නිවරදි මූල්‍ය ආයතනයක් අප හඳුනා ගන්නේ කෙසේද?




බලය ලත් මූල්‍ය ආයතනයක් හඳුනාගන්නා ක්‍රම කිහිපයක් තිබෙනවා. බලයලත් මූල්‍ය ආයතනවල බලපත්‍රය තම ආයතනයේ ඕනෑම අයකුට පරීක්ෂා කළ හැකි ආකාරයට ප්‍රදර්ශනය කොට තිබෙනවා. එමෙන්ම එම ආයතනය ප්‍රචාරක දෑන්වීම් කටයූතු කරද්දී එම ලියාපදිංචි අංකයද ප්‍රසිද්ධ කරනවා. විශේෂයෙන් මහ බැංකුවේ ලියාපදිංචි වීමෙන් ලබා ගත් සහතිකය ප්‍රසිද්ධ කරනවා. මෙවැනි ලක්ෂණ නිසි මූල්‍ය ආයතන වල තිබෙනවා. ඒ වගේම ශ්‍රී ලංකා මහ බැකුව සිංහල දෙමළ ඉංගී්‍රසි යන භාෂා ත්‍රිත්වයෙන්ම නිසි මූල්‍ය සමාගම් පිළිබඳ ප්‍රසිද්ධියට පත් කරනවා.

එහෙත් නිසි බලපත්‍රයක් රහිත ආයතන මෙවැනි නිවැරදි ප්‍රචාරක කටයූතු කරන්නේ නෑ. එහෙත් ඇතැම් වංචනික පූද්ගලයන් සමාගම් පනත යටතේ ලියාපදිංචි වී එම බලපත්‍ර අංකය ප්‍රසිද්ධ කරමින් මහජනතාව නොමඟ යවනවා. නමූත් සමාගම් පනත යටතේ ලියාපදිංචි ආයතනයකට මූදල් තැන්පතු පිළිබඳ කටයූතු කිරීමට බලයක් නැහැ.

පසූගිය කාලයේ යම්යම් මූල්‍ය ආයතන ආර්ෂණීය පොලී අනූපාතයන් ලබා දෙන බවට ප්‍රචාරය කළා. මෙසේ ආකර්ෂණීය පොලී අනූපාතයන් ලබා දෙන්නේ කෙසේද?

ඔය ආකර්ෂණීය පොලී අනූපාතයන් ලබා දුන්නේ නීති විරෝධී ආයතන. මහ බැංකුවේ ලියාපදිංචි මූල්‍ය ආයතනවලට මහ බැංකුව විසින් උපදෙස් ලබා දෙනවා එම සමාගම්වලින් දිය යූතු පොලී අනූපාතයන් පිළිබඳ. බැංකු ආයතන වූණත් මහ බැංකුව නිර්දේශ කරන පොලී අනූපාතයන් තමයි ලබා දෙන්නේ.

නීති විරෝධී මූල්‍ය ආයතන මහජනතාවට ඉතා ඉහළ පොලී අනූපාතයන් ලබාදීමට පොරොන්දු වෙනවා. ඒ නිසාම කිසිදු සොයා බැලීමක් නැතිව ඇතැම් අය එවැනි ආයතනවල මූදල් තැන්පත් කරනවා. නමූත් එම මූල්‍ය ආයතනවලට සිදුවන්නේ තැන්පතු මූදල්වලින් තමන් දක්වන පොලි අනූපාතයන් ලබාදීමටයි. ඒ නිසා වැඩි පොලී අනූපාත දෙනවයි කියන ආයතන ඉතා ඉක්මනින් කඩා වැටෙනවා.

ඒ නිසා මහජනතාව ප්‍රචාරක දෑන්වීම්වලට හසූ නොවී කටයූතු කරන ලෙස මහ බැංකුව ඔවූන්ව දෑනූවත් කිරීම් කරනවා. සමාජයේ වංචනික පූද්ගලයන් ගැවසෙන එහෙයින් ඒ පිළිබඳ ඔබ අවධානයෙන් සිටීමෙන් ඔබට යහපතක් මිස අයහපතක් සිදු නොවේ.

ආකර්ෂණීය පොලී අනූපාතයන් ලබා දෙනවා යැයි කිව් විට මහජනතාව ඒ පැත්තට නැඹූරු වෙනවා. පසූගිය කාලයේ එවැනි ආයතන බිහිවූවා.

මූල්‍ය ආයතනයක් පවත්වාගෙන යමින් මූදල් වංචා කළා යැයි කියන සක්විති රණසිංහ නැමැත්තා රටින් පැනගිහින්. ඔහූ ප්‍රචාරය කළ දෑන්වීම් පිළිබඳ මහ බැංකුව ක්‍රියා කළේ කෙසේද?

ඇත්තටම එවැනි ආකර්ෂණීය පොලී අනූපාතයන් ලබාදෙන මූල්‍ය ආයතන පිළිබඳ විමසිල්ලෙන් පසූවෙනවා. එවැනි ආයතනවලට රැැවටෙන්න එපා යැයි මහජනතාව දෑනූවත් කරන අතර එම ආයතන පිළිබඳව අපේ නිලධාරි කණ්ඩායමක් පරික්ෂණ ආරම්භ කර තිබූණා. ශ්‍රී ලංකා මහ බැංකුව සිදු කළ එම පරීක්ෂණ අවසන් අදියරේදී මහ පරිමාණ වංචාවක් සිදුකළායැයි කියවෙන එම ආයතනය පරීක්ෂාවට ලක් කළා. ඊට පසූදින එම ව්‍යාපාරයේ ප්‍රධානියා රටින් බැහැරව ගොස් ඇතිබව රට පූරා ප්‍රචාරය වූනා. එම මූල්‍ය ආයතනය පිළිබඳ පමණක් නොව තවත් ආයතන කිහිපයක් පිළිබඳ පරීක්ෂණ කළා. ඒ අනූව තමයි මහ බැංකුවේ මූදල් මණ්ඩලය තීරණයක් ගෙන ආයතන කිහිපයක් තහනම් කළේ.

මෙහිදී කිව යූතු විශේෂ කාරණයක් තියෙනවා. කිසියම් පූද්ගලයෙකු මූදල් වංචාවක් මත රටින් බැහැරව යාම හා මහ බැංකුවේ පරීක්ෂණ අතර කිසිදු සම්බන්ධයක් නැහැ.

කලින් මහ බැංකුවේ ලියාපදිංචි නොවූණූ සමහර මූල්‍ය සමාගම් ඉදිරියේදී ලියාපදිංචි වන බවටත් තමන් වෙත ආයෝජනය කළ මූදල් ලබාදෙන බවටත් ප්‍රචාරය කරනවා.

2008 ඔක්තෝබර් 24 දක්වා කාලය එම ආයතනවලට ලියාපදිංචි වී නිසි සහතිකයක් ලබාැගනීමට සහනයක් ලබාදී තිබෙනවා. ඒත් මේ කාලය තුළ නව තැන්පතු ලබා ගැනීමටත් තැන්පතු බැහැර කිරීමත් නවතන ලෙස මහ බැංකුවේ මූදල් මණ්ඩලය විධානය කර තිබෙනවා.

මෙම වංචනික මූල්‍ය ආයතන පිළිබඳ සොයා බලන්නේ මහජන පැමිණිලි මත පමණක්ද?

නැහැ. ඒ පිළිබඳ සොයා බලන ක්‍රම කිහිපයක් තිබෙනවා. මහජන පැමිණිලි, මාධ්‍ය මගින් කරන හෙලිදරව් වගේම මහ බැංකුවේ නිලධාරීන්ද විටින් විට මූල්‍ය සමාගම් පිළිබඳ සොයා බලනවා. එම වැරදි ආයතනවලට මහ බැංකුවේ අණපනත් අනූව කටයූතු කරනවා. වෙනත් වංචනික ක්‍රියා සිදුව ඇත්නම් පොලිස් දෙපාර්තමේන්තුව නීතිය ක්‍රියාත්මක කරනවා.

නිසි මූල්‍ය ආයතනයක් මූල්‍ය කටයූතු සිදු කරන ආකාරය අප සොයා බලනවා. ඒ නිසා එවැනි ආයතනයක් කඩා වැටීමට ඇති ඉඩකඩ අවමයි. එහෙත් නීත්‍යානූකුල නොවන මූල්‍ය සමාගම් සම්බන්ධයෙන් මහ බැංකුව වග කියන්නේ නෑ.


Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment