කලර් කිරීමට ප්‍රථමයෙන් සහ කලර් කිරීමට පසූව ඔබ දැනගත යූතු දේ....



වර්තමාන බොහෝ යූවතියන් මෙන්ම පිරිමි පාර්ශ්වයද හිසකෙස් කලර් කිරීමට ඉතාමත් උනන්දුවක් දක්වයි. ස්වභාවයෙන්ම තමන්ට හිමි හිසකෙස් වර්ණය, වෙනස් කිරීමටත්, විවිධ මෝස්තරයන්ට අනූව වෙනස් කිරීමටත් බොහෝ දෙනා යූහූසූළුවෙති. ස්වභාවයෙන්ම තමන්ට හිමි වර්ණය හා පැහැය වෙනස් කිරීම කලර් කිරීමකින් බලාපොරොත්තු වන නමූත්, එකිනෙකා කලර් කිරීම සඳහා බලපාන වෙනත් හේතු රාශියක් ද ඇත. ඒවායින් මූලික හේතු වන්නේ,

ංසූදු පැහැ ගැන්වූනූ කෙස් වර්ණ ගැන්වීම

ං තමන්ගේ පෞරුෂත්වය වර්ධනය කර ගැනීම

ං තමන්ගේ පෙනූමේ පැහැදිලි වෙනස් කමක් ඇතිකර ගැනීම.

ං හිස කෙස්වල පවත්නා පැහැය වෙනස් කර ගැනීම පවත්නා පැහැය තීව්‍ර කර ගැනීම.

ං නවීන විලාසිතාවලට අනූව හැඩ ගැසීම

ං වර්ණ භාවිත කොට තමන් තුළ නැති ගුණාංග ඇති බව පෙන්වීම හෝ තමන් තුළ ඇති යම් ගුණාංග නැති බව පෙන්වීමට (උදා වයස අඩූ බව, නවීන පන්නයට හැඩ ගැසූනූ බව පෙන්වීමට, කෙළිලොල් බව පෙන්වීමට.)

කොණ්ඩය වර්ණ ගැන්වීම යනූ විද්‍යාව හා කලාව යන දෙකම මූසූවූ අධ්‍යයනයකි. මෙහිදී විද්‍යාව අදාල වන්නේ වර්ණ ගැන්වීම සඳහා රසායනික ද්‍රව්‍ය භාවිත වන නිසාය. කලාව අදාළ වන්නේ ඒ ඒ පූද්ගලයාට ගැලපෙන අයූරින් කලාත්මකව එම කාර්යය ඉටූ කළ යූතු නිසාය.

හිසකෙස් වර්ණ ගැන්වීමකට ප්‍රථමයෙන් වර්ණ ගැන්වීමකට ලක්වීමට බලාපෙරොත්තුවෙන් සිටින ඔබ විසින් දැන ගත යූතු කරුණූ බොහෝය. මෙහිදී පළමූවෙන්ම සැලකිලිමත් විය යූත්තේ මේ සඳහා රූපලාවන්‍යාගාරයක් තෝරා ගැනීමේදීය.

රූපලාවන්‍යාගාරයක් තෝරා ගැනීමේදී සැලකිලිමත් විය යූතු කරුණූ?

1 පළපූරුදු, පූහූණූ කේෂාලංකාර ශිල්පියෙකු හෝ ශිල්පිනියක සිටින රූපලාවන්‍යාගාරයක් තෝරා ගන්න.

2ඔබ විසින් තෝරාගත් රූපලාවන්‍යාගාරයේ සිටින ශිල්පීන්ගේ අත්දැකීම් පිළිබඳව දැනූවත් වන්න. ඔවූන් පූහූණූව ලබා සිටින අන්දම පිළිබඳව ඔවූන්ගේ රූපලාවන්‍යාගාරවල ප්‍රදර්ශනය කොට ඇති සහතික පිරික්සීමෙන් දැනූවත් වන්න.

3ඔවූන් විසින් අනූගමනය කළ යූතු ආරක්ෂාකාරී පිලිවෙත් සම්බන්ධයෙන් ඔවූන්ගෙන් විමසා දැනගන්න.

4ඔවූන් භාවිත කරනූ ලබන නිෂ්පාදන මොනවාද? එම නිෂ්පාදනවල ගුණාත්මක බව හා ප්‍රමිතිය ඒවා භාවිත කරන ආකාරය ගැන විමසිලිමත් වන්න.

5ඔබ විසින් ඉටූ කර ගැනීමට යන්නේ රසායනික සේවාවක් බැවින්. එය ඉටූකරනූ ලබන අයගේ විශ්වාසනීය බව මෙන්ම ඔවූන් විසින් අයකරනූ ලබන මූදල හා ඒ සඳහා ගතවන කාලය පිළිබඳවත් දැනූවත් වන්න.

පලපූරුදු ශිල්පියකු හෝ ශිල්පිනියක ද හොඳ රූපලාවන්‍යාගාරයක් ද තෝරා ගැනීමෙන් පසූව ඔබ ඔබ විසින් සැලකිලිමත් විය යූතු තවත් කරුණූ ඇත. වර්ණ ගැන්වීමට ප්‍රථමයෙන් සේවාදායකයා සමග විශේෂ හවූවක් සැලසූම් කොට ඒ පිළිබඳව ප්‍රථමයෙන් සාකච්ඡා කළ යූතුය. මෙය ඉංග්‍රීසියෙන් කකසැබඑ කදබිමකඒඑසදබ එනම් ක්ලයන්ටි කන්සල්ටෙිෂන් යනූවෙන් හඳුන්වයි. මෙම සාකච්ඡාවේදී

ං දැනට කොණ්ඩයේ පවතින වර්ණය

ං වෙනස් කිරිමෙන් පසූව ඇතිවන වර්ණය,

ං සමෙහි පවත්නා වර්ණය

ං ඇස්වල වර්ණය,

ං කෙස් කළඹේ තත්ත්වය (වියළිද දුර්වලද)

ං කෙස් ගස්වල මෘදු හා ඝන බව

කෙස් කළඹේ දිගු බව හෝ කෙටි බව.

වර්ග අඟලකට ඇති කෙස් ගස් ප්‍රමාණය

කෙස් කළඹේ ස්වභාවය (රැළි සහිතද, ක්‍රේල් ද කෙළින් වූ කෙස් ද යනාදිය වශයෙන්)

ඉහත සඳහන් කාරනා පිළිබඳව ඔබේ ශිල්පියා හෝ ශිල්පිනිය විමලිසිමත් විය යූතු අතරම, ඔබගෙන් ඔබට අවශ්‍ය කුමන ආකාරයක වර්ණ ගැන්වීමක්දැයි විමසා බැලිය යූතුය. මෙහිදී තම සේවාදායකයාගේ වෘත්තිය හා ඇයගේ ජීවන රටාවද විමසා දැන ගැනීමෙන් ඇයට හෝ ඔහූට අවශ්‍ය මෝස්තරය, ඇයට හෝ ඔහූට ගැලපෙන ආකාරයෙන් ඉටූකර දිය හැකිය.

ඊළඟට අප විසින් ඉදිරිපත් කිරීමට යන්නේ කලර් කිරීමෙන් පසූව හිසකෙස් ඔබ විසින් රැකබලා ගත යූතු ආකාරයයි

1 රසායනික සේවාවකින් පසූව ඕනෑම කෙස් කළඹක තත්ත්වය වියළි හා දුර්වල බවට පත්වන බැවින් නිරන්තරයෙන්ම කන්ඩිෂනර් භාවිත කළ යූතුයි. මේ සඳහා සූදුසූ කන්ඩිෂනර් වර්ගයක් තෝරා ගන්න. කලර් කරනූ ලැබූ කෙස් සඳහා විශේෂ වූ ෂැම්පූ හා කන්ඩිෂනර් වර්ග වෙළඳ පොලේ දක්නට ලැබේ.

2වියළි බව හා දුර්වල බව නැතිකර ගැනීම සඳහා අඩූම තරමින් සතියකට වරක්වත් තෙල් සාත්තුවක් කරගත යූතුය. රත් කර නිවාගත් තෙල් වර්ගයකට විටමින් ,ෑ, කරල් කීපයක් එකතු කොට කෙස් කළඹේ හා හිසෙහි ආලේප කොට විනාඩි 15ඃ20 ත් අතර සම්භාහනයකට ලක්කර, ෂවර් කැප් එකකින් හිස ආවරණය කොට විනාඩි 30 ක් වත් තබා අනතුරුව හොඳින් ෂැම්පූ කොට සෝදා හරින්න.

3කෙස් කළඹේ ගුණාත්මක බව ඉහළ දැමීම සඳහා කිසියම් හෙයාර් ටොනික් වර්ගයක් භාවිත කරන්න.

4හැකිතාක් දුරට බ්ලීච් කිරීමෙන් වැලකී සිටින්න. බ්ලීච් කිරීම අවශ්‍ය නොවන වර්ණ ගැන්වීමක් කිරීමට උනන්දු වන්න.

5වර්ණ ගන්වනූ ලැබූ කෙස් කළඹක් හිරු එළියට නිරාවරණය වීමෙන් වර්ණ මලානික පෙනූමක් ගත හැකි අතර එයින් වැලකීමට වග බලාගන්න.

6මසකට අඟල් 1·2 ක පමණ කේශ වර්ධනයක් හිසෙහි දක්නට ලැබෙන අතර වර්ණගැන්වීමකින් මාස 1 1·2 කට පමණ පසූ අලුතින් සිදුවූ වර්ධනීය කොටස්වල වර්ණ ගන්වන්න.

7වර්ණ ගැන්වූ විට, කෙස් ගස්වල වර්ණය තව තවත් තීව්‍ර කර පෙන්වීමට අවශ්‍ය නම් ඒ සඳහා විශේෂිත වූ ෂැම්පූ වර්ග ඇති අතර ඒවා භාවිත කොට ඔබගේ අවශ්‍යතාවය සපූරාගත හැක. එම ෂැම්පූ කලර් එන්හාන්සින් ෂැම්පූ යනූවෙන් හැඳින්වේ.

8වර්ණ ගැන්වූ කෙස් අධික ලෙස හෙයාර් ඩ්‍රයර් භාවිත කොට වියළීමෙන් හෝ අයන් භාවිත කොට වියළීමෙන් වලකින්න. එසේ කිරීමෙන් හිසකෙස්වල ඇති වර්ණය ෂේඩ්වීමට පූළුවන.

9මෙලෙස වර්ණ ගැන්වූ කෙස් කළඹට මසකට වරක්වත් කන්ඩිෂනර් ටී්‍රටිමන්ටි එකක් කර ගත යූතුය. මේ සඳහා රූපලාවන්‍යාගාරයකට යා හැකිවනවා මෙන්ම, නිවසේදී සාදාගන්නා හෙයාර් පැක් එකක් වූවත් භාවිත කළ හැක.

10.වර්ණය වෙනස් කිරීමේදී ඇතිවන වියලි හා දුර්වල බව හේතු කොටගෙන, කෙස් කළඹේ ජීව ගුණය නොමැති වී යා හැකි නිසා, හිසකෙස්වල දීප්තිමත්, ජීවිය ගුණයක් එක් කිරීමට සිලිකන් කන්ඩිෂනර් හෝ විවිධ වර්ගයේ සීරම් වර්ගවලින් එකක් භාවිත කළ හැක. තමන්ට ගැළපෙන සීරම් වර්ගයක් තෝරා ගැනීම ඔබගේ රූපලාවන්‍යඃවේදියාගෙන් උපදෙස් පැතිය හැකිය. නැතිනම් ඕනෑම වර්ගයේ ලීව් ඔන් කන්ඩිෂනර් වර්ගයක් භාවිත කළ හැක.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment