙතත් හෘදයාබාධ , රුධිර පීඩනය, දියවැඩියාව වැනි රෝග තත්ත්වයන් අනූව වෛද්‍ය උපදෙස් මත ක්‍රියාකිරීම වැදගත්ය.

කොලෙස්ටරෝල් යනූ ස්වභාවික ශරීරයට අවශ්‍ය ශරීරයේ නිපදවන ලිපිඩයකි. නමූත් කොලෙස්ටරෝල් නිසා ප්‍රශ්න ඇතිවන්නේ මෙය වැඩි වූ විටයි. රුධිරයේ කොලෙස්ටරෝල් ප්‍රමාණය ඉහළ ගිය විට මේවා හෘදයට රුධිරය සපයන ධමනිවල තැන්පත් වී රුධිර සංසරණය අවහිර කරයි. ඇතැම් විට ධමනිය තුළ සම්පූර්ණයෙන්ම කොලෙස්ටරෝල් තැන්පත් වීමෙන් රුධිරය සංසරණය වීම සම්පූර්ණයෙන්ම ක්‍රමක්‍රමයෙන් අවහිර වේ. එවිට හෘදය මූළු මූනින්ම ක්‍රියා විරහිත වන්නට ඉඩකඩ ඇති වේ.

කොලෙස්ටරෝල් වැඩිවීමට හේතු සාධක ලෙස දක්වන්නේ මේද ආහාර වැඩිපූර ගැනීම, බර පමණට වඩා වැඩිවීම, කොලෙස්ටරෝල් බහූල ආහාර වැඩිවශයෙන් ගැනීම, ජානමය සාධකයන්. කොලෙස්ටරෝල් මටිටම පාලනය කිරීම ඉතා හොඳයි. මෙය පරීක්ෂා කිරීම සඳහා රුධිරය ලිපිඩ පරීක්ෂණයකට භාජනය කිරීමෙන් අවම වශයෙන් 5.5 මිලි මෝල්ටි ලෙස පවත්වා ගැනීම හොඳයි.

කොලෙස්ටරෝල් මිනිස් සිරුර තුළ නිපදවන්නේ අක්මාවේ වේ. අක්මාවේ නිෂ්පාදනය වන කොලෙස්ටරෝල් නැවතත් ශරීරයේ අනෙක් අවයව පටක වලට ප්‍රවාහන වන්නේ රුධිරය ඔස්සේ රුධිර නාල මගිනි. මෙය නොනවත්වා වන ක්‍රියාවලියකි. එම අවයව තුළ සහ පටක තුළ තිබෙන කොලෙස්ටරෝල් නැවත අක්මාවට ගෙන එයි. රුධියේ ලිපිඩ පරීක්ෂණයකට භාජනය කිරීමෙන් ට්‍රයි ග්ලිසරයිඩ්, කොලෙස්ටරෝල්, ්‍යෘඛල ළඪළ යන මේද වර්ග අවශ්‍ය ප්‍රමාණයට ඇත්දෑයි පරීක්ෂා කරගත හැකිය. මෙම පරීක්ෂණ වෛද්‍ය උපදෙස් අනූව කළ යූතුය. ෑඪළ ලෙස හඳුන්වන ලිපිඩය ශරීරයට හිත කරයි. ළඪළ ලෙස හඳුන්වන ලිපිඩය ශරීරයට හිත කර නොවනූ ඇත.

ලංකාවේ අපගේ දේශීය ආහාර වේල තුළ සම්ප්‍රදායිකවම සූලබව යොදා ගන්නා මේදය වන්නේ පොල්තෙල්. තෙල් ලෙස හඳුන්වන්නේ සාමාන්‍ය උෂ්ණත්වලදී දියර තත්තවයේ පවතින මේද වේ. මේදයෙන් ශරීරයට වෙන්නේ ශක්තිය සැපයීම, අත්‍යවශ්‍ය මේද අම්ල සැපයීම, මේදයේ දියවන විටමින් සඳහා වාහකයෙක් වීම සහ මස්තු ලිපිඩ හා ලිපො ප්‍රෝටීන පාලනය කරන්නට උදව්වීම වැනි දේවල්. ඒ වගේම මේද ආහාර කටට රසක්, ආහාර රුචියක් ඇති කරන්නටද සමත් වෙනවා. ඒ නිසා ආහාර පිළියෙල කිරීමේදී සහ එකතු කර ගනීමේදී මේදය වැදගත් කාර්යක් කරනවා.

කොලෙස්ටරෝල් විටමින් ං නිෂ්පාදනයටත්, කෝසෝල් සහ ලිංගික ක්‍රියාවලිය සඳහා අවශ වන හෝමෝන නිෂ්පාදනය සඳහායි අවශ්‍ය කොලෙස්ටරෝල් පමණට වඩා වැඩිවීමෙන් හෘදයාබාධ වෙනත් හෘදයේ ආබාධවලටත් මොළයේ අවහිරතා ඇතිවීමත් බලපාන විට මතක තබා ආහාර ගැනීම වැදගත් බව මතක තබා ගන්න.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment