ජංගම දුරකතනය නිතරම භාවිතය නිසා කන ඇසීම අඩූවෙන්න පූළුවන් ද?


ජංගම දුරකතන පාවිච්චිය නිසා ඇසීමේ ආබාධ ඇතිවෙන්නට පූළුවන්ද? මේ ගැන අපි වෛද්‍යවරයෙකුගෙන් අසා දැනගත්තා.
බොහෝ දෙනෙක් කට වචනයට නම් කියනවා මේ ජංගම දුරකතන පාවිච්චිය නිසා ශ්‍රවණ ආබාධ ඇතිවෙනවා කියලා. නමූත් ඒ ගැන විදිමත් පරීකෂණ ගැන වාර්තා නැහැ. එකම එක වාර්තාවක් තියෙනවා ඉන්දියාවේ සිදු කළ පරීක්ෂණයක මේ පරීකෂණය කරලා තියෙන්නේ මිනිසූන් 100 ක් සහභාගි කරගෙන. එහිදී කියන්නේ අවූරුදු 4 හෝ ඊට වැඩි කාලයක් ජංගම දුරකතනය භාවිත කිරීමෙන් යම් ශ්‍රවණ ආබාධයක් ඇති වෙන්නට පූළුවන් කියලා. නමූත් මේක දවසෙන් දෙකෙන් සිදුවෙන දෙයක් නෙමෙයි. සෑහෙන කාලයක් තුළ සිදුවන දෙයක්. අනිත් එක මේ පරීකෂණය සඳහා යොදාගෙන තියෙන නියැදිය බොහෝම අඩූයි. අද ජංගම දුරකතන භාවිත කරන පිරිස මිලියන ගණනක්. එහෙම තියෙද්දී 100 ක් වැනි පිරිසකගෙන් කළ පරිකෂණයක් කොතරම් දුරට සාර්ථකද කියන එක ගැනත් අපි හිතන්න ඕන. මේ පරීකෂණය හැර වෙනත් කිසිම පරීකෂණයක් ගැන වාර්තා නැහැ.

නමූත් හෙඩ්ෆෝන්ස් වගේ දේ භාවිත කරමින් වීඩියෝ ක්‍රීඩා කිරීම් ආදී දෙයින් යම් හානියක් වනවා. අවූ. 10 ක් පමණ වන දරුවෙක් මේ හෙඩ් ෆෝන් පාවිච්චි කළොත් අවූ. 30 ක් පමණ වනවිට ඇසීමට හානිවෙන්න පූළුවන්. ඒ වගේම බොහෝ කාලයක් සංගීත කණ්ඩායම්වලට සම්බන්ධව සිටි අයත් ඇසීමේ දුර්වලතා සහිතව අපි ළඟට ඇවිත් තියෙනවා.

ඒ වගේම කම්හල්වල සේවය කරන අයටත් මේ ප්‍රශ්නය ඇතිවෙන්න පූළුවන්. තමාට වඩා අඩි 6 ක් දුරින් ඉන්න කෙනෙකුට අපට සාමාන්‍ය ක්‍රමයට කතා කරලා අවධානය ගන්න පූළුවන්. නමූත් එයාට කෑ ගහලා කතා කරන්න වෙන්නේ. එම ස්ථානයේ පරිසරය අධික ශබ්දයෙන් යූතු නිසයි. එවැනි තැනක සේවය කරන හෝ වැඩි කාලයක් ගත කරන කෙනෙකුට ශ්‍රවණ ආබාධ ඇතිවීමේ ඉඩක් තිබෙනවා

අපි දැකලා තියෙනවා අධික ශබ්දයෙන් යූතුව රූපවාහිනිය හෝ ගුවන් විදුලිය ක්‍රියාත්මක කරගෙන සවන් දෙන පිරිස. අධික ශබ්දය නිසා අපට ආශ්වාදයක් ලබන්න බෑනේ.කෙනෙක් එසේ අසනවා නම් ඒ අසන කෙනාට ඇසීමේ ආබාධයක් තිබෙන්නට පූළුවන්.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment