හිසකෙස් ගැළවීම ඔබටත් ප්‍රශ්නයක්ද?

සාමාන්‍යයෙන් මනූෂ්‍යයෙකුගේ හිසෙහි හිසකෙස් ලකෂයක් පමණ පිහිටා තිබෙනවා. එහෙත් නොයෙකුත් හේතූන් මත ස්ත්‍රී පූරුෂ හා වයස් භේදයකින් තොරව හිස කෙස් ගැලවී යාමට පූළුවන්.

ඒ අතර හිස්හොරි, පොතු කබර වර්ග ප්‍රධාන තැනක් ගන්නවා

සාමාන්‍යයෙන් ගම්බද අයට වඩා නගර බද ප්‍රදේශවල ජීවත්වෙන විශේෂයෙන් වයස අවූරුදු දහය, දොළහ ඊට වැඩි වයස් කාණ්ඩවල අයට හිස්හොරි හැදීමේ වැඩි ප්‍රවණතාවයයක් ඇති බව පෙනෙන්නට තිබෙනවා. එයට හේතුව ගම්බද අයට මෙන් නාගරික අයට පිරිසිදු ජලය ස්නානය කිරීමේ අවස්ථාව මගහැරියාම. මානසික පීඩනය වැනි දේවල් ද මේ සඳහා බලපාන බව කිව හැකියි.

හිස්හොරි මානසික පීඩනය වැනි අවස්ථා හැරුණූ කොට පීනස වැනි රෝග තත්ත්වවලදීත් හිසකෙස් ගැලවී යාම දකින්නට ලැබෙනවා. මෙවන් තත්ත්වවලදී ඒවාට නිසි වෛද්‍යවරයෙකුගේ උපදෙස් ඇතිව ප්‍රතිකාර ගැනීමෙන් හිසකෙස් ගැලවී යාම පාලනය කරගත හැකියි.

ඒ වගේම ඇතැම් අයගේ හිස්හොරි නිසා මෙන්ම උකුණන් නිසා ද හිස කැසීම් ඇතිවෙනවා. මේ තත්ත්වය මනාව අවබෝධ කොටගෙන ඊට ප්‍රතිකාර කළ යූතුයි. මන්ද හිස කැසීමෙන් තුවාල වී හිසකෙස් වැටීමට පූළුවන.

එවැනි තත්ත්වයන් එසේ තිබියදී ඔබ අමතක නොකළ යූතු තත්ත්වයක් තිබෙනවා. එනම් සෑම කෙනෙකුගේම හිසින් දෛනිකව යම්කිසි කෙස් ගස් ප්‍රමාණයක් ගැලවී යනවා. මෙය හරියටම අය වැය ලේඛනයක් බඳුයි. සමහර කෙස් වැටූණ ද යළි වැඩෙනවා. එහෙත් වැටෙන හිසකෙස් ප්‍රමාණයන් සූළු ප්‍රමාණයක් පමණ යළි වැඩෙන්නේ නැති බව ද අමතක නොකළ යූතුයි.

කෙනෙකුගේ හිසෙහි දිනකට හිසකෙස් සියයක පමණ සංඛ්‍යාවක් ගැලවී යන්නේ නම් ඉතා ඉක්මණින් හිස කෙස් තුනී වී යන අතර හිස කෙස්වල පැහැයද අඩූවි යනවා. මෙය පහසූවෙන්ම හඳුනා ගන්න පූළුවන්.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment