විදුලිය වැඩිපූර වැයවෙන්නේ සීලිං විදුලි පංකාවටද නැතිනම් මේස විදුලි පංකාවට ද?




අද අපි රූපවාහිනිය පිළිබඳ බලමූ. රූපවාහිනිය දුරස්ථ පාලකයක් මගින් නොව රූපවාහිනියේ ඇති ස්විචය මගින්ම පමණක් ක්‍රියා විරහිත කරන්න. එසේ නොකර දුරස්ථ පාලකය මගින් පමණක් ක්‍රියා විරහිත කර තැබීම මගින් වර්ණ රූපවාහිනි සඳහා වොටි 18 ඃ 25 අතර ප්‍රමාණයක විදුලිය ප්‍රමාණයක් වැය වන බව අමතක නොකරන්න.

බොහෝ විට නිවසේ රූපවාහිනිය නරඹන අවස්ථාවේදී නිවසේ සාමාජිකයන් හැමෝම වගේ රූපවාහිනිය තිබෙන කාමරයට රැස් වෙනවා ඇත. එවැනි අවස්ථාවක නිවසේ අනිකුත් විදුලි බූබූළු නිවා දෑමීමට පූළුවන. එමගින් ඉතිරි කර ගත හැකි විදුලිය ප්‍රමාණයද බොහොයි.

විදුලි පංකා පිළිබඳ කතා බහ කිරීමේදී ඒ පිළිබඳ නොදන්නාකම නිසාවෙන් වැඩිපූර විදුලිය වැය කර ගන්නා අවස්ථාවක් ලෙස සීලිං විදුලි පංකාව පෙන්වා දීමට පූළුවන. සීලිං විදුලි පංකාවට මේසය මත තබන විදුලි පංකාවට වඩා වැය වන විදුලිය ප්‍රමාණය බොහෝම වැඩියි. ඒ නිසා හැම විටම මේසය මත තබන විදුලි පංකාවක් භාවිත කිරීම ඔබට වාසිදායක වනූ ඇත.

සීලිං විදුලි පංකාවක් සඳහා සාමාන්‍යයෙන් වොටි 75 පමණ වැයවේ. නමූත් මේසය මත තබන හෝ සිටූවා තබන විදුලි පංකාවකට වැය වන්නේ වොටි 40 විදුලියකි. එම නිසා අත්‍යවශ්‍යම තැනක හැරෙන්නට සීලිං විදුලි පංකාවක් භාවිත නොකිරීමට වගබලා ගැනීම ඔබේ විදුලි බිල්පතට සහනයකි.

උදාහරණයක් ලෙස සීලිං විදුලි පංකාවක් දිනකට පැය 10 ක් භාවිත කරන නිවසක මාසයට

75 x 10 x 30 / 1000

22.5 කත වැය වේ.

සිටූවා තබන විදුලි පංකාවකට එම කාලයට වැය වන්නේ

75 x10 x 30 / 1000

12 kw  කි.

දෑන් ඔබට මෙහි වෙනස වැටහෙනවා නේද?

බොහෝ කාර්යාලවල සීලිං විදුලි පංකා ක්‍රියාත්මක වෙනූ දක්නට ලැබේ. නිකරුණේ ඒවා කරකැවෙන අවස්ථාවලද අඩූවක් නැත. මේ අනූව කෙතරම් විදුලිය ප්‍රමාණයක් නිකරුණේ වැය වෙනවාදෑයි දෑන් ඔබට වැටහෙනවා නේද?

දෑන් අපි ගේටිටූ පහන් පිළිබඳව බලමූ.

ගේටිටූ පහන් සඳහා වැඩි විදුලි බලයක් වැය වන විදුලි බූබූළු භාවිතය සූදුසූ නැත. හොඳම ක්‍රමය කතඛ යෙදීමයි. මූලික වියදම වැඩි වූවද එය දීර්ඝකාලීනව ලාබ ලබාදෙන්නකි.

5w  CFL යෙදීමෙන් 25w දීප්තියක්ද

7w CFL 40w

11w CFL 60w

15w CFL 75w

20w CFL 100w දීප්තියක්ද ලබා ගත හැක.

ඉහත දත්තයන් අනූව ඔබට සරිලන කතඛ බල්බ භාවිත කර ඔබේ විදුලි බිල්පත අඩූ කර ගැනීමට උත්සාහ කරන්න.

වායූ සමීකරණ භාවිතයේදී

වායූ සමනය කරන ලද කාමරයේ දොර ජනෙල් හොඳින් වැසී තිබේදෑයි බලන්න. හිරු රැස් කෙළින්ම කාමරයට පතිත වීම වැළැක්වීම සඳහා කාමරය අවට ගස්කොළන් වැවීමට වග බලාගන්න.

කෙළින්ම හිරු රැස් කාමරයට පතිතවන්නේ නම් ජනේල මත පටල ඇලවීම කළ හැකිය.

නැගෙනහිරට සහ බටහිරට කෙළින්ම මූහූණලා ඇති ජනේල පිටතින් ආවරණය කරන්න.

වායූසමීකරණය කළ කාමරය තුළ කේතල ඡායා පිටපත් යන්ත්‍ර වැනි තාපය මූදා හරින විදුලි උපකරණ භාවිතයෙන් වැළකිය යූතුය.

වායූ සමීකරණ යන්ත්‍රයක අප රටට සූදුසූ අගයවන්නේ 26ඡ අගය වන අතර එලෙසින් උෂ්ණත්වය සකසා තබා ගැනීමට වග බලා ගන්න.

වායූ සමන යන්ත්‍රයේ ධාරාවට බාධා ඇතිවන ලෙසින් භාණ්ඩ අසූරාතැබීම කිසි සේත්ම සූදුසූ නැත.

තවද එහි නඩත්තුව නිසියාකාරව කිරීමට වගබලා ගන්න. භූමි වර්ගඵලයට සරිලන ලෙසින් වායූ සමීකරණ යන්ත්‍ර මිලදී ගත යූතු අතර විශාල වර්ගඵලයකට කුඩා වායූ සමීකරණ සවි කිරීමෙන් එය නොනවත්වා දිගටම ක්‍රියාත්මක වේ. ඉන් විදුලිය නාස්තියක් ද සිදුවේ.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment