එදිනෙදා ජීවිතයේදි පිරිමින් මංගල මූදුව පළඳන්න අකමැති ඇයි?

අපේ වැනි පෙරදිග සමාජ ක්‍රමයේත් බටහිර සමාජ ක්‍රමයේත් යම් කෙනෙකු විවාහක බව හඟවන එක් සංකේතයක් ලෙස මංගල මූද්ද හඳුන්වාදිය හැකියි. පෙරදිග චාරිත්‍ර ක්‍රම තුළ පිහිටමින් විවාහ මංගල උත්සවයක දී මූල් තැන ලා සැලකෙන පෝරුව මතදී හූවමාරු කරමින් පැළඳ ගන්නා මංගල මූදුව ජීවිතාන්තය දක්වාම රැකගත යූතු වස්තුවක් ලෙසයි සලකන්නේ.
 

නමූත් නූතන සමාජය තුළ විවාහක කාන්තාව තමන් විවාහක බව ඇඟවීමේ සංකේතයක් ලෙස මංගල මූදුව තම ඇඟිලි තුළ සිර කළත් විවාහක පිරිමි පාර්ශ්වය මංගල මූදුව පැළඳීමෙන් ඈත්වන ආකාරය පෙනෙන්නට තිබේ. ඇත්තටම මෙම තත්ත්වය කුමක්ද යන්න හරිහැටි අවබෝධයක් ලබාගැනීම වැදගත්ය.


මෙම තත්ත්වයට විවිධ කාරණාවන් බලපාන්න පූළුවන්. මූද්ද කියන දෙය විවාහයේ සංකේතයක් ලෙස හඳුන්වන්න පූළුවන්. මොකද මිනිසූන් තම එදිනෙදා ජීවිතය තුළ සංකේත පාවිච්චි කරනවානේ විවිධාකාරයෙන්. අපේ රටෙි විවාහ සංකේතයක් ලෙස මූද්දක් පාවිච්චි කලත් ටිබෙටි රටෙි වගේ ගෝත්‍රික සමාජවල විවාහ වූ කාන්තාවක් තම ස්වාමිපූරුෂයාගේ නළලේ තමන්ගේ නම කොටනවා. නක්්‍යශාන් කියලා ගෝත්‍රයක් තියෙනවා එම ගෝත්‍රයේ අය. එහෙමයි විවාහක බව හඟවන්නේ එතනදී එම ගෝත්‍රය හදන්නේ එම ස්වාමිපූරුෂයා එම කාන්තාවට පමණක් අයත් කියලා සමාජය තුළ පෙන්වා දෙන්න. ඒ වගේ දෙයක් තමයි පෙරදිග සමාජ ක්‍රමවලදී කරන මූද්ද පැළදීම තුළින් සිදුවෙන්නේ. නමූත් මූද්දක් පැළඳීමෙන් කාගේ හෝ අයිතිය හැඟවීමක් පමණක් නොවෙයි සිද්ධ වෙන්නේ. ඊට වඩා ගැඹූරු දේ එතන තියෙන බව අපට පිළිගන්නට වෙනවා.


යම්කෙනකුු මූද්ද ඉවත්කරනවා කියන එක මා දකින්නේ කාරණා කිහිපයක ප්‍රතිඵල වශයෙන්. සමහරු තමන් විවාහක පූද්ගලයෙක් ලෙස සමාජයට හඳුන්වාදෙන්නට අකැමතියි. සමහරවිට ඔහූ සමාජය තුළ කටයූතු කරගෙන යාමේදී එම පූද්ගලයා ගැවසෙන කණ්ඩායම් අතර හෝ ඔහූ විවාහක යැයි හැඟවීමෙන් ඇති ජනප්‍රියතාව අඩූවේදෑයි සිතන්නට පූළුවන්. එහෙමත් නැත්නම් ඔහූට ගොඩනැඟුණූ ප්‍රතිරූපයට බාධාවක් වේයැයි සිතන්නත් පූළුවන්. ඔහූ සමාජය තුළ අවිවාහක ලෙසින් හැඟවීමෙන් ඇතැම්විට ආර්ථික වාසි, සමාජ වාසි, බලාපොරොත්තු වන පූද්ගලයෙක්ද විය හැකියි. මේ එක් පැත්තක් පමණයි. තවත් පැත්තක් තියෙනවා.


ලංකාවේ අද වන විට ගොඩනැගිලා තිබෙන සමාජ විපර්යාස අනූව මධ්‍යම සහ සාමාන්‍ය පාන්තික විවාහවලදී බාහිර සම්බන්ධතා ගොඩ නැගෙනවා වැඩියි. විවාහය තුළදී බාහිර සම්බන්ධතා ගොඩ නැගෙනවා වැඩියි කියන්නේ තමා විවාහක බව පෙන්වීම ගැටලුවක් වෙනවා. එම නිසා මූද්ද නොපළඳා ඉන්න පූළුවනි. මෙතනදී අපි කියන්නේ නැහැ විවාහයෙන් පස්සේ මූද්ද නොපළඳින සියලුම පිරිමි තමන්ගේ නීත්‍යානූකූල විවාහය සමාජයට වසන් කිරීමේ කාරණාවට සම්බන්ධයි කියලා. නමූත් එහෙම කොටසකුත් සමාජයේ ඉන්න ඉඩ කඩ තියෙනවා. මෙතනදී එවැනි පිරිමින් තමන්ගේ පවූලෙන් බාහිරව වෙනත් සම්බන්ධතා පවත්වාගෙන යාම තුළ විවාහක බව වසන් කරගන්නට ගන්නා උත්සාහයක ප්‍රතිඵලය ලෙස මූද්ද නොපැළඳීම හඳුන්වන්නට පූළුවන්. අවිවාහක තරුණියක් සමග තම ප්‍රේම සම්බන්ධතාව පවත්වාගෙන යන අවස්ථාවක තමන්ගේ මංගල මූද්ද අතේ නොපැළඳීම වාසියක් ලෙස පාවිච්චි කරනවා විය හැකියි.


අපේ රට තවමත් දුප්පත්කම වැඩි රටක ලෙසයි සලකන්නේ. එම නිසා රන් රිදී වැනි වටිනා භාණ්ඩ උකස් කරනවා වැඩියි. බඩූ උකස් කිරීම දුප්පත් සංස්කෘතියේ මූලික ලකෂණයක්. එම නිසා විවාහවීමත් සමග පැන නඟින ආර්ථික දුෂ්කරතා නිසාත් විවාහක පිරිමින්ගේ පමණක් නොවෙයි විවාහක කාන්තාවන්ගේ අතේ ඇඟිලිවලට පවා මංගල මූදුව නොමැති වෙන්න පූළුවනි. මෙයට ලංකාවේ රාජ්‍ය බැංකු සහ පූද්ගලික බැංකු රන් භාණ්ඩ උකස් ගැනීම සම්බන්ධයෙන් යෙදිලා ඉන්න තරඟයත් හේතුවෙන්න පූළුවන්. මෙය ගැඹූරු පැත්තක් වෙනවා.


නමූත් කාන්තාව තමන්ගේ මංගල මූද්ද පළදාගෙන ඉන්න කැමතියි. මොකද කාන්තාව තමන් විවාහක බව පෙන්වීමට අකමැත්තක් නෑ. මංගල මූදුව තමන්ගේ විවාහයේ හොඳ සංකේතයක් විදිහට කාන්තාව සලකනවා. නමූත් පිරිමින්ගේ මානසිකත්වය ඊට හාත්පසින්ම වෙනස්. සාමාන්‍යයෙන් විවාහයක දික්කසාදය කියන තැනකදී ලෝකයේ ඕනෑම තැනකදී වැඩිපූරම ඉවත්වෙන්නේ පිරිමියා. කාන්තාව ඉවත් නොවනවා නෙවෙයි, නමූත් ඉවත්වීම ඉතාම අඩූවෙන් වෙන්නේ.


දෑන් ලෝකයේ බැලුවොත් අම්මා මූල්කරගත් පවූල් ලෝකයේ ඉතිරි වෙලා ඉන්නවා මිසක් තාත්තා මූල්කරගත් පවූල් ලෝකයේ ඉතිරිවෙලා නැහැනේ. මේකට හේතුවක් තියෙනවා. කාන්තාව තමන්ගේ සම්බන්ධතාවලට දක්වන ලෙන්ගතුබව වැඩියි. පිරිමින් තමන්ගේ සම්බන්ධතා කෙරෙහි දක්වන ලෙංගතුබව අඩූයි. මූද්ද පිළිබඳව ගත්තොත් තමන්ගේ සම්බන්ධතාව සංකේතවත් කරන මූද්ද කියන සංකේතය පිළිබඳව පිරිමින් තුළ තියෙන ආකල්පය ඉතාමත් අඩූයි.


තවත් දෙයක් තමයි කාන්තාව හිතනවා තමන් පළඳා ඇති මූද්දෙන් තමන්ට ආරකෂාවක් ලැබෙනවා කියලා. ඒ වගේම සමාජ ගෞරවයත් ඇයට ලැබෙනවා කියලා හිතනවා. මෙය ගැහැනූකමේ ප්‍රතිඵලයක්නේ. කාන්තාවක් ගැන සමාජ විද්‍යාව තුළ කතා කිරීමේදී නිතරම දරන ආකල්පයක් තමයි ඇය සමාජය තුළ සූරකෂිත වියයූතු බව. එම නිසා කාන්තාවකට මංගල මූද්ද කියන කාරණාව ආභරණයක් පමණක් නොවෙයි ආරකෂක මෙවලමක් ලෙසත් භාවිත කරන්න පූළුවනි.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment