සිංහ ලග්න කාන්තාවගේ ගතිගුණ




රාශි මඬූල්ලේ පස්වෙනි රාශිය වන සිංහය සූබ ලග්නයක් වේ. මෙම ලග්නයට හිමිකම් කියන්නේ ග්‍රහ මණ්ඩලයෙහි රජූ ලෙස හඳුන්වන රවි ග්‍රහයා වේ. සිංහ ලග්න කාන්තාව නිර්භීත කාන්තාවක් වන්නීය. එඩිතරකම තරමක් අහංකාර කම ඇති කරවයි. රවි ග්‍රහයා බලවත්ව ජනිත කාන්තාව පිරිමියකු සේ නිතර කටයූතු කිරීමට පෙළඹේ. මවූපියන්ට, තම සහකරුට එතරම් අවනත නොවේ. නිතරම තමන් ගැනම සිතයි. අන්‍යයන්ගෙන් වැඩගන්න දකෂ වූවත් ඉතා කෙටි කලකදී අන්‍යයන්ට මැයව එපාවෙයි. උසස් බව ලැබීමට දැඩි ආශාවක් දක්වයි. බොහෝ දුරට එය ලබාගනී. සිංහ රාශිය ගිනි රාශියක් වන බැවින් මෙම ලග්නයෙන් ජනිත කාන්තාව සටන්කාමීත්වයෙන් පරිපූර්ණ වන්නීය.

තමන් කිසිවෙකුට වරදක් කරන්නේ නැත. එනිසා සිංහ ලග්නකාරියන්ට අනූන්ට අවවාද දීමට හැකියාව පවතී. ඉතා අවංකව කටයූතු කරයි. එහෙත් තමන්ට කවූරු හෝ අකටයූත්තක් කලවිට එයට එකට එක කිරීමටත් අමතක කරන්නේ නැත. ආදරය ඉතා හොඳින් තේරුම් ගනී.

අධ්‍යාපනය

සිංහ ලග්න කාන්තාව අධ්‍යාපන කටයූතු සාර්ථකව කරගනී. කුඩා කල සිටම ඉගෙනීමට දකෂවේ. ගුරු ග්‍රහයා බොහෝ දුරට ඉගෙනීම් කටයූතු සාර්ථකව කරගෙන යාමට උපකාරී වේ. රවි බූධ පස්වැන්න ගතවීම ඉගෙනීමට යහපත්වේ. බූධග්‍රහයා පස්වැන්න ගතවීම ත්‍රිකෝණ බලයෙන් යූක්ත බැවින් අධ්‍යාපන කටයූතු සාර්ථකව කර ගැනීමට එය උපකාරී වේ. රවි බූධ නමවැන්න ගතවූ සිංහ ලග්න කාන්තාව උසස් අධ්‍යාපනයක් ලැබීමට භාග්‍ය උදාකරගනී. බූධ නමවැන්නට ත්‍රිකෝණ බලයෙන් යූක්තයි. රවි නමයට උච්චයි. එනිසා මෙම ග්‍රහ බලය උසස් අධ්‍යාපනයක් ලබාදෙයි.

රැකියාව

සිංහ ලග්නයෙන් ජනිත කාන්තාවකගේ ජන්ම පත්‍රයෙහි දහවන කොටූවේ රවි බූධ යෙදීම ඉතාම හොඳ පිහිටීමක් වේ. රවි ග්‍රහයා දිග් බලයෙන් යූක්තව බූධ සමග 10 වන කොටූවේ යෙදීම උසස් රජයෙහි රැකියාවකට හිමිකම් කියන්නීය. මෙම ග්‍රහයෝගයෙන් ජනිත කාන්තාවන් බොහෝ දෙනකු රාජ්‍ය සේවයෙහි නියැළී උසස් නිලතල දරන්නීය. සිකුරු ග්‍රහයා දහවැන්න ගත කාන්තාව බොහෝදුරට ව්‍යාපාර අංශයෙහි රැකියාවක නිරත වේ. මනාලියන් හැඩගැන්වීම වැනි ව්‍යාපාරවල නිරත වන්නීය. කුජ සමග සිකුරු දහවැන්න ගත කාන්තාව ස්වයං රැකියාවකින් ඉතා උසස් දියූණූවකට පත්වන්නීය.

ධනය

සිංහ ලග්න හිමිකාරියගේ ධනස්ථානාධිපති ග්‍රහය බූධ වේ. බූධ ග්‍රහයා දෙවැන්න ගතවීම හොඳ ධනයක් උපයා ගැනීමට හැකියාව පවතී. බොහෝ දුරට උපයන ධනය තැන්පත් කරගැනීමට හැකියාව පවතී. කුජ දෙවැන්න ගත වූ කාන්තාව ධනය උපයා ගැනීමට දකෂයි. එහෙත් ධනය ඉදිරි කර ගැනීමට නම් නොහැකිවේ. කේතු දෙවැන්නේ යෙදීම ධනය ලැබෙන ග්‍රහ බලයක් වේ. රවි බූධ ලග්නය යෙදුන කාන්තාව ධන සම්පත් ලබන්නීය. තව ද රවි බූධ යන ග්‍රහයින් දෙවැන්න, එකොළොස්වැන්න ගතවී ජනිත කාන්තාවන්ට ධනය ලැබීමට භාග්‍ය හිමිවන්නීය.

විවාහය

සිංහ ලග්න හිමිකාරියන්ගේ විවාහය බොහෝ දුරට තරමක් පවාවීම සිදුවනූ ඇත. අඩූ වයසින් විවාහයක් සිදුවූවහොත් එම විවාහය එතරම් දුරට සාර්ථක වන්නේ නැත. වයස 23 ත් විසි හතත් අතර සිදුවන විවාහය යහපත් එකකි. විවාහයෙන් පසූව සැපවත් ජීවිතයක් ගත කිරීමට භාග්‍ය උදාකරවයි. ඉතා හොඳ ගතිගුණ හිමි කෙනෙකු විවාහයට ලැබේ. මවූපිය යෝජනාවකින් විවාහයක් වේ. තම සැමියාට සියලු යූතුකම් ඉටූ කිරීමට සිංහ ලග්න කාන්තාවට හැකියාව පවතින්නීය. සැමිය උපයන ධනය ඉතාම අරපරිස්සමින් වියදම් කර කෙසේ හෝ මූදලක් ඉතිරි කරගනී. බොහෝවිට ගෙදර පාලන කටයූතු සිංහ ලග්න කාරිය තමා සතුව තබාගනී. සැමියාද ලැබෙන ධනය බොහෝ දුරට තම බිරිඳට දෙයි. විවාහයෙන් පසූව සිංහ ලග්නකාරියන් ක්‍රමයෙන් දියූණූව කරා ගමන් කරන්නීය. මධ්‍යම වයසේදී පිනට දහමට නැඹූරු වේ. සිංහ ලග්න හිමිකාරියගේ අටවැන්න සෙනසූරු යෙදීම නිසා ඇය ස්වඋත්සාහයෙන් ධනවත් වේ.

සිංහ ලග්නයෙන් ජනිත කාන්තාවට බ්‍රහස්පතින්දා දිනය පරාජය දිනයක් වේ. සිකුරාදා දිනය වාසනාවන්ත දිනයක් වේ. බ්‍රහස්පතින්දා දිනය පරාජය දිනයක් වන්නේ බ්‍රහස්පති අට අධිපති නිසාවෙනි.

ජය අංකය වනූයේ 1ඃ4ඃ5 යි. රතු, කොළ යන වර්ණ ජයවර්ණ වේ. මැයි සහ ජූනි මාස සිංහ ලග්න හිමිකාරියන්ට ඉතා සූබ මාස වේ.

සිංහ හිමිකාරියන් රවි දුබල නම් කුඩා කල සිටම ඉතා අවාසනාවන්ත ජීවිතයක් ගත කරයි. කුඩා කලම මවූපිය වියෝවීමක් සිදුවේ. පිරිමි පකෂය සමග නිතර නිතර ආරවූල් ගැටූම් ඇතිකරගනී, ස්ථීර හිතක් නැත. මෙහෙකාරියක්වී ඉතා දුක්බර ජීවිතයක් ගත කිරීමට සිදුවේ. සමාජ විරෝධී ක්‍රියාවන්වල නිරත වී නීතියෙහි රැහැනට පසූව බන්ධනාගාර ගතවීමට සිදුවේ.

රවි හිමි සිංහ ලග්නය හිමිකාරියන් අයූක්තියට එරෙහිව සටන් කිරීමට මැලිනොවේ. භිතට ඕනෑම අභියෝගයක් පිළිගැනීමට ඉදිරිපත් වේ. තම යූතුකම් නොපිරිහෙලා ඉටූ කරන රාජකාරිය නිසි අයූරින් කරන, යූක්තිය ඉදිරියෙහි හිස නමන අයූක්තියට පහර දෙන, කෙනෙකුගේ විපතට මඟ නොහැර පිහිට වන කාන්තාවන් සිංහ ලග්නයෙන් ජනිත වන්නීය.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment