ලක් කතුන් පිහිටූවා ඇති වාර්තා

දේශපාලන, අධිකරණ, අධ්‍යාපන, පරිපාලන, පොලිස්, සාහිත්‍ය, චිත්‍රපට, ක්‍රීඩා ආදී ක්ෂේත්‍රයන්හි වාර්තා පිහිට වූ ලාංකික කාන්තාවන් රැසක් සිටින අතර පහත සඳහන් වන්නේ ඔවූන් පිළිබඳ විස්තරයකි.


සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය

අගමැති ධූරයට පත් ලෝකයේ ප්‍රථම කාන්තාව මෙන්ම ලංකාවේ ප්‍රථම විපකෂ නායිකාවද වූවාය.

මීට වසර 48 කට පෙර 1960 ජූලි 21 වැනිදා අගමැති ධූරයට පත්වීමත් සමගම, ලෝකයේ ප්‍රථම අගමැතිනිය වශයෙන් එතුමියගේ නම ගිනස් වාර්තා පොතට ඇතුළත් විය.

සිය සැමියා අගමැතිවරයකු බවටත්, දියණිය ප්‍රථම මහ ඇමතිනිය, අගමැතිනියක් හා ප්‍රථම විධායක ජනාධිපතිනිය බවටත්, පූතා කතානායකවරයකු බවටත් පත්වනූ දැක බලා ගැනීමට හැකිවීමද මැතිනියගේ වාර්තාවකි.

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය

මැතිනියගේ බාල දියණිය වන ඇය ලංකාවේ ප්‍රථම මහ ඇමැතිනිය (බස්නාහිර පළාත) හා ප්‍රථම විධායක ජනාධිපතිනියද වූවාය. දකුණූ ආසියාවේ ප්‍රථම ජනාධිපතිනිය වූයේද ඇයයි. ඇය අගමැති පදවියේද කෙටි කලක් කටයූතු කොට ඇත.

ලෝකයේ ප්‍රථම අගමැතිනිය බවට පත්ව ගිනස් වාර්තාවක් පිහිටූවා තිබූණූ සිය මෑණියන්, අගමැතිනිය වශයෙන් යළිත් වරක් තමන් ඉදිරියේ දිවූරුම් දීම, චන්ද්‍රිකා ජනාධිපතිනියව සිටියදී පිහිටවූ වාර්තාවක් හැටියට සැලකිය හැකිය.

ං ප්‍රථම පාර්ලිමේන්තු මන්ත්‍රිනිය ඇඩ්ලින් මොලමූරේ ආර්යාව

ං ප්‍රථම ඇමතිනිය ඃ විමලා විජේවර්ධන මහත්මිය

ං ප්‍රථම මූස්ලිම් ඇමතිනිය ඃ ෆේරියල් අෂ්රෆ් මහත්මිය.

ං ගවූමකින් සැරසී පාර්ලිමේන්තුවට පැමිණි මූල්ම මන්ත්‍රිනිය ඃ ශ්‍රීමනී ඇතුලත්මූදලි මහත්මිය (1996 අගොස්තු 22)

ං ලංකාවද ඇතුළු ආසියාවේ ප්‍රථම පාර්ලිමේන්තු මහ ලේකම්වරිය ඃ ප්‍රියානි විජේසේකර මහත්මිය.

ං ප්‍රථම පළාත් ආණ්ඩූකාරවරිය ඃ කුමාරි බාලසූරිය මහත්මිය.

ං ප්‍රථම නගරාධිපතිනිය ඃ ආර්. ඇස්. තෙන්නකෝන් මහත්මිය.

ං ප්‍රථම ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරතුමිය ඃ මහාචාර්ය ශිරාණි බණ්ඩාරනායක.

ං ප්‍රථම අභියාධිකරණ විනිශ්චයකාරතුමිය ඃ ශිරාණි තිලකවර්ධන මහත්මිය.

ං ප්‍රථම මහාධිකරණ විනිශ්චයකාරතුමිය ඃ චන්ද්‍රා ඒකනායක මහත්මිය.

ං ප්‍රථම ද්‍රවිඩ විනිශ්චයකාරතුමිය ඃ ඇස්. අරුචූනා මහත්මිය.

ං මහාධිකරණයේ ඝෝෂක තනතුරට පත් ප්‍රථම කාන්තාව ඃ ඇම්. නිමලාවතී පෙරේරා මහත්මිය.

ං ප්‍රථම උපකුලපතිනිය ඃ මහාචාර්ය සාවිත්‍රී ගුණසේකර .

ං ප්‍රථම දිසාපතිනිය ඃ රන්මැණිකේ ගුණතිලක මහත්මිය.

ං ප්‍රථම ගෘහ නිර්මාණ ශිල්පිනිය ඃ මිනටි ද සිල්වා මහත්මිය.

ං ප්‍රථම නොතාරිස්වරිය ඃ ඇල්. ඇලිස් විජේසිංහ මහත්මිය.

ං බන්ධනාගාර ප්‍රථම ජේලර්වරිය ඃ ඇස්. ජී. ශ්‍රීමා හේරත් මහත්මිය.

ං ප්‍රථම පොලිස් කොස්තාපල්වරිය ඃ හේමා ගුණවර්ධන මහත්මිය.

ං ප්‍රථම සැරයන්වරිය, උප පොලිස් පරීකෂකවරිය, ප්‍රධාන පොලිස් පරීකෂකවරිය, සහකාර පොලිස් අධිකාරිවරිය හා පොලිස් අධිකාරිවරිය, ප්‍රෙමිලා දිවාකර මහත්මිය.

ං සාහිත්‍ය ත්‍යාගයක් ලද ප්‍රථම ලේඛිකාව ඃ අනූල ද සිල්වා මහත්මිය.

ං ඉංග්‍රීසි බසින් නවකතාවක් ලියූ ප්‍රථම ලේඛිකාව ඃ රොසලින්ඩ් මෙන්ඩිස් මහත්මිය.

ංප්‍රථම චිත්‍රපටි නිළිය ඃ රුක්මණී දේවි මහත්මිය.

ං ගුවන් විදුලියෙන් ගීතයක් ගැයූ ප්‍රථම ගායිකාව ඃ කෝකිල දේවී වීරතුංග මහත්මිය.

ං තමන්ගේ වෙබ් අඩවියක් සකසා ගත් ප්‍රථම කලාකාරිය ඃ යශෝධා විමලධර්ම මහත්මිය.

ං මැනිලා නූවර පැවති ලෝක චෙස් ඔලිම්පික් තරඟයෙන් රන් පදක්කමක් දිනූ ක්‍රීඩිකාව ඃ සූනීතා විජේසූරිය මෙනවිය.

ං ආසියානූ පදක්කමක් දිනූ ප්‍රථම ක්‍රීඩිකාව ඃ නිර්මලී දිසානායක මෙනවිය.

ං ඔලිම්පික් පදක්කමක් දිනූ ප්‍රථම ක්‍රීඩිකාව ඃ සූසන්තිකා ජයසිංහ මහත්මිය

ං ජපන් අධිරාජයාගෙන් සම්මානයක් දිනාගත් ප්‍රථම කාන්තාව ඃ මහාචාර්ය කුසූමා කරුණාරත්න.




Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment