නිතරම රූපවාහිනිය නැරඹීම නිසා පෙනීම අඩූවෙන්න පූළුවන් ද?



අපට ලෝකය දකින්න මහෝපකාරී වන්නේ දෙනෙතයි. ඒහෙයින් එය පරිස්සම් කරගත යූතුය. වෛද්‍ය විද්‍යාව කොතරම් දියූණූ වූවත් ඇසක් අන්ධ වූවහොත් මෙයින් යළි පෙනීම ලබා ගත නොහැකිය.

ඇස, ඇසමෙන් පරිස්සම් කරගත යූතු යැයි අප පවසන්නේ ඒ නිසාය.

ඇස ගෝලාකාරය. එය ඉදිරියෙන් විනිවිද පෙනෙන සූළුය. එම විනිවිද පෙනෙන කොටස අපි කුණිතය ලෙස හඳුන්වන්නෙමූ. කුණීතයට පිටූපසින් ගෝලාකාරව ස්වේත ස්ථරය පිහිටා ඇත. කුණිතය මගින් අප දකින ප්‍රතිබිම්බය දෘෂ්ටි විතානය ඔස්සේ මොළය කරා ගොස් මොළය මගින් එය හඳුනා ගනියි. මේ සඳහා දෘෂ්ටික ස්නායූ මහෝපකාරි වෙයි.

කුණීතයට පිටූපසින් පූර්ව කුටිය පිහිටා ඇත. ඊට පසූ පසින් තාරා මණ්ඩලය පිහිටා ඇත. කුණීතයට අප ඇහේ බබා ලෙසද හඳුන්වන්නට පූරුදුව සිටින්නෙමූ.

ඒ කෙසේ වූවත් කුණීතයට ප්‍රතිබිම්බයක් දෑකීමට නම් ආලෝකය අවශ්‍යයි. එහෙත් අධික ආලෝකය ඇසට එක්වරම දරා ගත නොහැකියි. ඒ බව ඔබටම අත්දැකිය හැකියි.

හොඳින් හිරු එළිය ඇති විටක ඔබ එළිමහනේ යම් කිසි කාර්යයක නිරත වූවහොත් නැත්නම් ගමනක් බිමනක් යද්දී ඇස් කුඩා වෙනවා. එසේ වන්නේ ස්වභාවිකවම ඇස නිර්මාණය වී ඇති ආකාරයට ආලෝකය වැඩි විට ප්‍රතිබිම්බය හඳුනා ගැනීමට අඩූ ආලෝයක් ඇසට ලබාගැනීිමයි. මෙහිදී මූලින්ම ක්‍රියාකාරී වන්නේ ඇස් පිහිටූය. ආලෝකය අඩූ තැනක ඔබ සිටින විට වැඩි ආලෝකයක් (ප්‍රතිබිම්බය හඳුනාගැනීමට ප්‍රමාණවත් තරමේ) ලබා ගැනීමට ඇස ස්වයංක්‍රියාව ක්‍රියාත්මක වේ.

තද හිරු එළිය ඇසට ඔරොත්තු නොදෙන බවට මතයක් තිබූණත් වෛද්‍ය විද්‍යාත්මකව එය තවම ඔප්පූ වී නැහැ. විශේෂයෙන්ම හිරු එළියේ ඇති පාරජම්බූල කිරණ බලපෑම් ඇති කරන බවටත් තද හිරු එළිය අහිතකර බවට තර්ක කරන අය පවසනවා. එසේ පවසන්නට හේතුවක් විය හැක්කේ තදින් හිරු එළිය පතිත වන ප්‍රදේශවල (ශ්‍රී ලංකාවේ පොළොන්නරුව, හම්බන්තොට වැනි ප්‍රදේශ) මැද පෙරදිග රටවල සේවයට ගිය අය තුළින් දකින්නට ලැබෙන ඇස් ආබාධය එවන් ප්‍රදේශවල ජීවත් වන සමහර අයගේ ඇස් වියළි ස්වභාවයක් ගැනීම ඇස්වල මස් දළු ඇති වීම ඇසේ සූද ඇති වීම ආදී ලක්ෂණ මතු වේ. එය උදාහරණ කොට ගෙන හිරු එළිය ඇස්වලට අහිතකර බවට මතයක් ගොඩ නැගී ඇත. එහෙත් අප මූලින් සාකච්ඡා කළ ආකාරයට වෛද්‍ය විද්‍යාත්මකව එය සියයට සියයක්ම ඔප්පූ වී නැත.

විශේෂයෙන්ම වර්තමානයේ ලොකු කුඩා කවූරුත් රූපවාහිනිය නැරඹීමට පූරුදු වී සිටියි. එක අතකින් එය ඇබ්බැහි වීමක් ලෙස හැඳින්වීමද වරදක් නොවේ.

ඒ හේතුව නිසාමදො රූපවාහිනිය නැරඹීම ඇස්වලට බාධා ගෙන දීමට හේතුවක් බවටද සමහරු අදහස් දක්වයි. මෙයද කිසිදු පදනමක් නැති මතයකි. එහෙත් රූපවාහිනිය ඇස් ආබාධ ඇති කරන්නට සමත් නොවූණත් රූපවාහිනිය නැරඹිය යූතු කලාවක් තිබෙනවා. එය අනූගමනය කිරීම යහපත් බව නම් නොකියාම බැරිය. එනම් ඔබ නරඹන රූපවාහිනිය අඟල් 20 ප්‍රමාණයේ තිරයකින් යූතු නම් ඔබ රූපවාහිනියේ සිට අඩි දහයක් පමණ දුරින් සිට නැරඹිය යූතුය. එමෙන්ම ඒ පිළිවත සඳහා ඔබ සතු රූපවාහිනිය වර්ණද කළු සූදු ද යන්න ගැටලුවක් නොවෙයි.

එමෙන්ම සමහර අය පූටූවේ හාන්සි වී නැතහොත් පැත්තකට හැරී නැත්නම් නිදාගෙන රූපවාහිනි නරඹන්නට පූරුදුව සිටියි. එය යහපත් නොවේ.

රූපවාහිනි යන්ත්‍රය ඔබ නරඹන ස්ථානයේ සිට ඇස් මටිටමට තබා ගෙන නැරඹිය යූතුය. එමෙන්ම ඇතැම් අය විදුලි බිල ඉතිරි කිරීමට කියා රූපවාහිනිය නරඹද්දී අඩ අඳුරේ හෝ කළුවරේ සිටීමට පූරුදුව සිටියි. එය යහපත් ක්‍රියාවක් නොවේ. ඒ නිසා ඔබ රූපවාහිනිය නරඹද්දී නිවැරදි ඉරියව්වෙන් සිටීම අතිශයින්ම වැදගත්ය. වැරදි ඉරියව් අනූගමනය ශරීර සෞඛ්‍යයට අහිතකර බව තරයේම මතක තබා ගත යූතුය.

වැඩිහිටි වයසේ පසූවෙන අයට මෙන්ම කුඩා දරුවන්ට ඇස් රෝග ආබාධ තිබිය හැකියි. විශේෂයෙන් කුඩා දරුවන් රූපවාහිනිය අසලටම ගොස් එය නරඹන්නේ නම් වැඩිහිටියන් වහාම දරුවාගේ ඇස්වල පෙනීමේ දුර්වලතාවයක් ඇද්දැයි සොයා බැලිය යූතුය.

දරුවාට ඇස් පෙනීමේ දුර්වලතාවයක් ඇත්නම් උපැස් යූවළක් වෛද්‍ය පරීක්ෂණයක් හා උපදෙස් මත රැගෙන දිය යූතුය. ඇතැම් අයට උපතින්ම වර්ණ අන්ධතා තිිබිය හැකියි. වර්ණ අන්ධතාවය ලෙස අප හඳුන්වන්නේ වර්ණයන් හඳුනා ගැනීමට ඇති නොහැකියාවයි. කොළ රතු කහ හඳුනා ගත්තද එම වර්ණ මිශ්‍ර වී හැදෙන වර්ණ හඳුනා ගැනීමට අපහසූයි.

විශේෂයෙන් වර්ණ රූපවාහිනි තුළ වර්ණ සංකලනය මගින් ප්‍රතිබිම්බ නිර්මාණය වේ. ඒවා හඳුනා ගැනීමට නොහැකිව දරුවා පීඩා විඳිනවා විය හැකියි. එවන් අයකු ඔබ පවූලේ සිටී නම් වහාම වෛද්‍ය උපදෙස් පතන්න.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment