ලෝකයේ පැරණිම පූජනීය වෘක්ෂ රාජයාණන් වහන්සේ



ලෝකයේ මහ වනාන්තරවල ඉතා පූරාණ වෘක්ෂ තිබිය හැකිය. එහෙත් එම වෘක්ෂ කවදා කවූරුන් විසින් රෝපණය කරන ලද්දේද යන්න හෝ එම ගස් සිටවූ අවස්ථාව හෝ දිනය ගැන අපට දෑනගත නොහැකිය. එසේ වන්නේ බූද්ධගයාවේ එදා සිදුහත් කුමරුන්ට බූදු බව ලබාගැනීමට සෙවන දුන් බෝධි වෘක්ෂය අප රටෙි මහා මෙවූනා උයනේ ඇති ශ්‍රී මහා බෝධීන් වහන්සේට වඩා පැරණි යැයි ඔබට මොහොතකට හෝ සිතෙන්නට ඉඩ ඇත. එය එසේ නොවන්නේ කුමක් නිසා දෑයි විමසා බලමූ.
දඹදිව බූද්ධගයාවේ ශ්‍රී මහ බෝධින් වහන්සේගේ දක්ෂිණ ශාඛාව ලංකාවට වැඩම කරවීමෙන් පසූව එම ශ්‍රී මහ බෝධින්වහන්සේට අසෝක රාජ්‍ය කාලයේදීම සිදු වූ එක්තරා සිදුවීමක් මේ කියවන ඔබ සමහර විට අසා ඇතිවාට සැක නැත. ඒ විස්තරයද මහ වංසයේම සඳහන් වන නිසා ඒ ගැනද විමසා බලමූ.

මහා වංසයේ ඒ පිළිබඳ සඳහන් ආකාරයෙන්ම මෙසේය.

දහම්සෝ (ධර්මාසෝක) රජහට අටලොස් හවූරුදුයෙහි මහමෙවූනා උයනෙහි මහ බෝ පිහිටියාය. එයින් දොළොස් වන අවූරුද්දේ ඒ ධර්මාසෝක රජූගේ මෙහෙසි වූ අසන්ධිමිත්‍රා නම් බිසව් කළුරිය කළා. ඉන් සතරවන අවූරුද්දේ ධර්මාසෝක රජතෙමේ විසම අදහස් ඇති තිස්සාරක්ඛා නම් කුමරිය බිසව බවට පත් කරගත්තේය. එයින් සතර වන අවූරුද්දේ දී රූපයෙන් මත් වූ ඒ බාල බිසව් මේ රජ තෙමේ (ධර්මාසෝක රජූ) මටත් වඩා මහබෝධිය (බූද්ධගයාවේ ජය ශ්‍රී මහ බෝධින් වහන්සේ) කෙරෙහි ඇලුම් කරන්නේ යැයි සිතා ක්‍රෝධ කොට තමාට අවැඩක් කරගන්නී) මඩූ කටූ (විස කටූ) යෙදීමෙන් මහ බෝධිය මැරවිය. ඉන් හතර වන අවූරුද්දේහි මහ යශස් ඇති ධර්මාසෝක රජූ අනිත්‍ය බවට (මරණය) පත් වූයේය. (මහ වංසය 20 වැනි පරිච්ඡේදය)

මේ අනූව බූදුරජාණන් වහන්සේට සෙවන දුන් (සිදුහත් කුමාරයාට බූද්ධත්වය ලබා ගැනීමට) බූද්ධගයාවේ ජය ශ්‍රී මහබෝධින් වහන්සේ අද එම ස්ථානයේ නැත. එයින් ලබාගත් දක්ෂිණ ශාඛාව ලංකාවේ එදා එනම් අවූරුදු 2315 ඉහත දී මහ මෙවූනා උයනේ රෝපණය කළ ස්ථානයේම අද ආරක්ෂා සහිතව ජීවමාන ලෙසින් දක්නට ලැබීම ලංකාවාසී අප හැමගේ පමණක් නොව සමස්ත ලෝක බෞද්ධ ජනතාවගේම බූද්ධාලම්බන ප්‍රීතිය සඳහා වන්නේය.

අනූරාධපූරයේ ජය ශ්‍රී මහ බෝධින් වහන්සේගේ තවත් විශේෂත්වයක් ඇත. එනම් ඉහතින් සඳහන් කළ පරිදි අසූවල් දිනයේදී අසූවල් පිරිස ඉදිරිපිට රෝපණය කරන ලදෑයි ඉතිහාසයේ සඳහන් වන ඉපැරණිම වෘක්ෂය පමණක් නොව පූජනීය වූ වෘක්ෂ රජාණන් වහන්සේද වන්නේය. මේ නිසා එදා මහ මෙවූනා උයනේදී දේවානම්පියතිස්ස රජතුමා ප්‍රමූඛ රාජ්‍ය අමාත්‍යවරුන් සහිත සැදෑහැවත් ජනතාවද මිහිඳු මහ රහතන් වහන්සේ සංඝමිත්තා මෙහෙනිය. තිවංක බ්‍රාහ්මණයා කතරගම සහ සඳුන් ගම ක්ෂත්‍රිය කුමාරවරුන් දෙදෙනාද සහභාගි වූ ඒ බෝධි රෝපණ මහ උත්සවයේදී රෝපණය කරන ලද ජයශ්‍රි මහ බෝධින් වහන්සේ අද අනූරාධපූරයේ උඩ මළුවෙහි නිරුපද්‍රිතව වැඩ වාසය කරන අන්දම දෑකිය හැකිය. මේ නිසා අනූරාධපූරයේ ජය ශ්‍රී මහා බෝධින්වහන්සේ බූදු රජාණන් වහන්සේගේද පූජාවට භාජනය වූ වෘක්ෂරාජයාණන් වහන්සේ වන්නේය.

මෙම ජය ශ්‍රී මහ බෝධින් වහන්සේට දෙවැනි රන්වැටක්ද නිර්මාණය කර පූජා කිරීම ජය ශ්‍රී මහා බෝධි රන්වැට අරමූදල විසින් අටමස්ථානාධිපති පූජ්‍ය ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමිපාණන් වහන්සේගේ අනූශාසකත්වයෙන් සිදු කෙරුණි. ඉන්පසූව පසූගිය වසරේදී ජය ශ්‍රී මහා බෝධි මළුව යළි සංරක්ෂණය කර එහි විනාශ වූ ප්‍රාකාර සකස් කළේද දේශමාන්‍ය කේ. එච්. ජේ. විජයදාස මහතාගේ සභාපතිත්වයෙන් යූතු රන් වැට අරමූදලේ අනූග්‍රහයෙනි.

අනූරාධපූරයේ ජය ශ්‍රී මහ බෝධින් වහන්සේ පිළිබඳ නිතරම පරීක්ෂා කර අවශ්‍ය වූ ආරක්ෂණ කටයූතු පේරාදෙණිය උද්භිද උද්‍යානයේ අධ්‍යක්ෂවරයාගේ අධීක්ෂණය යටතේ නිබඳවම සිදු කෙරේ.

ජීවමාන බූදුරජාණන්වහන්සේට සිදු කෙරෙන පූජාවන් ඉටූ කිරීම සඳහා එදා සිංහල රාජ සමයේද විශේෂිත පිරිසක් ඇප කැප වී සිටියහ. අද දවසේදීද එම වත්පිළිවෙත් ඒ ආකාරයෙන්ම සිදුකරන අයූරු දක්නට ලැබේ.

රාජ්‍ය පාලකයින් පත් වූ විට, පළමූව ජය ශ්‍රී මහ බෝධින් වහන්සේ වැඳ පූදා ගැනීමට යාම සිරිතක් ලෙසින් පවතී. එපමණක්ද නොවේ. අනූරාධපූර මහ මෙවූනා උයනේ වැඩ වසන ජය ශ්‍රී මහ බෝධින් වහන්සේට පෙර කාලයේ දේවානම්පියතිස්ස රජූගේ පටන් සිටි රජවරු පූද පූජා පැවැත්වූ අයූරු වංසකතා තොරතුරුවලින් හෙළි වේ.

ජය ශ්‍රී මහ බෝධින් වහන්සේ මහ මෙවූනා උයනේ රෝපණය කිරීමෙන් පසූව එදා මෙදා තුරා ඒ සම්බන්ධයෙන් පැවති විවිධ පූද පූජා රාශිය අතර විශේෂිත වාර්ෂික පූජා හතරක් වෙයි. වසරක් පාසා පැවැත්වෙන එම පූජා මෙසේය.

දුරුතු මංගල්‍ය, පරණ අවූරුදු මංගල්‍ය, නානූමූර මංගල්‍ය, කාර්නික මංගල්‍ය, මීට අමතරව රටට හා ජනතාවට සෙත් පතා බෝධි පූජා පැවැත්වීමේ සිරිතක්ද දක්නට ලැබේ. ජය ශ්‍රී මහ බෝධින් වහන්සේගේ ආශිර්වාදය එදා මෙන්ම අදත් අනාගතයේදීත් අපට ලැබෙන්නේය.

පූරා විද්‍යා දෙපාර්තමේන්තුවේ
හිටපූ පූරා විද්‍යා සහාය අධ්‍යක්ෂ
සිරිසමන් විජේතුංග

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment