කිරි කැටි බිළිඳාට රන් කිරි කට ගෑම සහ හිරු දෑක්වීමේ චාරිත්‍ර


පාදුක්කේ විජයසිරි විද්‍යාරත්න


දරුවෙකු කියන්නේ විවාහ පත්වන යූවළකගේ එකම සිහිනය. නැතිනම් සම්පත. දහසක් පැතුම් පොදි බැඳගෙන ජීවත්වන යූවළකට දරුවෙකු එක් වූ විට ඔවූන් හැමදෙයක්ම වඩාත් නිවැරදිව ජ්‍යොතිෂ්‍යයට අනූව කරන්නට සූදානම් වන්නේද දරුවාට ඇති අසීමිත ආදරය නිසාය. දරු උපතත් සමග මූලින්ම සිදුවන

රන් කිරි කට ගෑම ගැන අවධානය යොමූ කරමූ. ගලගා ගත් රත්රන් බිඳක් මවගේ තනයෙන් දොවාගත් කිරි ස්වල්පයකට මූසූ කොට පිරිසිදු පාන් වාටියකින් හෝ පූළුන් රෙද්දකින් හෝ දෙතොළග තෙමීම රන් කිරි කටගෑම යයි කියනූ ලැබේ.

අද මෙන් නොව එදා බොහෝ දරු උපත් සිදුවූයේ නිවසේදී නිසා රන් කිරි කටගෑමේ චාරිත්‍රය ඉතාමත් හොඳින් ඉටූ කළා. නමූත් අද දරුවන් රෝහල්වල ඉපදුනත් මෙම චාරිත්‍රය ඉටූ කරන්නට වැඩිහිටියන් කටයූතු කරයි.

මවූ කුසින් මෙලොවට බිහි වන දරුවා දොරට වැඩීමේ චාරිත්‍රය හිරු දෑක්වීම වේ. ජ්‍යොතිෂ්‍යයට අනූව ප්‍රධාන ග්‍රහයා රවි වේ.

සූර්යා හෙවත් රවි අපගේ ජීවයයි. ලෝකයට ප්‍රාණය සපයන්නා ලෙස හඳුන්වන්නේද රවි ග්‍රහයා වේ.

ජීවිතයේ පළල් බව රජයනූයේ ද සූර්යයා ය. ආනූභාවය හිමි කරවන්නේ ද ඔහූය. ජීවිතයට සම්බන්ධ ආධ්‍යාත්මික මානසික මෙන්ම ආත්ම බලයත් ආකර්ෂණ බලයත් කෙරෙහි හිරු බලපායි. ප්‍රාණවත්කම සහ රෝග මැඩලීමේ ශක්තිය ද ඔහූගේ දායාදයන්ය.

දහවල් කාලයේ උපදින දරුවන් බලවත් බවට පත් කිරීමද හිරුගේ තවත් කාර්යයකි.

දරුවාට හිරු දෑක්වීම සඳහා හිරු දෑක්වීම නොහොත් දරුවා ගෙතුළින් එළියට ගැනීම ජීවිතය ප්‍රබල නවෝදයක් කෙරෙහි යොමූ කරවීමක් බව හිරුගේ ක්‍රියාවලිය ගැනත් බලය ගැනත් දන්නා අපේ වැඩිහිටි පරම්පරාව සහ මූතුන්මිත්තන්ගේ ද අදහස වූ බව පැරණි පොත පතේද සඳහන් වේ.

ඉන් පසූව දරුවා ඉපදී මාස තුනක් ඉකුත්වීමෙන් පසූව දරුවා පන්සල වෙත රැගෙන යාම අපේ සිරිත වේ. එය දරුවා මූලින්ම ගෙදරින් පිටත්ව යන මංගල අවස්ථාවය. එහිදී දරුවාට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයේ හිමිකර දීමක්ද සිදු කරයි.

බෞද්ධාගමික නොවන අය වූවද ප්‍රථමයෙන්ම දරුවා ස්වකීය ආගමික දේවස්ථානය වෙත හෝ කෝවිල වෙත හෝ ගෙන යන බවද සඳහන් වේ. දෙමව්පියන් බලාපොරොත්තු වන්නේ දරුවා ආගමික හැඩගැස්වීමකට අනූව හදා වඩා ගැනීමයි.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment