නිවසට තිර රෙදි දැමීමට පෙර මෙි ගැනත් සිතන්න


නිවෙස් අලංකාර කිරීමට යොදාගත හැකි බොහෝ අංග ඇත. ඒ අතුරින් නිරතුරු අවශ්‍ය වන අංගයක් ලෙස තිර රෙදි හැඳින්විය හැකිය. දොර සහ ජනේලවල තිර යෙදූ පසූ නිවසක පෙනූම අලංකාරය සම්පූර්ණයෙන්ම වෙනස් වේ. තිර රෙදි භාවිතයේදී දැනූවත් විය යූතු බොහෝ කරුණූ ඇත. යම් ස්ථානයකට තිරයක් දැමීමෙන් අවලක්ෂණක් නොව මනා අලංකාර පෙනූමක් ලබාගත යූතුය. එනම් ඒ ඒ ස්ථානයන්ට ගැලපෙන නිර්මාණයක් කිරීමට නිර්මාණකරුවා අති දකෂයකු විය යූතුයි. අප ඔබට හඳුන්වා දෙන්නේ තිර රෙද්දක් දැමීමට පෙර සැලකිලිමත් විය යූතු කරුණූ කිහිපයක් ගැනය.


ස්ථානය

තිර රෙද්දක් යෙදීමට පෙර එය අවශ්‍ය ස්ථානය පිළිබඳව සැලකිලිමත් විය යූතුයි. නිවසක තිරයක් නම්, විසිත්ත කාමර, නිදන කාමර, කුඩා දරුවන්ගේ කාමර (බේබි කාමර) හා පැන්ට්‍රිය යන ස්ථාන සඳහා වෙන වෙනම ගැලපෙන අයූරින් තිර නිර්මාණය කළ යූතුයි.

වර්ණය

තිර රෙදි සඳහා වර්ණ ගැලපීම ඉතාම වැදගත්ය. තිර රෙද්ද දමන ස්ථානයට ගැලපෙන අයූරින් වර්ණය තෝරා ගත යූතුයි. තිර රෙදිවලට වර්ණය ගැලපීම සඳහා වැදගත් කරුණූ කිහිපයක් ඇත.

තිර රෙද්ද දමන ස්ථානයේ ඉඩ ප්‍රමාණය අඩූ නම් ලා පැහැ වර්ණයන්ද, ඉඩ ප්‍රමාණය වැඩිනම් තද පැහැ වර්ණ ද භාවිත කළ හැකිය.

ඉඩ ප්‍රමාණය අඩූ ස්ථාන සඳහා තනි පැහැ වර්ණයන් භාවිත කිරීමෙන් ඉඩ අවකාශය වැඩි බව පෙන්නූම් කළ හැකිය. තිර රෙදි සැකසීමේදී බිත්තියේ වර්ණය, ගෘහ භාණ්ඩවල වර්ණය, පොළොවේ වර්ණය (ටයිල්) ගැන සැලකිලිමත් විය යූතුය. එම වර්ණයන්ට ගැලපෙන අයූරින් තිර රෙද්දේ වර්ණය තෝරාගත යූතුයි.

නිවසක තිර දැමීමේදී ඇසට වෙහෙස කර බව ලබාදෙන වර්ණ තෝරා ගැනීමෙන් වැලකිය යූතුය. ස්වභාවික වර්ණ මූසූ කිරීමට නිර්මාණ කරුවා දකෂයකු විය යූතුයි. විසිත්ත කාමර සඳහා තනි පැහැ රෙදි වර්ග භාවිත කෙරේ. මූළුතැන්ගෙයි තිර රෙදි ද විසිත්ත කාමරයේ තිර රෙදි නිර්මාණවලට ගැලපෙන අයූරින් නිර්මාණය කළ යූතුයි. බේබි කාමර සඳහා ළමයින්ගේ මෝස්තර සහිත රෙදි (ප්‍රින්ටඩ් රෙදි) භාවිත කරන්න.

ආලෝකය

නිවසක් තුළ හොඳ ආලෝක තත්ත්වයක් පැවැතිය යූතුයි. එයින් එම නිවසේ කල එළිය වැඩිවේ. නිවස තුළට ලැබෙන ආලෝක ප්‍රමාණය හොඳ මටිටමක පවතී නම් තද පැහැ වර්ණ ගැලපිය හැකිය. ඔබ කරන නිර්මාණයෙන් නිවස තුළට ලැබෙන ආලෝකය අවම කිරීමක් නොකළ යූතුය. ආලෝකය අඩූ ස්ථානවලට ලා පැහැ රෙදි පමණක් යොදන්න. එයින් අඳුරු බව අවම කළ හැකිය.

ඉහත දැක්වූ කරුණූ හොඳින් අධ්‍යයනය කරන්න. දැන් ඔබේ නිවසට ගැලපෙන රෙදි වෙළෙඳ පොලෙන් ඔබට තෝරාගත හැකිය.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment